tDHUV9R_edited.jpg

චෙච්නියාවේ සිට ලියමි.

Once upon a time in Chechnya!

Photo: www.imgur.com  

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

චෙච්නියාව කියන වචනය ඇසුවාම විදේශ සංචාරකයින්ගේ ඇඟ කිලිපොලා යනවා. රුසියාවත් චෙච්නියාවත් අතර වසර ගණනාවක් තිස්සේ පැවතුනු බිහිසුණු යුද්ධය නිසා රුසියානු ජාතිකයෙක්වත් චෙච්නියාවේ සංචාරයකට යන්නේ කලාතුරකින්.  චෙච්නියානු බෙදුම්වාදීන් වරක් මොස්කව් නුවර සංදර්ශන ශාලාවක සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීමේ සිද්ධිය රුසියාවට කවදාකත් අමතක වෙන්නේ නැහැ. ඒ සිද්ධියෙන් 170කටත් අධික පිරිසක් මිය ගියා. ලොව කිසිම රටක් චෙච්නියාවේ සංචාර නිර්දේශ කරන්නේ නැහැ.  ඒ රටවල් වල සංචාරක නිර්දේශ වෙබ් අඩවි වල චෙච්නියාවට යන්න එපා කියලා සඳහන් වෙන්නේ රතු පාටින්. සමහරු කියන්නේ චෙච්නියාවේ සංචාරය හරියට ගගනගාමී ඇඳුම් නොමැතිව චන්ද්‍රයා මත ඇවිදිනවා හා සමානයි කියලා.

Rokhan Direkz 

2019 February 16-26

චෙච්නියාව යුද්ධයෙන් සම්පුර්ණයෙන්ම විනාශ වුනා. ඒ නැවත ගොඩනැගිය නොහැකි අන්දමින්. මේ නිසා තමයි රුසියාවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවේ චෙච්නියාව රුසියානු හමුදාවේ අභ්‍යාස ප්‍රදේශයක් හැටියට පවත්වා ගෙන යන්න.

චෙච්නියාවට යන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුනත් අහිතකර සංචාරක නිර්දේශ නිසා ඒ ගමන හැම අවස්ථාවකදීම කල් දමන්නට සිදුවුනා. රුසියාවේ පවා චෙච්නියාවේ සංචාර සංවිධානය කල හැකි ආයතන ඇත්තේ කිහිපයක්. මා ඒ සියල්ලටම මගේ ඉල්ලීම යොමු කලත් පිළිතුරක් ලැබුනේ එක ආයතනයකින් පමණයි. කෙසේ වෙතත් මේ සියලුම බාධා නොතකා අප්‍රේල් මාසේ චෙච්නියාවේ සංචාරයක යෙදෙන්නට මට පුළුවන් වුනා. 

 

චෙච්නියාවේ නියම තත්වය පැහැදිලි කිරීමට පෙර ඇයි  චෙච්නියාව මේ තත්වයට පත්වුණේ යන්න ගැන කෙටි විග්රයක් කිරීම සුදුසු යයි කියලා හිතෙනවා.

1991 වසරේ සැප්තැම්බර් මාසේ 6 වැනිදා රුසියාවේ උතුරු කොකේසියානු ප්‍රදේශයේ පිහිටි ග්රෝස්නි නගරයට සුභ දිනයක් වුනේ නැහැ. හිටපු සෝවියට් ගුවන් හමුදා ජෙනරාල් ජහාර් දුදායෙව් තම ආයුධ සන්නද්ධ සගයන් සමග චෙච්නියා-ඉන්ගුෂ් පාර්ලිමේන්තු සැසිවාරයට කඩා වැදුනා. එවකට ඒ සමුහාණ්ඩුවේ නායක ධුරය දරු රුසියානු ජාතික විතාලි කුට්සෙන්කෝ බලයෙන් නෙරපා දමා ජහාර් දුදායෙව් එහි බලය අල්ලා ගත්තා. කුට්සෙන්කෝ මරා දමා පාර්ලිමේන්තුවේ ජනේලයකින් ඉවතට විසි කර දැමුවා. සති කිහිපයක් තුලදී චෙච්නියා-ඉන්ගුෂ් රජය විසිරුවා හැරපු දුදායෙව් චෙච්නියා ජනතාවගේ හිත දිනාගන්නට සමත් වුනා. ඉක්මනින් මැතිවරණයක් පැවැත්වූ දුදායෙව් වැඩි ජනතා ජයග්‍රහණයකින් ප්‍රථම ජනාධිපති හැටියට පත්වුනා. ඔහුගේ ප්‍රථම කාර්යය වුනේ චෙච්නියාව පමණක් සෝවියට් දේශයෙන් වෙන්වී වෙනම ස්වාධීන රාජ්‍යක් හැටියට නම් කිරීම. 

