G U L A G

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

1945 වසරේ දෙවන ලෝක සංග්‍රාමයෙන් ජයග්‍රහණය ලබා ජර්මානු නාසිවාදීන්ගෙන් සෝවියට් දේශය නිදහස් වුනත් ඉන්පසු වසර කිහිපයක් යන තෙක්ම දෙපයින් නැගී සිටින්නට සෝවියට් දේශය උත්සාහ ගත් කාලයක සිදුවූ සත්‍ය සිද්ධියක් මේ.  මුළු ලොවම සසල කල ඒ වුනත් කිසිම විස්තරයක් පිටස්තර ලෝකයට ලබා ගැනීමට නොහැකි වූ මේ සිද්ධි සමුහය ඇත්තටම එලි වුනේ 1953 වසරේ. ඒ සෝවියට් නායක ජෝශප් ස්ටාලින් මිය ගියාට පසුව. 

Rokhan Direkz 

2019 February 16-26

රුසියාවේ උතුරු ප්‍රදේශය එනම් සයිබීරියාවේ ඉහල ප්‍රදේශය හඳුනා ගන්නට දුම්රිය මාර්ගයන් උපයෝගී කර ගත යුතු යයි කියන යෝජනාව ඈත අතීතයේ සිටම රුසියානු ඉංජිනේරුවන් සහ පාලකයින් අතර ඉහල බලාපොරොත්තුවක් වී තිබුනා. නමුත් ඒ බලාපොරොත්තුව මෙතරම් ඛේදජනක අවස්ථාවලින් කෙළවර වන බව එදා ඒ ඉංජිනේරුවන් සහ පාලකයින් කිසිසේත් දැන නොසිටින්නට ඇති. 

දෙවන ලෝක සංග්‍රාමයෙන් ලත් ජයෙන් සෝවියට් ජනතාව උද්දාමයට පත් වුනත් නායක ජෝශප් ස්ටාලින්ගේ පාලනය තවත් දරදඬු වෙන්නට පටන් ගත්තා. දේශපාලන සිරකරුවන් ගේ ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වෙන්නට පටන් ගෙන තිබුනා. ස්ටාලින් හට විරුද්ධව වචනයක් හෝ ප්‍රකාශ කල අයෙක් දන ගත්තේ නම් සෝවියට් රහස් ඔත්තු සේවය විසින් ස්ටාලින්ගේ පාලනය ආරම්භ කල විශේෂ කඳවුරු වලට එවැනි පුද්ගලයින් යොමු කරනවා. මෙවැනි කඳවුරු පාලනය කරන්න ස්ටාලින්ගේ පාලනය විසින් විශේෂ රාජ්‍ය ආයතනයක් පිහිටුවලා තිබුනා.  මෙය කෙටියෙන් හැඳින්වුණේ ගුලාග් GULAG නමින්. Chief Administration of Corrective Labour Camps and Colonies​ මෙවැනි කඳවුරු විශාල ප්‍රමාණයක් සයිබීරියාවේ සහ සෝවියට් දේශයේ ඈත පෙරදිග ප්‍රදේශ වල පිහිටා තිබුනා. 

එවකට සංඛ්‍යා ලේඛන වලට අනුව මිලියන ගණන් සෝවියට් පුර වැසියන් පිරිසක් මේ කඳවුරු වල සිර කොට තබා ගෙන තිබුනා. ඔබ විශ්වාශ කරනවාද 1929 වසරේ සිට 1953 වසර දක්වා ඒ කියන්නේ ස්ටාලින්ගේ මරණය වන අවස්තාව වනතෙක් සෝවියට් පුරවැසියන් මිලියන 28 කට අධික ප්‍රමාණයක් මේ කඳවුරු වල ගත කරලා තිබුනා.  

