top of page



ලොව සාම්ප්‍රදායික සහ සංස්කෘතික වටිනාකමක් ඇති ප්‍රතිමා වලට අමතරව මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද නිදහස් සිතුවිලි ආරයෙන් එනම් කිසිම සීමාවකින් කොටුනොවී ඉදි කරන ලද ප්‍රතිමා විශාල ප්‍රමාණයක්ද දක්නට ඇත. මේ දැක්වෙන්නේ එවැනි ආකාරයට නිර්මාණය වී ඇති ප්‍රතිමා කිහිපයක විස්තරයි.
1. ප්‍රංශයේ මර්සෙල් නගරයේ ඇති සංචාරකයා නමින් හැඳින්වෙන ප්‍රතිමාව - මෙය ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියෙක් වන බ්රුනෝ කටලානෝ Bruno Catalano ගේ විශිෂ්ට නිර්මාණයකි.
Я заголовок. Дважды кликните по мне!

2. මුස්ටංගි ලස් කොලිනාසා - ටෙක්සාස් ප්‍රාන්තය - ඇමෙරිකාව. අශ්වයින් රැලක් සහිත ලොව විශාලතම ප්‍රතිමාව මෙය වේ. අශ්වයන්ගේ ප්‍රමාණය සජීවී අශ්වයෙකුගේ ප්‍රමාණයෙන් 1.5ක් පමණ විශාල වන අතර ප්‍රතිමාවට යාබදව ඇති විශාල ගොඩනැගිල්ල නිසා අශ්වයන්ගේ විශාලබව එතරම් නොපෙනේ.

3. කාන්තා අත් බෑගය නමැති ප්‍රතිමාව - ඉතාලිය

4. රුසියාවේ ක්‍රස්නොයාර්ස්ක් නගරයේ පිහිටා ඇති පරිගණක නිර්මාණ ශිල්පියෙකුගේ මේසය නමැති ප්‍රතිමාව

5. ස්වීඩන් ජාතික කාර්ල් ෆ්රෙඩ්රික් විසින් නිර්මාණය කරන ලද ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති ප්‍රතිමාව - මේ ප්‍රතිමාව ප්‍රසිද්ධ ගායකයෙකු වූ ජෝන් ලේනොන් සිහිවීම සඳහා ඉදි කර ඇත.

6. රාජ්‍ය සේවකයා නමැති මේ ප්‍රතිමාව පිහිටා තිබෙන්නේ අයිස්ලන්තයේ රිජාවික් නගරයේය. මෙය අයිස්ලන්ත ජාතික මග්නුස් තොමාසන් මූර්ති ශිල්පියාගේ නිර්මාණයකි.

7. හිරෝෂිමා නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙලීමේ 41 වන සංවත්සරය නිමිත්තෙන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි මේ ප්‍රතිමාව ඉදි කර ඇත.

8. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ ඩේ වාට්කපොයෙන් ප්‍රතිමාව. මූර්ති ශිල්පී ටොම් ෆ්රන්ට්සෙන් ගේ මේ නිර්මාණයෙන් පෙන්වන්නේ නොසිතු වෙලාවක නගරයේ කානු පද්ධතිය තුලින් මතුවෙන විකට ශිල්පියෙකු පොලිස් නිලධාරියෙකුගේ පාදයේ එල්ලීමයි.

9. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩේලා අනුස්මරණ ප්‍රතිමාව - යකඩ කණු 50ක් උපයෝගී කර ගෙන ඉදි කර ඇති මේ ප්‍රතිමාව ඉදිරි පසින් බැලුවොත් පමණක් නෙල්සන් මැන්ඩේලා ගේ මුහුණ දිස්වේ. වෙනත් පැත්තකින් බැලුවහොත් දිස්වන්නේ යකඩ කණු 50 පමණි. නෙල්සන් මැන්ඩේලා අත් අඩංගුවට ගත් දින සිට වසර 50ක් හිරබත් කෑම වෙනුවෙන් මේ යකඩ කණු 50 ප්‍රතිමාව නිර්මාණය කර ඇත.

10 කටාර් රාජ්‍යයේ පිහිටා ඇති මේ ප්‍රතිමාව ඉතාලි ජාතික ලොරෙන්සෝ ක්වීනින් ගේ නිර්මාණයකි. මෙය හැඳින්වෙන්නේ පරිසරයේ ශක්තිය නමිනි. මෙවැනි ප්‍රතිමා විශාල ප්‍රමාණයක් එංගලන්තය, ඇමෙරිකාව සහ සිංගප්පුරුවේ දක්නට ඇත.

11 ගඟ අසබඩ මිනිසුන් නමින් හැඳින්වෙන මේ ප්‍රතිමාව Chong Fah Cheong ගේ නිර්මාණයක් වන අතර එය පිහිටා ඇත්තේ සිංගප්පුරුවේය.

12 ඩෙන්මාර්කයේ පිහිටා ඇති මේ ප්‍රතිමාවෙන් පිළිබිඹු වන්නේ කෙට්ටු අප්‍රිකානු ජාතිකයෙකුගේ කර මත සිටින ධනපති රාජ්‍යයන්ගේ ආඥාදායකත්වයයි.



Please reload
bottom of page