මේ තමයි ප්‍රථම රුසියානු-චෙච්නියා යුද්ධයේ ආරම්භය. 1991 වසරේ රුසියානු ජනාධිපති යෙල්ට්සින් ග්රෝස්නි නගරය වෙත හමුදාව යැව්වත් ග්රෝස්නි ගුවන් තොටුපලේදීම  චෙච්නියානු හමුදා ප්‍රහාර වලින්  පසුබසින්නට සිදුවුනා. 1993 වසරේදී චෙච්නියා ඉච්කෙරියාව නමින් හැඳින්වූ මේ නව රාජ්‍යය සම්පුර්ණයෙන්ම තම ස්වාධීනත්වය ප්‍රකාශය කරනු ලැබුවා. චෙච්නියාවේ පදිංචිව සිටි රුසියානු, ආර්මේනියානු, යුක්රේන සහ වෙනත් ජාතීන් දහස් ගණනින් පලා යන්නට වුනා. මේ නිසා චෙච්නියාවේ ආර්ථික තත්වයද පැවතුනේ ඉතා පහල මට්ටමක. දුදායෙව් ජනාධිපති වුවත් ඔහුටත් විරුද්ධව ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගෙමින් පැවතුනා. අවසානයේදී දුදායෙව් චෙච්නියාවේ සම්පුර්ණ ජනාධිපති විධායක බලය අතට ගනිමින් දරුණු පාලනයක් ගෙන ගියා. 

 

මේ සියලු ප්‍රශ්න 1991 වසරේ සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම දරුණු වුනා. සොවියට් දේශයේ වගකීම් අතට ගත් රුසියාවට සිදුවුනේ චෙච්නියාවේ දුදායෙව් විරුද්ධ කල්ලි වලට ආධාර සපයන්න. දුදායෙව් විරුද්ධ කණ්ඩායම් කිහිප වතාවක්ම රුසියානු හමුදා වල ආධාර ඇතිව චෙච්නියාවේ දුදායෙව් රජය පෙරලා දමන්නට තැත් කලත් ඒවා සාර්ථක වුනේ නැහැ. අවසානයේදී 1994 වසරේ නොවැම්බර් මස 29 වැනිදා කිසිවෙක්වත් නොසිතු අයුරින් රුසියානු ජනාධ්පති බොරිස් යෙල්ට්සින් තීරණයක් ගත්තා. ඒ රුසියානු හමුදාව චෙච්නියාව තුලට යවා එහි රුසියානු පාලනය නැවත ස්ථාපිත කරන්නට.

රුසියාවේ එවකට සිටි ආරක්ෂක ඇමති ජෙනරාල් පාවෙල් ග්රාචෙව් පැවසුවේ රුසියානු හමුදාවට අවශ්‍ය වන්නේ විනාඩි 20ක කාලයක් බව ග්රෝස්නි නගරය අත්පත් කර ගන්නට. නමුත් යුද්ධය තාවකාලිකව පවා අවසන් වුනේ 1995 මාර්තු මාසේ 6 වැනිදා. හැබැයි ඒ 35,000 කටත් අධික සාමාන්‍ය ජනතාවකට සහ දරුවන් 5000කට අධික ප්‍රමාණයක් මරුමුවට පත්වීමෙන්. මුළු ලොවම විශ්මයට සහ පුදුමයට පත් කරමින් ලෝක යුද්ධ ඉතිහාසයේ දරුණුම සටනක් බවට පත්වෙමින් රුසියානු සොල්දාදුවන් 3000ක ගේ ජීවිත බිලිගනිමින් ක්‍රියාත්මක වූ මේ යුද්ධයේදී දුදායෙව් රුසියාවේ මිසයිල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුනා.

මේ අවස්ථාව තමයි දෙවන රුසියානු චෙච්නියා යුද්ධය.  තවත් ලක්ෂ ගණනකගේ ගේ දොර ඉඩ කඩම් අහිමි කරමින් අති විශාල සාමාන්‍ය වැසියන් සහ රුසියානු හමුදාවන්ගේ ජීවිත බිලිගනිමින් මේ යුද්ධය තාවකාලික අවසානයකට ගෙන එන්නට රුසියානු ජනාධිපති පුටින්ට හැකිවුනා. ඒ රුසියාවට හිතැති අහ්මෙඩ් කදිරෝව් බලයට පත් කිරීමෙන්. නමුත් 2004 වසරේ බිහිසුනු බෝම්බ ප්‍රහාරයකින් අහ්මෙඩ් කදිරෝව් ඝාතනය වුනා. කෙසේ වෙතත් ඔහුගේ පුත් රම්සාන් කදිරෝව් එතැන් සිට රුසියානු රජයට හිතවත්ව පාලනය ගෙනියන්නට සමත්වී තිබෙනවා. 