ස්ටාලින් පාලනය කල්පනා කලේ මේ සිරකඳවුරු වල වාසය කරන සෝවියට් පුරවැසියන් කම්කරුවන් හැටියට සෝවියට් දේශයේ ඇති දුෂ්කර ප්‍රදේශ තුනක සංවර්ධනය ඇති කරන්න. ඈත පෙරදිග , සයිබීරියාව සහ දකුණු සෝවියට් දේශයේ ස්ටෙප්ස් තැන බිම් තමයි ඒ ප්‍රදේශ. වැඩි වශයෙන්ම මෙවැනි සිර කඳවුරු පිහිටලා තිබුනේ එවැනි ප්‍රදේශ වල. ඒ වගේම එවැනි ප්‍රදේශ ඇති දුෂ්කර නිසාත සාමාන්ය් ජනතාව ජීවත් වන්නේ ඉතා අඩු ප්‍රමාණයක් නිසාත් සිර කරුවන්ට කඳවුරු වලින් පැන යාමට නම් සිතා ගන්නවත් අපහසුවලා තමයි තිබුනේ. 

Road of Death - The Salekhard Igarka Railway.

ඇත්තටම කියනවානම් සෝවියට් දේශයේ කාර්මික හා ආර්ථික වර්ධනයේ පසුබිම නැතිනම් පදනම වුයේ මේ සිරකරුවන්ගේ ශ්‍රමය කියලා කිව්වොත් නිවැරදියි.  1947 වසරේ ස්ටාලීන්ගේ නියෝගයක් මත සයිබීරියාවේ උතුරු කොටස සංවර්ධනය සහ සයිබීරියාවේ උතුරු කොටසේ සිට උත්තර ධ්‍රැවය හරහා ඈත පෙරදිග ප්‍රදේශයට දුම්රිය මාර්ගයක් තැනීමේ අති විශාල ව්‍යාපෘතිය කරලියට පැමිණුනා.  මෙහි පළමු අදියර වුයේ ඇති දුෂ්කර නගරයක් වූ සයිබීරියාවේ උතුරු කොටසේ ඇති සලිහාර්ඩ් නගරයේ සිට ඉගර්කා නගරය දක්වා දිවෙන දුම්රිය මාර්ගය තැනීම. මෙන්න මේ දුම්රිය මාර්ගය තැනීමේ කටයුතු මත තමයි මේ ලොව සසල කල බාහිර ලෝකයෙන් වසන්වුනු සිද්ධීන් සමුහයක් ආරම්භ වෙන්නේ. 

මගේ මීළඟ ප්‍රයත්නය වුනේ මේ සලිහාර්ඩ් නගරය වෙත සංචාරය කරන්න.  

 

සෑම සුමානයකටම එක වරක් පමණක් යමාල් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මොස්කව් සිට සලිහාර්ඩ් නගරය දක්වා පියාසර කරනවා. මේ ගුවන් යානයේ ආසන ලබා ගැනීම ලෙහෙසි පහසු නැහැ. මාස 5කට කලින් මට සිදුවුනා අවශ්‍ය ගුවන් ටිකට් පත් මිලදී ගන්න. මේ ගුවන් යානයේ වැඩි වශයෙන් ගමන් ගන්නේ සාලිහාර්ඩ් සහ යමාල් පෙදෙසේ ගැස්ප්‍රොම් ආයතනයේ සේවක සේවිකාවන්. සලිහාර්ඩ් නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයේ සිට කි.මී 4200ක් උතුරු ප්‍රදේශයට වන්නට. මේ නගරය රුසියාවේ දුෂ්කර පලාතක පිහිටි නගරයක් නිසා මෙහි ජීවත් වෙන්නටත් රැකියා කරන්නටත් රුසියානු ජාතිකයින් දක්වන්නේ මැලිකමක්.  වසරේ මාස 9කටත් අධික කාලයක් අධික සීත කාලයත් මාස 2ක පමණ කාලයක් ගිම්හාන කාලයක් ඇති මේ පළාත හඳුන්වන්නේ යමාල් ප්‍රාන්තය කියලා. යමාල් යන වචනයේ අදහස ලෝකයේ කෙළවර යන තේරුම. මේ ප්‍රදේශයේ රැකියා කරමින් ජීවත් වීමට කැමති පුද්ගලයින් හට රුසියානු රජය විසින් විශේෂ දීමනාවක් ගෙවනවා. ඒ අනුව තමාට හිමි වැටුපට අමතරව සෑම මසකම වැටුපෙන් තවත් 80%ක ප්‍රමාණයක් මෙසේ දීමනාවක් වශයෙන් ගෙවනවා. ඊට අමතරව අවශ්‍ය නිවාස පහසුකම් ලබා දෙන්නටද රජය බොහෝ විට කටයුතු කරනවා. මෙවැනි පහසුකම් කොපමණ ලබා දුන්නත් තවමත් මේ ප්‍රදේශයේ ජීවත් වන්නේ 50,000 කටත් අඩු ජනතාවක්. 

