top of page

ආසන 615ක් සමගම විශාලතම එමිරේට්ස් ගුවන් යානය 

ලොව විශාලතම මගී ගුවන් යානය එමිරේට්ස් සමාගම හඳුන්වා දෙන්නට යනවා.

 

මේ A 380 ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන 15ක් සමග මුළු ආසන ප්‍රමාණය 615ක්. හරියට පුංචි ගම්මානයක් අහසේ පියාසර කරනවා වගෙයි. 

ආසන තට්ටු දෙකකින් සහ එන්ජින් 2කින් මේ යානය සමන්විත වන අතර මගීන්ට අවශ්‍ය සියලුම පහසුකම් මෙහි සපයා තිබෙනවා.  එකවර මගීන් 615ක් ගුවන් යානය තුලට ඇතුල් කරවීමේදී සිදුවන කාලය අඩු කර ගැනීම සඳහා ගුවන් යානයේ කීප තැනකින් එක වෙලාවට මගීන් ඇතුල් කරවීම සිදු කෙරෙනවා.

ඒ වගේම මේ යානය තුල වැසිකිලි 15ක් මගීන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. හැබැයි එමිරේට්ස් පළමුවන පන්තියේ තිබු ආසන සහ නාන කාමර සියල්ලම ඉන් ඉවත් කර ඒ ඉඩද සාමාන්‍ය පන්තියේ ආසන සඳහා වෙන් කර තිබෙනවා. 

 

මේ දෙසැම්බරයේ ප්‍රථම වරට මේ ගුවන් යානය ඩුබායි සිට ඩෙන්මාර්කයේ කෝපන්හේගන් දක්වා පියාසර කෙරෙනවා. ඒ වගේම ප්‍රථම අධියර හැටියට මෙවැනි ගුවන් යානා 15ක් මිලදී ගන්නට එමිරේට්ස් ගුවන් සමාගම ලෑස්ති වෙනවා.

ජායාරුප - CNN, jetlinemarvel.net

ඔබේ අදහස්   

තවත් පුවත් 
Please reload

Please reload

ජයාරූප පුවත්    

Please reload

bottom of page