Grozny-The most destroyed city on earth.

චෙච්නියාවේ අවසාන යුද්ධයේදී එහි අගනුවර වන ග්රෝස්නි නගරය මෙන්ම අනිකුත් ප්‍රධාන නගර සියල්ලම වාගේ සම්පුර්ණයෙන්ම විනාශ වුන. ඒ නැවත ගොඩ නැගිය නොහැකි අන්දමට. ඒ නිසාම තමයි රුසියානු පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවේ ග්රෝස්නි නගරය නැවත ඉදි නොකර එය රුසියානු හමුදාවේ අභ්‍යාස පවත්වන යුධ භූමියක් හැටියට නම් කරන්න කියලා.  ග්රෝස්නි ගුවන් තොටුපල අවට ප්‍රදේශය තිබෙනේ කොහෙද කියල ඒ කාලයේ ජායාරුප වලින් පවා අවබෝධ කර ගන්නට බැරි වුනා. තනිකරම බෝම්බ නිසා ඇතිවුණු වලක් හැටියටයි දිස්වුනේ.

 

දහවල් 12.00ට පමණ අපේ යානය ගුවන් තොටුපලට ලඟා වුනා. ගුවන් යානය නතර කරත්දී මම දුටුවා ප්‍රථම දර්ශනය තමයි ගුවන් තොටුපල ගොඩනැගිල්ලේ සවිකර තිබෙන රුසියානු ජනාධිපති පුටින් සහ චෙච්නියාවේ හිටපු ජනාධිපති කදිරෝව්ගේ දැවැන්ත ජායාරුප දෙක.

© Sanchara - Rokhan Direkz

ගුවන් තොටුපලේදී  අපි බලාපොරොත්තු වුනේ ආයුධ සන්නද්ධ රුසියානු විශේෂ කාර්ය බලකායේ පරීක්ෂා කිරීම් සහ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීම්.  නමුත් පුදුමයකට වාගේ කිසිම පරීක්ෂා කිරීමක් දක්නට ලැබුනේ නැහැ. ග්රෝස්නි ගුවන් තොටුපල ඉතා කුඩා නිසා ගුවන් යානයේ සිට පර්යන්ත ගොඩනැගිල්ලට පයින් ගමන් කිරීමට සිදුවුනා. මා අන්තර් ජාලයේ දුටු ග්රෝස්නි ගුවන් තොටුපොළේ නටබුන් වෙනුවට දක්නට ලැබෙන්නේ පහසුකම් සහිත කුඩා ගුවන් තොටුපොළක්. 

© Sanchara - Rokhan Direkz

" සත්‍යය - ඒ මගේ ආයුධයයි. ඒ ආයුධය ඉදිරියේ ලොව සියලුම හමුදාවන් අසරණය."  ගුවන් තොටුපලින් එලියට ගිය අපිට චෙච්නියාවේ හිටපු ජනාධිපත් කදිරෝව්ගේ මේ ප්‍රකාශය දැක ගන්නට පුළුවන් වුනා. 

 

මුළු චෙච්නියාවේම ජනගහනය මිලියන 1.4ක් පමණ වෙනවා. තවත් මිලියන 1.5ක් පමණ යුද්ධය කාලයේදී රට අත හැර ගොස් ලෝකයේ වෙනත් රටවල පදිංචිවී සිටිනවා. ඒ වගේම යුද්ධය නිසා කොතරම් සංඛ්‍යාවක් මියගියාදයයි කියා කියන්නට අමාරුයි. රුසියාවේ සංඛ්‍යා ලේඛන වලට අනුව එය 160,000ක් පමණ වෙනවා.

© Sanchara - Rokhan Direkz

ග්රෝස්නි නගරයේ වර්තමාන තත්වය පැහැදිලි කරන්න හොඳම තැන තමයි ග්රෝස්නි සිටි හෝටල් සහ නිවාස සංකීර්ණය. ග්රෝස්නි නගරයේ උසම ගොඩනැගිල්ල තමයි මේ නිවාස සංකීර්ණය. මෙහි මුදුනේ ඇති හෙලිකොප්ටර් අංගනයේ සිට මුළු නගරයම පැහැදිලිව පේනවා.

යුද්ධය අවසානයේදී ග්රෝස්නි නගරයේ එක ප්‍රදේශයක් දිස්වූ අයුරු 

© Sanchara - Rokhan Direkz

මේ ඒ ප්‍රදේශය අද දිස්වන අයුරු. මා මේ ජායාරුපය ගත්තේ ග්රෝස්නි සිටි නිවාස සංකීර්ණය මුදුනේ සිට.  පුදුමය ඇත්තටම මෙය නොවේ. මේ සියල්ලටම ගතවී ඇත්තේ වසර 10කටත් අඩු කාලයක්. 