" සත්‍යය - ඒ මගේ ආයුධයයි. ඒ ආයුධය ඉදිරියේ ලොව සියලුම හමුදාවන් අසරණය."  ගුවන් තොටුපලින් එලියට ගිය අපිට චෙච්නියාවේ හිටපු ජනාධිපත් කදිරෝව්ගේ මේ ප්‍රකාශය දැක ගන්නට පුළුවන් වුනා. 

 

මුළු චෙච්නියාවේම ජනගහනය මිලියන 1.4ක් පමණ වෙනවා. තවත් මිලියන 1.5ක් පමණ යුද්ධය කාලයේදී රට අත හැර ගොස් ලෝකයේ වෙනත් රටවල පදිංචිවී සිටිනවා. ඒ වගේම යුද්ධය නිසා කොතරම් සංඛ්‍යාවක් මියගියාදයයි කියා කියන්නට අමාරුයි. රුසියාවේ සංඛ්‍යා ලේඛන වලට අනුව එය 160,000ක් පමණ වෙනවා.

ග්රෝස්නි නගරයේ වර්තමාන තත්වය පැහැදිලි කරන්න හොඳම තැන තමයි ග්රෝස්නි සිටි හෝටල් සහ නිවාස සංකීර්ණය. ග්රෝස්නි නගරයේ උසම ගොඩනැගිල්ල තමයි මේ නිවාස සංකීර්ණය. මෙහි මුදුනේ ඇති හෙලිකොප්ටර් අංගනයේ සිට මුළු නගරයම පැහැදිලිව පේනවා.

යුද්ධය අවසානයේදී ග්රෝස්නි නගරයේ එක ප්‍රදේශයක් දිස්වූ අයුරු 

මේ ඒ ප්‍රදේශය අද දිස්වන අයුරු. මා මේ ජායාරුපය ගත්තේ ග්රෝස්නි සිටි නිවාස සංකීර්ණය මුදුනේ සිට.  පුදුමය ඇත්තටම මෙය නොවේ. මේ සියල්ලටම ගතවී ඇත්තේ වසර 10කටත් අඩු කාලයක්. 

DSC_0371.JPG

Grozny-The city that rebuild from ashes.

2003 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකට අනුව ලෝකයේ වැඩිම විනාශයක් සිදුවූ නගරය හැටියට සඳහන් වෙන්නේ ග්රෝස්නි නගරය. නැවත ගොඩ නගන්නට බැහැයි තීරණය කරපු ග්රෝස්නි නගරයේ අද තත්වය තමයි මේ. පුදුමයි එත් ඇත්තයි. වසර 10කටත් අඩු කාලයක් තුල මෙතරම් සීග්‍ර සංවර්ධනයක්.  මුළු ග්රෝස්නි නගරයේ කිසිදු තැනෙක පැරණි යුද්ධයේ නටබුන් හෝ විනාශ වී ගිය ගොඩනැගිලි ප්‍රදේශ දක්නට නැහැ.  ඒ වගේම මුළු චෙච්නියාවේම තත්වය මෙයයි. සියලුම් දේවල් කඩා ඉවත් කර හෝ නැවත ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

සෝවියට් දේශය සමයේ ග්රෝස්නි නගරයේ තිබුන ප්‍රධාන මාවත් වුනේ ලෙනින් මාවත. අද ඒ මාවත් හඳුන්වන්නේ රුසියාවේ ජනාධිපති පුටින්ගේ නමින්. මීට වසර කිහිපයකට පෙර යෙදුනු රුසියානු චෙච්නියා සම්බන්ධතා වල 420 වන සංවත්සරයේදී චෙච්නියාවේ ජනාධිපති රම්සාන් කදිරෝව් විසින් මේ මාවත එසේ නම් කළා. 

grozny-city-russia-from-above-night-view

සීතලට මුළු යාකුටියාවම ගල් වෙලා. මේ පැත්තේ බොහෝ නිවාස වලට වතුර පයිප්ප නැහැ. ඒ සීතලට මිදෙන නිසා. ඒ නිසා තමයි මිනිස්සු ගඟේ මිදුණු වතුර අයිස් කියුබ් හැටියට කපා ගෙන ගෙවල් වලට ගේන්නේ....

