ඔබ කිසි දිනෙක නොදැකපු නොඅසපු කියුබාවක් 

 The photos and videos don’t lie.  You Won’t Understand Cuba Until You Read My Articles.......

කියුබාවට පායන්නෙත් අපිට පායන ඉරමයි. ඒ වුනත් මේ ඉරවල් දෙක අතර වෙනසක් තිබෙනවා කියල මට තේරුනේ කියුබාවේ සංචාරයෙන් පස්සේ. සංචාරයේ අවසාන දිනයේ මා සමග ගුවන් තොටුපලට පැමිණුනු ටැක්සි රථ රියදුරා සමග කතාවට වැටුනේ ඔහුට තරමක් ඉංග්‍රීසි පුළුවන් නිසාත් මටත් තරමක් ස්පාඤ්ඤ භාෂාව පුළුවන් නිසාත්....

ඇමෙරිකාවට සීතල යුද්ධයේ අමිහිරි රස හඳුන්වා දුන්නේ ෆිදෙල් කැස්ත්‍රෝ. ඇමෙරිකානු ජනාධිපතිවරු 11 දෙනෙක් සමග ගැටුණු ෆිදෙල් කැස්ත්‍රෝ ගැන කියුබානු ජාතිකයින් නොයෙක් ආකාරයේ මත දරනවා. ෆිදෙල් කැස්ත්‍රෝට වඩා වැඩි කාලයක් බලයේ සිටින්නේ දෙවන එලිසබෙත් රැජින විතරයි. 

තවත් කි.මී. 250ක් යන්න තියෙනවා. කැඩිලා බිඳිලා ගිය පාරවල්, මඩ වගුරු, පහුකර ගෙන නමුත් දර්ශනීය කඳු වැටී බොලීවියාවේ ස්වභාවික පරිසරය හරහා අපි මේ යන්නේ චේ ගුවේරා තම ජීවිතයේ අවසන් පැය කිහිපය ගත කල ස්ථානයට. මේ ස්ථානයෙදී තමයි චේ ගුවේරා බොලීවියානු රජයට එරෙහිව තම ගරිල්ලා ව්‍යාපාරය මෙහෙයවා අවසානයේදී බොලීවියානු හමුදා අත් අඩංගුවට පත් වුනේ. 

1980 දශකයේ දී කියුබානු ජනතාවන් හවානා නගරයේ විදේශීය තානාපති කාර්යාල වෙත කඩා වැදී දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම කිහිප වතාවක්ම සිදුවුනා. මෙයින් විශාලම සිද්ධිය වුනේ 1979 වසරේ අප්‍රේල් මාසේ 1 වැනිදා කියුබානුවන් පිරිසක් බස් රථයකින් පේරු තානාපති කාර්යාලයේ ගේට්ටුව බිඳ දමමින් තානාපති කාර්යාල කඩා වැදී දේශපාලන රැකවරණ ඉල්ලා සිටියා.  මේ සිද්ධියේදී තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි එක් කියුබානු හමුදා භටයෙක් මරුමුවට පත් වුනා. 

කියුබාවට යන්නට රුසියාවේ මොස්කව් නගරයේ සිට පැය 13ක ගුවන් ගමන් කාලයක්. ගුවන් යානයේදී ගුවන් සේවිකාවක් විසින් ලබා දුන් සඟරාවක ෆිදෙල් සහ චේ ගුවේරා ගැන ලියවුනු ලිපියකට මගේ අවධානය යොමු වුනා. "අද ෆිදෙල් කැස්ත්‍රෝ ජීවතුන් අතර නැහැ. චේ ගුවේරාත් ජීවතුන් අතර නැහැ. ඔවුන් දෙදෙනාට කොහේදී හරි හමුවන්නට දැන් නැවත වාරයක්  අවස්ථාව උදා වෙලා තිබෙනවා."....