DSC_0371.JPG
© Sanchara - Rokhan Direkz

Grozny-The city that rebuild from ashes.

© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz

2003 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකට අනුව ලෝකයේ වැඩිම විනාශයක් සිදුවූ නගරය හැටියට සඳහන් වෙන්නේ ග්රෝස්නි නගරය. නැවත ගොඩ නගන්නට බැහැයි තීරණය කරපු ග්රෝස්නි නගරයේ අද තත්වය තමයි මේ. පුදුමයි එත් ඇත්තයි. වසර 10කටත් අඩු කාලයක් තුල මෙතරම් සීග්‍ර සංවර්ධනයක්.  මුළු ග්රෝස්නි නගරයේ කිසිදු තැනෙක පැරණි යුද්ධයේ නටබුන් හෝ විනාශ වී ගිය ගොඩනැගිලි ප්‍රදේශ දක්නට නැහැ.  ඒ වගේම මුළු චෙච්නියාවේම තත්වය මෙයයි. සියලුම් දේවල් කඩා ඉවත් කර හෝ නැවත ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

© Sanchara - Rokhan Direkz

සෝවියට් දේශය සමයේ ග්රෝස්නි නගරයේ තිබුන ප්‍රධාන මාවත් වුනේ ලෙනින් මාවත. අද ඒ මාවත් හඳුන්වන්නේ රුසියාවේ ජනාධිපති පුටින්ගේ නමින්. මීට වසර කිහිපයකට පෙර යෙදුනු රුසියානු චෙච්නියා සම්බන්ධතා වල 420 වන සංවත්සරයේදී චෙච්නියාවේ ජනාධිපති රම්සාන් කදිරෝව් විසින් මේ මාවත එසේ නම් කළා. 

grozny-city-russia-from-above-night-view

සීතලට මුළු යාකුටියාවම ගල් වෙලා. මේ පැත්තේ බොහෝ නිවාස වලට වතුර පයිප්ප නැහැ. ඒ සීතලට මිදෙන නිසා. ඒ නිසා තමයි මිනිස්සු ගඟේ මිදුණු වතුර අයිස් කියුබ් හැටියට කපා ගෙන ගෙවල් වලට ගේන්නේ....

© Sanchara - Rokhan Direkz

ග්රෝස්නි නගරය සත්‍ය වශයෙන්ම යුරෝපීය නගරයක් බවට පත්වී හමාරයි.  හැබැයි ඒ ආසියානු සහ මුස්ලිම් සංකලනයක් එක්ක. නගර මධ්‍යයේ ඉදිකර තිබෙන චෙච්නියාවේ හදවත නමින් හඳුන්වන මුස්ලිම් පල්ලිය යුරෝපයේ දක්නට ලැබෙන විශාලම සහ අලංකාරම පල්ලිය. මේ පල්ලිය නම් කර තිබෙන්නේ ජනාධිපති රම්සාන් කදිරෝව්ගේ පියාගේ නමින්. 2008 වසරේ රුසියානු ජනාධිපති පුටින් විසින් මේ පල්ලිය විවෘත කරනු ලැබුවා. 10,000කට අධික පිරිසකට එකවර යාඥ කිරීමට මේ පල්ලියේ ඉඩ කඩ තිබෙන අතර දිවා රාත්‍රී දෙකෙහිම විවෘතව පවතිනවා. රාත්‍රී කාලයේ විදුලි බුබුළු වලින් ආලෝක කර තිබෙන  ග්රෝස්නි සිටි නිවාස සංකීර්ණය සහ මේ චෙච්නියාවේ හදවත නමැති පල්ලිය ග්රෝස්නි නගරයට අමුතුම අලංකාරයක් ගෙන එනවා.

 

යුද්ධය නිමාවී අදට වසර 10ක් පමණ ගත වෙනවා. රම්සාන් කදිරෝවෝව්ගේ පාලන සාමය තුලදී චෙච්නියාව ලබා ගෙන තිබෙන ජයග්‍රහණ සහ සංවර්ධනය කියා නිමකළ නොහැකියි.  එදා චෙච්නියාව ගැන චෙච්නියා ජාතිකයින් ගැන වෙනත් අදහසක් දරු රුසියානුවන් අද ඒ මතයන් වෙනස් කර ගෙන තිබෙනවා.  චෙච්නියාවෙන් පලා ගිය ජනතාව වෙත ජනාධිපති කදිරෝව් විවෘත ආරාධනාවක් කර තිබෙනවා නැවත පැමිණ රටේ දියුණුවට දායක වන ලෙස. 

© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz

චෙච්නියාවේ සෑම තැනකම පාහේ ජනාධිපති කදිරෝව්, ඔහුගේ පියා ගේ ජායාරුප දක්නට ලැබෙනවා. ඒ සෑම ජායාරුපයක් සමගම රුසියානු ජනාධිපති පුටින්ගේ ජායාරුපද දක්නට ලැබෙනවා. ගොඩනැගිලිවල, පමණක් නොව සාමාන්‍ය ජනතාව තම මෝටර් රථ වලද ජනාධිපති කදිරෝව්ගේ ජායාරුප ප්‍රදර්ශනය කරනවා. ඇත්තටම කදිරෝව් චෙච්නියාවේ ප්‍රබලම සහ වැඩිම දෙනෙක් හඳුනන චරිතය. 

© Sanchara - Rokhan Direkz

චෙච්නියාවේ භුමි ප්‍රමාණය අපේ රටේ ප්‍රමාණයෙන් 1/4ක් පමණ වෙනවා.  ග්රෝස්නි නගරයේ සිට විනාඩි 40ක ගමනකින් රමණීය පරසරකින් යුක්ත අර්ගුන් නිම්නයට පිවිසෙන්නට පුළුවන්. දෙවන චෙච්න්යා යුද්ධයේදී මේ අර්ගුන් නිම්නයේ බිහිසුණු සටන් ඇතිවූවා. මේ සටන චෙච්නියානු ඉතිහාසයේ සඳහන් වන්නේ Battle for Height 776 නමින්. රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ වාර්තා වලට අනුව අර්ගුන් නිම්නය ආරක්ෂා කර ගැනීමේ සටනේදී රුසියානු හමුදා සාමාජිකයින් 1000 කට අධික ප්‍රමාණයකුත් චෙච්නියානු ගරිල්ලන් 700කට අධික ප්‍රමාණයකුත් මියගොස් තිබෙනවා. 

© Sanchara - Rokhan Direkz

2001 වසරේදී රුසියානු ජනාධිපති පුටින් විසින් රුසියානු හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට රුසියාවේ වීරයා යන සම්මානය පුද කරනු ලැබුවා මේ Battle for Height 776 සටන වෙනුවෙන්. පුරා වසර 10ක් තිස්සේ පැවැත්වුණු රුසියානු ඇෆ්ගනිස්තාන් යුද්ධයේදී පවා සෝවියට් දේශයේ වීරයා සම්මානයෙන් පුදනු ලැබුවේ හමුදා සාමාජිකයින් 65ක් දෙනෙක් පමණයි. චෙච්නියානු යුද්ධයේ මේ Battle for Height 776 සටන සහ එහි භයානකත්වය ඔබට මෙයින්ම වැටහෙනවා ඇති. මේ අර්ගුන් නිම්නයේ සටන් වෙනුවෙන් රුසියානු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් මෑත කාලයේදී බිහිවී තිබෙනවා.

 

මාත් සමග අර්ගුන් නිම්නයට පැමිණි මා මිත්‍ර චෙච්නියානු ජාතිකා අන්සොර් පවසන්නේ රමණීය අර්ගුන් නිම්නයේ නිහඬතාවය, දොළ පාරවල් ගුරු පාරවල් පෙන්වන සුන්දරත්වය තුල ඇත්තේ දහස් ගණනක රුසියානු සහ චෙච්නියානු හමුදා සාමාජිකයින්ගේ දුක් සුසුම් කඳුළු,රුධිරය මෙන්ම වීරත්වයේ සංකේතයන් බවයි.  

© Sanchara - Rokhan Direkz

කොකේශියාවේ මුතු ඇටය - කසනොයි-අම් විල - Pearl of the Caucasus

© Sanchara - Rokhan Direkz
DSC_0404_edited.JPG
© Sanchara - Rokhan Direkz

චෙච්නියානු ජාතිකයින් කොකේශියාවේ මුතු ඇටය නමින් හඳුන්වන කසනොයි-අම් විල නරඹන්නට යන්නට මට අවස්ථාවක් ලැබුනා. ග්රෝස්නි නගරයේ සිට කිමී 85ක් පමණ අතිශයින්ම සුන්දර මාර්ගයක අවසානයේ කඳු වලින් වටවූ ස්ථානයක තමයි මේ විල පිහිටා තිබෙන්නේ. සීත සමයේ  අවසානය වුවද  අප යන විටත් විල සම්පුර්ණයෙන්ම වාගේ අයිස් තට්ටුවකින් වැසිලා තිබුනා. මුහුදු මට්ටමේ සිට මීටර් 1870ක් මේ විල තිබෙන්නේ.  මීටර් 74ක් ගැඹුර නිසා කොකේශියානු රටවල් අතරින් ගැඹුරුම විල හැටියට මෙය සැලකෙනවා.  වසන්ත සමයේ මේ විල හා අවට ප්‍රදේශය සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යනවා. මෙය චෙච්නියාවේ ඇති වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන ස්ථානය.

