IMG_0269_edited_edited.jpg
සංචාර.lk
Contact Details
රොහාන් - කාත්‍යා ඩිරෙක්ස් ROKHAN - KATYA DIREKZ

ආයුබෝවන් !

සංචාර.lk වෙබ් අඩවියේ පරමාර්ථය වෙන්නේ ලොව නොයෙකුත් රටවල ප්‍රසිද්ධ එමෙන්ම සංචාරක වැදගත්කමක් ඇති ස්ථාන ගැන ඔබට හඳුන්වා දීම.  ඒ පරමාර්ථය ඉෂ්ට කර ගන්න මුලික පදනම අපි සංචාරය කල රටවල වල විස්තර වලින් ආරම්භ කලොත් හොඳයි කියලා මට හිතුනා.

 

පසුගිය වසර 20 ඇතුලත රටවල 50 ක පමණ සංචාරයේ යෙදෙන්නට අපිට හැකි වුනා. ඒ රටවල වලදී අපි ලබපු අත්දැකීම්, විස්තර සහ, දුටු දේවල් සහ හමුවුණු නොයෙක් පුද්ගලයින් සම්බන්ධව විස්තර මේ වෙබ් අඩවියෙන් ඉදිරිපත් කරන්නට මම උත්සාහ ගන්නවා.

 

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට බොහෝ රටවල් වල සංචාරය කරන්නට වැඩි අවස්ථාවන් නැති වුනත් මේ වෙබ් අඩවියෙන් ඒ රටවල් වල හදවතින් සංචාරය කරන්න ඔබ සැමට ආරාධනා කරනවා.

 

සෑම සංචාරයකින්ම පසුව මම ලෝකය දිහා අලුත් විදිහකට බලන්න පුරුදු වුනා.  නැගෙනහිර   අප්‍රිකාවේ කෙන්යාවේ නයිරෝබි නගරයේ සිට රටවල් හතක් හරහා, කෙන්යාව, උගන්ඩාව, රුවන්ඩාව, කොංගෝ රාජ්‍යය, බුරුන්ඩි සහ ටැන්සානියාව යන රටවල් හරහා එකවර සංචාරයක යෙදෙන්නට මට අවස්ථාව ලැබුනා. අප්‍රිකානු රටවල් ගැන අප්‍රිකානුවන් ගැන අලුත් විදිහකට සිතන්න මම පටන් ගත්තේ මේ සංචාරයෙන් පසුව.  ඉන්දියාවේ චෙන්නායි සිට   කොචීන් දක්වා මෝටර් රථයකින් ගමන් කරන්නට අපිට හැකි වුනා.  එහිදී  මට අපි වෙනදා නොදකින නොපුරුදු ඉන්දියාවක් දැක ගන්නට ලැබුනා.  නවසීලන්තයේ උතුරු කොනේ සිට දකුණු කෙළවර දක්වා කල සංචාර, තුර්කිය හා ඉරානය හරහා ගමන් කරමින් කල සංචාර, ඊජිප්තුව, සුඩානය, මොරොක්කෝව වගේ රටවල් වල  කල සංචාර ජීවිතයේදී කවදාවත්  අමතක වෙන්නේ නැහැ. ඒ ආශ්වාදය අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගැනීම තමයි මගේ අභිප