ග්රෝස්නි නගරය සත්‍ය වශයෙන්ම යුරෝපීය නගරයක් බවට පත්වී හමාරයි.  හැබැයි ඒ ආසියානු සහ මුස්ලිම් සංකලනයක් එක්ක. නගර මධ්‍යයේ ඉදිකර තිබෙන චෙච්නියාවේ හදවත නමින් හඳුන්වන මුස්ලිම් පල්ලිය යුරෝපයේ දක්නට ලැබෙන විශාලම සහ අලංකාරම පල්ලිය. මේ පල්ලිය නම් කර තිබෙන්නේ ජනාධිපති රම්සාන් කදිරෝව්ගේ පියාගේ නමින්. 2008 වසරේ රුසියානු ජනාධිපති පුටින් විසින් මේ පල්ලිය විවෘත කරනු ලැබුවා. 10,000කට අධික පිරිසකට එකවර යාඥ කිරීමට මේ පල්ලියේ ඉඩ කඩ තිබෙන අතර දිවා රාත්‍රී දෙකෙහිම විවෘතව පවතිනවා. රාත්‍රී කාලයේ විදුලි බුබුළු වලින් ආලෝක කර තිබෙන  ග්රෝස්නි සිටි නිවාස සංකීර්ණය සහ මේ චෙච්නියාවේ හදවත නමැති පල්ලිය ග්රෝස්නි නගරයට අමුතුම අලංකාරයක් ගෙන එනවා.

 

යුද්ධය නිමාවී අදට වසර 10ක් පමණ ගත වෙනවා. රම්සාන් කදිරෝවෝව්ගේ පාලන සාමය තුලදී චෙච්නියාව ලබා ගෙන තිබෙන ජයග්‍රහණ සහ සංවර්ධනය කියා නිමකළ නොහැකියි.  එදා චෙච්නියාව ගැන චෙච්නියා ජාතිකයින් ගැන වෙනත් අදහසක් දරු රුසියානුවන් අද ඒ මතයන් වෙනස් කර ගෙන තිබෙනවා.  චෙච්නියාවෙන් පලා ගිය ජනතාව වෙත ජනාධිපති කදිරෝව් විවෘත ආරාධනාවක් කර තිබෙනවා නැවත පැමිණ රටේ දියුණුවට දායක වන ලෙස. 

චෙච්නියාවේ සෑම තැනකම පාහේ ජනාධිපති කදිරෝව්, ඔහුගේ පියා ගේ ජායාරුප දක්නට ලැබෙනවා. ඒ සෑම ජායාරුපයක් සමගම රුසියානු ජනාධිපති පුටින්ගේ ජායාරුපද දක්නට ලැබෙනවා. ගොඩනැගිලිවල, පමණක් නොව සාමාන්‍ය ජනතාව තම මෝටර් රථ වලද ජනාධිපති කදිරෝව්ගේ ජායාරුප ප්‍රදර්ශනය කරනවා. ඇත්තටම කදිරෝව් චෙච්නියාවේ ප්‍රබලම සහ වැඩිම දෙනෙක් හඳුනන චරිතය. 

චෙච්නියාවේ භුමි ප්‍රමාණය අපේ රටේ ප්‍රමාණයෙන් 1/4ක් පමණ වෙනවා.  ග්රෝස්නි නගරයේ සිට විනාඩි 40ක ගමනකින් රමණීය පරසරකින් යුක්ත අර්ගුන් නිම්නයට පිවිසෙන්නට පුළුවන්. දෙවන චෙච්න්යා යුද්ධයේදී මේ අර්ගුන් නිම්නයේ බිහිසුණු සටන් ඇතිවූවා. මේ සටන චෙච්නියානු ඉතිහාසයේ සඳහන් වන්නේ Battle for Height 776 නමින්. රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ වාර්තා වලට අනුව අර්ගුන් නිම්නය ආරක්ෂා කර ගැනීමේ සටනේදී රුසියානු හමුදා සාමාජිකයින් 1000 කට අධික ප්‍රමාණයකුත් චෙච්නියානු ගරිල්ලන් 700කට අධික ප්‍රමාණයකුත් මියගොස් තිබෙනවා. 