© Sanchara - Rokhan Direkz

Tsoi-Pede - Chechn city of the dead සෝයි-පෙදේ - චෙච්නියාවේ මළවුන්ගේ නගරය

© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz

චෙච්නියාවේ මළවුන්ගේ නගරය පිහිටා තිබෙන්නේ ජෝර්ජියා දේශසීමාවට ආසන්නයේ. මගේ සංචාරයේ එක් අරමුණක් වුනේ මේ ස්ථානය දැක බලා ගන්න. මළවුන්ගේ නගරය කීවාට මේ ස්ථානය කිසිම ආකාරයකින් චෙච්නියානු යුද්ධයට සම්බන්ධ නැහැ. 


රුසියාවත් ජෝර්ජියාවත් අතර තිබෙන්නේ උණුසුම් දේශපාලන වාතාවරණයක්. මේ නිසා මේ දේශ සීමාව සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙන්නේ. දේශ සීමාව අසලට යාම සඳහා විශේෂ අවසරයක් රුසියානු විශේෂ ආරක්ෂක බලකායෙන් ලබා ගන්නට සිදු වුනා.

© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz

කි.මී. 110ක් පමණ ජෝර්ජියාව දෙසට ග්රෝස්නි නුවර සිට අපි ගමන් කළා. ගුරුපාරවල් වල සහ ගංගා මතින් අපේ ජීප් රිය ධාවනය වුනා. 
රුසියානු පොලිස් මාර්ග බාධක කිහිපයක් පසු කල අපි අවසානයේදී පැමිණුනේ ජෝර්ජියා දේශ සීමාව අසල පිහිටා තිබෙන රුසියානු හමුදා කඳවුර වෙත. එතන පරීක්ෂා කිරීම් වලින් අනතුරුව සෝයි-පෙදේ කඳු වැටී තරණය කරන්න අප සුදානම් වුනා. 

පසුව මේ මාළු බොහෝ දුරට පරිභෝජනයට ගන්නේ අමුවෙන්.  ඒ මාළු නිවසේ කෑම මේසය මතට ඒ මිදුණු ආකාරයෙන්ම ගෙන එනවා. 

© Sanchara - Rokhan Direkz
© Sanchara - Rokhan Direkz

චෙච්නියානු භාෂාවෙන් සෝයි-පෙදේ කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදය යන තේරුම.  චෙච්නියානු ජාතිකයින් විශ්වාශ කරන අන්දමට 5-15 වන ශත වර්ෂ දක්වා මේ ස්ථානයේ ඉතිහාසය පැතිරී යනවා. මේ කඳු වැටී මුදුනේ ඇති ගල් ගුහාවල මිනිස් ඇටකටු විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. මල්හි නමින් හඳුන්වන නැතිනම් සුර්යය දෙවියන්ග ආශීර්වාදය ලත් මිනිසුන් ආදී කාලයේ මේ ස්ථාන වල ජීවත් වූ බවක් ඉතිහාසයේ සඳහන් වෙනවා. 

ඒ වගේම චෙච්නියානු ජනප්‍රවාද වලට අනුව මේ මල්හි මිනිසුන් හට වැළදුණු වසංගත රෝගයකින් අනිකුත් ජනතාවන් ආරක්ෂා කර ගැනීම සඳහා සෝයි-පෙදේ කඳු මුදුන්වල ඇති ගල්ගුහා වලට දමා වසා දැමු බවත් සඳහන් වෙනවා. දැනට සොයාගෙන ඇති අන්දමට මිනිසුන් 42කුගේ පමණ ඇටකටු මේ ස්ථානයෙන් දක්නට ලැබෙනවා. 

 

දර්ශනීය පරිසරය සහ නැවුම් වාතාශ්‍රය නිසා චෙච්නියාවේ මේ ප්‍රදේශය සංචාරකයින් අතර ප්‍රසිද්ධ වුවත් පැමිණීමට ඇති අපහසුතාවයන් නිසා සංචාරකයින් දක්නට ඇත්තෙම නැහැ. 

