

එන්න මා සමග ලෝකය දකින්නට
Let me show you a world you have never seen.
රොහාන් ඩිරෙක්ස් Rokhan Direkz
හතීන්
හතීන් ඛේදවාචකය KHATYN Massacre
20 වන සියවසේ දුක්මුසුම සිද්ධිය
ළඟදීම
සංචාර ප්‍රකාශන
මේ ස්ථාන වලින් මිලදී ගත හැක.
Surasa - Sooriya - Dayawansa - Maradana
Sadeepa - Samudra - Borella
Sarasavi All Outlets & Leading Other Book Shops Islandwide.
&
P & P Associates - Rajagiriya
ගොඩගේ පොත් ප්‍රකාශකයෝ
දයාවංශ ජයකොඩි පොත් ප්‍රකාශකයෝ
සුරිය පොත් ප්‍රකාශකයෝ
සුරස පොත් ප්‍රකාශකයෝ
සදීපා පොත් ප්‍රකාශකයෝ
රත්න පොත් ප්‍රකාශකයෝ
සරසවි පොත් ප්‍රකාශකයෝ
NEW
මේ ගම්මානයේත් තිබුනේ අනික් ගම්මාන වල වගේ සාමාන්‍ය ජීවිතයක්. ජීවත් වුනේ සාමාන්‍ය ගැමිජනතාව ඒ අයත් ආදරය කරන්න ඇති හොඳින් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන්න ඇති
හරියට අපේ රටේ ගම්මාන වල වගේ. එක දිනයකදී ඒ සියල්ලම සුන්නත්දුලි වෙලා ගියා..>>>>
බොහෝ පුද්ගලයින් පවසන්නේ අපි ජීවත් වන්නේ කොමියුනිස්ට් රාජ්‍යයක උච්චතම ස්ථානයක කියා. කියුබාවට පැමිණෙන සංචාරකයින්, රාජ්‍ය නියෝජිතයින් සෑම විටම නවාතැන් ගන්නේ ඔවුන් වෙනුවෙන් සුදානම් කර තිබෙන හෝටල් වල. මෙවැනි කියුබාවක් ගැන ඔබ අසා තිබෙනවාද >>>>
As seen in


This is my story.
මම අසාමාන්‍ය සංචාරකයෙක්. මම හැමදාම ගමන් කලේ සාම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව. මම ගමන් කලේ මා විසින්ම සකසා ගත් මාර්ග වල. ඒ හැම සංචාරයක්ම ගවේශනයක් වුනා. රැකියාවද නැත්නම් සංචාරයද ? එකක් තෝරා ගන්නට මට සිදුවුනා. නමුත් අවසානයේදී සංචාරය රැකියාව බවට පත් කර ගන්නට මට හැකිවුනා. කොංගෝ, සුඩාන්, කෙන්යාව , ඉතියෝපියාව, රුවන්ඩාව, උගන්ඩාව, බුරුන්ඩි, ටැන්සානියාව, බුර්කිනා ෆාසෝ, නයිජීරියාව - මේ සංචාර අත්දැකීම් සහිත දුර්ලභ ගවේශනාත්මක සංචාර බවට පත්වුනා.
කියුබාව, බොලීවියාව, පේරු, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, මෙක්සිකෝව. මම ජීවිතයේ සදාකාලිකව ආදරය කල රටවල්. මේ මාගේ අන්තර්ජාලයේ වෙබ් අඩවිය. සමහර විට මේ රටවල වලට ඔබත් සංචාරය කරන්න ඇති. නමුත් මම ඔබට පෙන්වන්නම් ඔබ කිසිම දිනෙක නොදුටු ආකාරයෙන් ඒ රටවල්. එන්න මාත් සමග එක්වන්න අන්තර් ජාලය හරහා ඒ ඔබ නොදුටු ලෝකයට ගමන් කරන්න.
Rokhan Direkz රොහාන් ඩිරෙක්ස්
උගන්ඩා ඉතිහාසය අඳුරුයි. ඛේධජනකයි. නමුත් වර්තමානයේද ආලෝකය නම් පෙනන තෙක් මානයේ නැති බවයි මා සමග කතා බස් කල උගන්ඩා වැසියන් පැවසුවේ. රජයේ දේපල ගසා කෑම, වංචා දුෂණ, අද උගන්ඩාවටද ප්‍රබල ප්‍රශ්නයක් වෙලා. උගන්ඩාවත් ලංකාවත් අතර ඇති වෙනස වටහා ගන්නට .......>>>>

මා හට නොතේරෙන එකම කරුණ නම් ඇයි විසි වන සිය වස මේ පිළිකුල් ම්ලේච්ඡත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අසමත් වුනේ යන්නත් එමෙන්ම අපි මේ අමිහිරි අතීතය ලෙහෙසියෙන් අමතක කල යුතුද යන්නත්.
20 වන සිය වැසේ දැවැන්ත පිටුවහල් කිරීම.
සත්‍ය කතාවක්.......>>>>
පුෂ්කින්ට ආදරය කරන ජනතාවක් සිටින රුසියාවට අද දෙවන පුෂ්කින් කෙනෙක් අවශ්‍යයි.

ලොව හමුදාවන් අතර පමණක් නෙවෙයි ත්රස්තවාදීන් අතරත් ප්‍රසිද්ධම ආයුධය තමයි AK-47. මේ ආයුධයේ ඉතිහාසය සොයා ගිය ගමනක්. රුසියාවේ යුරල් කඳුවැටි අසල කුඩා නගරයක එක ස්ථානයක් අද ලෝකයේම අවධානයට යොමු වී තිබෙනවා. AK-47 නිර්මාතෘවරුන් සමග අමතක නොවන අත්දැකීමක්. ළඟදීම.....
ජීවිතයේ එක වරක් පමණක් ලබා ගත හැකි ඇදහිය නොහැකි අත්දැකීමක්.ලොව ශීතම ස්ථානයට ගමනක්. මේ සඳහා අවම වශයෙන් මාස කිහිපයක පෙරහුරුවක් අවශ්‍යයි. ඒ වගේම බොහෝ කැමරා ආම්පන්න මේ ස්ථාන වලදී ක්‍රියා විරහිත වේවි. ඒ අධික සීතල නිසා. මෙය නම් මාගේ සංචාර ජීවිතයේදී ලබන දරුණුතම අත්දැකීම වනවා නියතයි.