2001 වසරේදී රුසියානු ජනාධිපති පුටින් විසින් රුසියානු හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට රුසියාවේ වීරයා යන සම්මානය පුද කරනු ලැබුවා මේ Battle for Height 776 සටන වෙනුවෙන්. පුරා වසර 10ක් තිස්සේ පැවැත්වුණු රුසියානු ඇෆ්ගනිස්තාන් යුද්ධයේදී පවා සෝවියට් දේශයේ වීරයා සම්මානයෙන් පුදනු ලැබුවේ හමුදා සාමාජිකයින් 65ක් දෙනෙක් පමණයි. චෙච්නියානු යුද්ධයේ මේ Battle for Height 776 සටන සහ එහි භයානකත්වය ඔබට මෙයින්ම වැටහෙනවා ඇති. මේ අර්ගුන් නිම්නයේ සටන් වෙනුවෙන් රුසියානු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් මෑත කාලයේදී බිහිවී තිබෙනවා.

 

මාත් සමග අර්ගුන් නිම්නයට පැමිණි මා මිත්‍ර චෙච්නියානු ජාතිකා අන්සොර් පවසන්නේ රමණීය අර්ගුන් නිම්නයේ නිහඬතාවය, දොළ පාරවල් ගුරු පාරවල් පෙන්වන සුන්දරත්වය තුල ඇත්තේ දහස් ගණනක රුසියානු සහ චෙච්නියානු හමුදා සාමාජිකයින්ගේ දුක් සුසුම් කඳුළු,රුධිරය මෙන්ම වීරත්වයේ සංකේතයන් බවයි.  

කොකේශියාවේ මුතු ඇටය - කසනොයි-අම් විල - Pearl of the Caucasus

DSC_0404_edited.JPG

චෙච්නියානු ජාතිකයින් කොකේශියාවේ මුතු ඇටය නමින් හඳුන්වන කසනොයි-අම් විල නරඹන්නට යන්නට මට අවස්ථාවක් ලැබුනා. ග්රෝස්නි නගරයේ සිට කිමී 85ක් පමණ අතිශයින්ම සුන්දර මාර්ගයක අවසානයේ කඳු වලින් වටවූ ස්ථානයක තමයි මේ විල පිහිටා තිබෙන්නේ. සීත සමයේ  අවසානය වුවද  අප යන විටත් විල සම්පුර්ණයෙන්ම වාගේ අයිස් තට්ටුවකින් වැසිලා තිබුනා. මුහුදු මට්ටමේ සිට මීටර් 1870ක් මේ විල තිබෙන්නේ.  මීටර් 74ක් ගැඹුර නිසා කොකේශියානු රටවල් අතරින් ගැඹුරුම විල හැටියට මෙය සැලකෙනවා.  වසන්ත සමයේ මේ විල හා අවට ප්‍රදේශය සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යනවා. මෙය චෙච්නියාවේ ඇති වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන ස්ථානය.

Tsoi-Pede - Chechn city of the dead සෝයි-පෙදේ - චෙච්නියාවේ මළවුන්ගේ නගරය

චෙච්නියාවේ මළවුන්ගේ නගරය පිහිටා තිබෙන්නේ ජෝර්ජියා දේශසීමාවට ආසන්නයේ. මගේ සංචාරයේ එක් අරමුණක් වුනේ මේ ස්ථානය දැක බලා ගන්න. මළවුන්ගේ නගරය කීවාට මේ ස්ථානය කිසිම ආකාරයකින් චෙච්නියානු යුද්ධයට සම්බන්ධ නැහැ. 


රුසියාවත් ජෝර්ජියාවත් අතර තිබෙන්නේ උණුසුම් දේශපාලන වාතාවරණයක්. මේ නිසා මේ දේශ සීමාව සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙන්නේ. දේශ සීමාව අසලට යාම සඳහා විශේෂ අවසරයක් රුසියානු විශේෂ ආරක්ෂක බලකායෙන් ලබා ගන්නට සිදු වුනා.