© Sanchara - Rokhan Direkz

රුසියානු සහ චෙච්නියානු ජනතාව අතර පලුදුවූ සම්බන්ධතා නැවත යලි යථා තත්වයට ගෙන එන්නට චෙච්නියානු රජය අපමණ උත්සාහයක් දරනවා.  අප නැවතී සිටි හෝටලයට විශාල රුසියානු ජාතිකයින් පිරිසක් පැමිණි සිටි නිසා ඒ පිළිබඳව මම විමසා බැලුවා. පළමුවන සහ දෙවන චෙච්නියා යුද්ධ වලින්  මරණයට පත් රුසියානු ජාතිකයින්ගේ නෑදෑයන් හට චෙච්නියාවට පැමිණ නෑදෑයන්ගේ සොහොන් කොත් වලට ගෞරව දැක්වීමට සහ ආගමික කටයුතු වල යෙදීමට සෑම වසරකදීම චෙච්නියානු රජය පහසුකම් සලසා දී තිබෙනවා. චෙච්නියානු රජය මගින් ඒ වෙනුවෙන් අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ නවාතැන් ගාස්තු ගෙවනු ලබනවා.  ජාතීන් දෙකක් අතර සංහිදියාව නැවත ගොඩ නගන්නට මේ  නම් දැවැන්ත පියවරක්. 

 

චෙච්නියාවේ අධ්‍යාපනය සිදුවන්නේ රුසියානු භාෂාවෙන්. චෙච්නියානු භාෂාවත් පාසල් අධ්‍යාපනයේ එක විෂයක්. මා තේරුම් ගත් අන්දමට රුසියානු සමුහාණ්ඩුවේ නීතියත් චෙච්නියානු සාම්ප්‍රදායික නීතිත් අතර (චෙච්නියානු භාෂාවෙන් එය අදාත් නමින් හඳුන්වනවා) සංකලනයක් තමයි චෙච්නියාවේ භාවිතා වන්නේ. චෙච්නියානු කාන්තාවන්ට රජය විසින් නීතිමය ඇඳුමක් පනවා තිබෙනවා. සියලුම රජයේ සේවකයන් ඒ ආකාරයට ඇඳුම් ඇඳිය යුතුයි.  පෞද්ගලික ආයතන වල සේවය කරන සහ සාමාන්‍ය කාන්තාවන්ට මෙය අදාළ නැහැ. හැබැයි චෙච්නියානු කාන්තාවන්ට කලිසම් ඇඳීම තහනම්.  ඒ වගේම පිටින් පැමිණෙන විදේශිකයින්ට සහ සංචාරකයින්ට මේ නීති රීති කිසිසේත් අදාළ නැහැ. මෙවැනි දෑ රුසියානු සමුහාණ්ඩුවේ ව්‍යවස්ථාව අනුව එකඟද නැතිද යන්න ගැන මා චෙච්නියානුවන් සමග අදහස් හුවමාර කර ගත්තත් එයට පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට අපහසු වුනා.

මා දැනට ලෝකයේ බොහෝ රටවල් වල නගර වල සංචාරය කර තිබෙනවා. වරක් සංචාරය කල පෙදෙසකට නැවත වාරයක් යන්නට මට සිතී ඇත්තේ ඉතා කලාතුරකින්. චෙච්නියාව එවැනි ස්ථානයක්. නැවත  කෙදිනක හෝ අවස්ථාවක් ලැබෙන්නේ නම් චෙච්නියාවට යන්නට මා සුදානම්.  චෙච්නියාවෙදී මා දුටුවේ බොහෝ බටහිර මාධ්‍ය විසින් පවසන බියජනක විකෘති කල දර්ශන නොවේ.  මීට වසර කිහිපයකට පෙර චෙච්නියානු වැසියන් ගැන තිබු අප්‍රසාදය අද රුසියානුවන් කෙරෙන් කෙමින් කෙමින් තුරන් වේගන යනවා. චෙච්නියාවෙන් පිටවූ වැසියන් නැවත චෙච්නියාවට පැමිණ පදිංචි වෙමින් පවතිනවා. 

 

චේච්නියාව ගැන රුසියාව තුල මෙන්ම ලෝකයේ බොහෝ රටවල් තුල ඇත්තේ විවාදාත්මක අදහස්. බොහෝ අදහස් ප්‍රකාශ වී ඇත්තේ කිසිම දිනෙක චේච්නියාවේ දිනකට හෝ සංචාරය නොකළ පුද්ගලයින්ගේ මාධ්‍ය වාර්තාවන්ගෙන්. යුද්ධයෙන් අධික ලෙස විනාශයට පත් වුනු චේච්නියාවේ ආර්ථික සංවර්ධනය උදෙසා රුසියානු ජාතික ධනය සහ බදු මුදල් වැය කිරීම ගැන බොහෝ රුසියානුවන් තුල අප්‍රසාදයක් ඇතත් ඒ නිසා යුද්ධයක් නොමැතිව සාමයෙන් ජීවත් වීමට අවස්තාවක් උදා වීම නිසා ඔවුන් තුල ඇත්තේ ප්‍රසාදජනක සිතුම් පැතුම්. 