කි.මී. 110ක් පමණ ජෝර්ජියාව දෙසට ග්රෝස්නි නුවර සිට අපි ගමන් කළා. ගුරුපාරවල් වල සහ ගංගා මතින් අපේ ජීප් රිය ධාවනය වුනා. 
රුසියානු පොලිස් මාර්ග බාධක කිහිපයක් පසු කල අපි අවසානයේදී පැමිණුනේ ජෝර්ජියා දේශ සීමාව අසල පිහිටා තිබෙන රුසියානු හමුදා කඳවුර වෙත. එතන පරීක්ෂා කිරීම් වලින් අනතුරුව සෝයි-පෙදේ කඳු වැටී තරණය කරන්න අප සුදානම් වුනා. 

පසුව මේ මාළු බොහෝ දුරට පරිභෝජනයට ගන්නේ අමුවෙන්.  ඒ මාළු නිවසේ කෑම මේසය මතට ඒ මිදුණු ආකාරයෙන්ම ගෙන එනවා. 

චෙච්නියානු භාෂාවෙන් සෝයි-පෙදේ කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදය යන තේරුම.  චෙච්නියානු ජාතිකයින් විශ්වාශ කරන අන්දමට 5-15 වන ශත වර්ෂ දක්වා මේ ස්ථානයේ ඉතිහාසය පැතිරී යනවා. මේ කඳු වැටී මුදුනේ ඇති ගල් ගුහාවල මිනිස් ඇටකටු විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. මල්හි නමින් හඳුන්වන නැතිනම් සුර්යය දෙවියන්ග ආශීර්වාදය ලත් මිනිසුන් ආදී කාලයේ මේ ස්ථාන වල ජීවත් වූ බවක් ඉතිහාසයේ සඳහන් වෙනවා. 

ඒ වගේම චෙච්නියානු ජනප්‍රවාද වලට අනුව මේ මල්හි මිනිසුන් හට වැළදුණු වසංගත රෝගයකින් අනිකුත් ජනතාවන් ආරක්ෂා කර ගැනීම සඳහා සෝයි-පෙදේ කඳු මුදුන්වල ඇති ගල්ගුහා වලට දමා වසා දැමු බවත් සඳහන් වෙනවා. දැනට සොයාගෙන ඇති අන්දමට මිනිසුන් 42කුගේ පමණ ඇටකටු මේ ස්ථානයෙන් දක්නට ලැබෙනවා. 

 

දර්ශනීය පරිසරය සහ නැවුම් වාතාශ්‍රය නිසා චෙච්නියාවේ මේ ප්‍රදේශය සංචාරකයින් අතර ප්‍රසිද්ධ වුවත් පැමිණීමට ඇති අපහසුතාවයන් නිසා සංචාරකයින් දක්නට ඇත්තෙම නැහැ. 

රුසියානු සහ චෙච්නියානු ජනතාව අතර පලුදුවූ සම්බන්ධතා නැවත යලි යථා තත්වයට ගෙන එන්නට චෙච්නියානු රජය අපමණ උත්සාහයක් දරනවා.  අප නැවතී සිටි හෝටලයට විශාල රුසියානු ජාතිකයින් පිරිසක් පැමිණි සිටි නිසා ඒ පිළිබඳව මම විමසා බැලුවා. පළමුවන සහ දෙවන චෙච්නියා යුද්ධ වලින්  මරණයට පත් රුසියානු ජාතිකයින්ගේ නෑදෑයන් හට චෙච්නියාවට පැමිණ නෑදෑයන්ගේ සොහොන් කොත් වලට ගෞරව දැක්වීමට සහ ආගමික කටයුතු වල යෙදීමට සෑම වසරකදීම චෙච්නියානු රජය පහසුකම් සලසා දී තිබෙනවා. චෙච්නියානු රජය මගින් ඒ වෙනුවෙන් අවශ්‍ය ගුවන් ටිකට්පත් සහ නවාතැන් ගාස්තු ගෙවනු ලබනවා.  ජාතීන් දෙකක් අතර සංහිදියාව නැවත ගොඩ නගන්නට මේ  නම් දැවැන්ත පියවරක්. 