 

රජයක් විසින් තම පුර වැසියන්ට අවම වශයෙන් අවශ්‍ය මුලික පහසුකම්වත් සපයා දෙන්නේ නම් ඔවුන් රට හැර යාම සහ අනිකුත් සාමාජීය ප්‍රශ්න බොහෝ දුරට විසඳා ගන්නට පුළුවන්.චෙච්නියාව අද එයට පැහැදිලි උදාහරණයක්.

ගුවන් තොටුපලේදී අපෙන් සමුගත් චෙච්නියානු සංචාරක ආයතනයේ රෝසා ගේ වචන කිහිපයක් මට මතක් වෙනවා.  " කවුරු පාලනය කලත් කොච්චර කාලයක් පාලනය කලත් යුද්ධයක් නැතිව අපිට සාමයෙන් ජීවත් වෙන්න තියෙනවා නම් අපේ ප්‍රාර්ථනාව එයයි." වසර සියයක් තුල බිහිසුණු යුද්ධ 4කට මුහුණ දුන් චෙච්නියානු ජනතාවගේ සිත් තුල සාමයේ මල් කැකුළු පූදින මේ අවස්ථාව චෙච්නියානු රුසියානු සම්බන්ධතා වල අමරණීය සිහිවටනයක් වන බව නම් සැකයක් නැහැ.  

 

මේ සාමය ලැබිලා තියෙන්නේ දස දහස් ගණනක මිය ගිය රුසියානු සහ චෙච්නියානු ජාතිකයින්ගේ සිරුරු මතින්. එය මිල කල නොහැකියි. ඒ නිසා මේ සාමය ආරක්ෂා කර ගැනීම දෙපක්ෂයේම වගකීමක් වෙනවා. 

 

සටහන ටිකක් දිග වැඩි වුනත් චෙච්නියාවේ වර්තමාන තත්වය පිළිබඳව ඔබට තරමක අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මම හිතනවා.

රොහාන් ඩිරෙක්ස් 

rohandx@hotmail.com

More Comments:

Tharaka madushanka - ආසාවෙන් කියවපු ලිපියක්👌👌

Sanath - Heart touching article. Welldone direx! 

Harshana Jayathilake - කියවන්න කැමති සංචාරක සටහනක්. ස්තූති ඔබට.

Rohana Kokonar - ඉතාමත් වටිනා තොරතුරැ රාශියක් සහිත ලිපියක්.

Manjula Edirisinghe - ඉතා අනර්ඝ මහඟු ලිපියක්

Shanaka - Supiri..

Nishantha Fernando - ඇත්තටම හොද ලිපියක්.. නොහිතපු දේවල් ගොඩක් ඉගෙන ගත්තා 

Gayan Harshana - හරිම රසවත් විස්තර කිරීම ස්තුතියි ඔබට අපිව ලෝකය දකින්න රැගෙන යනවාට

Gayan Harshana - මෙය ඉතා හරවත් ලිපියකි .ඔබට සුබ පතමි

Asithanjana Batuwantuduwa - Thank you for your valuable article. My friend and your brother Priyantha Direksze gave me this link. It is a good site to any traveller. I love travelling but difficult to find budget for that. Therefore I thanks again for sharing your journies.

Dhanuka - Hello .. Rohan.. Thank you so much for your article..
I'm very interesting to follow Lenin and Starlin. If you know some article about them, please let me know.. 
Thanks.

Ravish Tharaka - I'm kind of attracted to soviet Russian countries because of their history and  culture..so thank u for this interesting article

Ashen - වටිනා ලිපියක්.. තව තවත් මෙනැනි ලිපි

ගෙනඒමට ඔබට සුබ පැතුම්.

Anuradha Jayasekara - You are doing a great service sir...

Sudharshani - හරිම රසවත් විස්තර කිරීම ස්තුතියි ඔබට අපිව ලෝකය දකින්න රැගෙන යනවාට

Susantha - you are very lucky, thanks for your all posts. I read your posts and those are very interesting and valuable

Ishara Wimalaweera - great job dear mr. Rohan.. You have realized my dream to travel along great Russia

Prasad Jinadasa - Excellent story....i have never heard that.Thanks

Harshana Jayatilake - මම ඔබගේ ලිපි කියවන්න කැමතියි..ස්තූතියි..ලිපිය කියවනවිට දැනේනවා..මැවෙනවා...

Lankara - ගොඩාක් ස්තුතියි.හැමදාමත් මේ වගේ ලිපි ලියන්න ශක්තිය ලැබේවා 

Susantha - obata godak sthutiyi, api nodanna, deval godak oyagen igana gaththa
Mangala - This is nice Sanchara story. This Sanchara story is more interesting than others since it's open up some closed stories. Thanks.

Kanishka - mewa samajawadaye waradi nowei soviet niladariwadaye waradi namuth edath adath heath mama soviet deshaya nam sreshta ratata garu karami