 

චෙච්නියාවේ අධ්‍යාපනය සිදුවන්නේ රුසියානු භාෂාවෙන්. චෙච්නියානු භාෂාවත් පාසල් අධ්‍යාපනයේ එක විෂයක්. මා තේරුම් ගත් අන්දමට රුසියානු සමුහාණ්ඩුවේ නීතියත් චෙච්නියානු සාම්ප්‍රදායික නීතිත් අතර (චෙච්නියානු භාෂාවෙන් එය අදාත් නමින් හඳුන්වනවා) සංකලනයක් තමයි චෙච්නියාවේ භාවිතා වන්නේ. චෙච්නියානු කාන්තාවන්ට රජය විසින් නීතිමය ඇඳුමක් පනවා තිබෙනවා. සියලුම රජයේ සේවකයන් ඒ ආකාරයට ඇඳුම් ඇඳිය යුතුයි.  පෞද්ගලික ආයතන වල සේවය කරන සහ සාමාන්‍ය කාන්තාවන්ට මෙය අදාළ නැහැ. හැබැයි චෙච්නියානු කාන්තාවන්ට කලිසම් ඇඳීම තහනම්.  ඒ වගේම පිටින් පැමිණෙන විදේශිකයින්ට සහ සංචාරකයින්ට මේ නීති රීති කිසිසේත් අදාළ නැහැ. මෙවැනි දෑ රුසියානු සමුහාණ්ඩුවේ ව්‍යවස්ථාව අනුව එකඟද නැතිද යන්න ගැන මා චෙච්නියානුවන් සමග අදහස් හුවමාර කර ගත්තත් එයට පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට අපහසු වුනා.

මා දැනට ලෝකයේ බොහෝ රටවල් වල නගර වල සංචාරය කර තිබෙනවා. වරක් සංචාරය කල පෙදෙසකට නැවත වාරයක් යන්නට මට සිතී ඇත්තේ ඉතා කලාතුරකින්. චෙච්නියාව එවැනි ස්ථානයක්. නැවත  කෙදිනක හෝ අවස්ථාවක් ලැබෙන්නේ නම් චෙච්නියාවට යන්නට මා සුදානම්.  චෙච්නියාවෙදී මා දුටුවේ බොහෝ බටහිර මාධ්‍ය විසින් පවසන බියජනක විකෘති කල දර්ශන නොවේ.  මීට වසර කිහිපයකට පෙර චෙච්නියානු වැසියන් ගැන තිබු අප්‍රසාදය අද රුසියානුවන් කෙරෙන් කෙමින් කෙමින් තුරන් වේගන යනවා. චෙච්නියාවෙන් පිටවූ වැසියන් නැවත චෙච්නියාවට පැමිණ පදිංචි වෙමින් පවතිනවා. 

 

චේච්නියාව ගැන රුසියාව තුල මෙන්ම ලෝකයේ බොහෝ රටවල් තුල ඇත්තේ විවාදාත්මක අදහස්. බොහෝ අදහස් ප්‍රකාශ වී ඇත්තේ කිසිම දිනෙක චේච්නියාවේ දිනකට හෝ සංචාරය නොකළ පුද්ගලයින්ගේ මාධ්‍ය වාර්තාවන්ගෙන්. යුද්ධයෙන් අධික ලෙස විනාශයට පත් වුනු චේච්නියාවේ ආර්ථික සංවර්ධනය උදෙසා රුසියානු ජාතික ධනය සහ බදු මුදල් වැය කිරීම ගැන බොහෝ රුසියානුවන් තුල අප්‍රසාදයක් ඇතත් ඒ නිසා යුද්ධයක් නොමැතිව සාමයෙන් ජීවත් වීමට අවස්තාවක් උදා වීම නිසා ඔවුන් තුල ඇත්තේ ප්‍රසාදජනක සිතුම් පැතුම්. 

 

රජයක් විසින් තම පුර වැසියන්ට අවම වශයෙන් අවශ්‍ය මුලික පහසුකම්වත් සපයා දෙන්නේ නම් ඔවුන් රට හැර යාම සහ අනිකුත් සාමාජීය ප්‍රශ්න බොහෝ දුරට විසඳා ගන්නට පුළුවන්.චෙච්නියාව අද එයට පැහැදිලි උදාහරණයක්.

ගුවන් තොටුපලේදී අපෙන් සමුගත් චෙච්නියානු සංචාරක ආයතනයේ රෝසා ගේ වචන කිහිපයක් මට මතක් වෙනවා.  " කවුරු පාලනය කලත් කොච්චර කාලයක් පාලනය කලත් යුද්ධයක් නැතිව අපිට සාමයෙන් ජීවත් වෙන්න තියෙනවා නම් අපේ ප්‍රාර්ථනාව එයයි." වසර සියයක් තුල බිහිසුණු යුද්ධ 4කට මුහුණ දුන් චෙච්නියානු ජනතාවගේ සිත් තුල සාමයේ මල් කැකුළු පූදින මේ අවස්ථාව චෙච්නියානු රුසියානු සම්බන්ධතා වල අමරණීය සිහිවටනයක් වන බව නම් සැකයක් නැහැ.  

 

මේ සාමය ලැබිලා තියෙන්නේ දස දහස් ගණනක මිය ගිය රුසියානු සහ චෙච්නියානු ජාතිකයින්ගේ සිරුරු මතින්. එය මිල කල නොහැකියි. ඒ නිසා මේ සාමය ආරක්ෂා කර ගැනීම දෙපක්ෂයේම වගකීමක් වෙනවා. 

 

සටහන ටිකක් දිග වැඩි වුනත් චෙච්නියාවේ වර්තමාන තත්වය පිළිබඳව ඔබට තරමක අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මම හිතනවා.

රොහාන් ඩිරෙක්ස් 

rohandx@hotmail.com

More Comments:

Tharaka madushanka - ආසාවෙන් කියවපු ලිපියක්👌👌

Sanath - Heart touching article. Welldone direx! 

Harshana Jayathilake - කියවන්න කැමති සංචාරක සටහනක්. ස්තූති ඔබට.

Rohana Kokonar - ඉතාමත් වටිනා තොරතුරැ රාශියක් සහිත ලිපියක්.

Manjula Edirisinghe - ඉතා අනර්ඝ මහඟු ලිපියක්

Shanaka - Supiri..

Nishantha Fernando - ඇත්තටම හොද ලිපියක්.. නොහිතපු දේවල් ගොඩක් ඉගෙන ගත්තා 

Gayan Harshana - හරිම රසවත් විස්තර කිරීම ස්තුතියි ඔබට අපිව ලෝකය දකින්න රැගෙන යනවාට

Gayan Harshana - මෙය ඉතා හරවත් ලිපියකි .ඔබට සුබ පතමි

Asithanjana Batuwantuduwa - Thank you for your valuable article. My friend and your brother Priyantha Direksze gave me this link. It is a good site to any traveller. I love travelling but difficult to find budget for that. Therefore I thanks again for sharing your journies.

Dhanuka - Hello .. Rohan.. Thank you so much for your article..
I'm very interesting to follow Lenin and Starlin. If you know some article about them, please let me know.. 
Thanks.

Ravish Tharaka - I'm kind of attracted to soviet Russian countries because of their history and  culture..so thank u for this interesting article

Ashen - වටිනා ලිපියක්.. තව තවත් මෙනැනි ලිපි

ගෙනඒමට ඔබට සුබ පැතුම්.

Anuradha Jayasekara - You are doing a great service sir...

Sudharshani - හරිම රසවත් විස්තර කිරීම ස්තුතියි ඔබට අපිව ලෝකය දකින්න රැගෙන යනවාට

Susantha - you are very lucky, thanks for your all posts. I read your posts and those are very interesting and valuable

Ishara Wimalaweera - great job dear mr. Rohan.. You have realized my dream to travel along great Russia

Prasad Jinadasa - Excellent story....i have never heard that.Thanks

Harshana Jayatilake - මම ඔබගේ ලිපි කියවන්න කැමතියි..ස්තූතියි..ලිපිය කියවනවිට දැනේනවා..මැවෙනවා...

Lankara - ගොඩාක් ස්තුතියි.හැමදාමත් මේ වගේ ලිපි ලියන්න ශක්තිය ලැබේවා 

Susantha - obata godak sthutiyi, api nodanna, deval godak oyagen igana gaththa
Mangala - This is nice Sanchara story. This Sanchara story is more interesting than others since it's open up some closed stories. Thanks.

Kanishka - mewa samajawadaye waradi nowei soviet niladariwadaye waradi namuth edath adath heath mama soviet deshaya nam sreshta ratata garu karami