1959 ජනවාරි මස 1 වැනිදා ලෝකයට හිරු උදා වුනේ අලුත් කොමියුනිස්ට් රාජ්‍යයක් ලොවට බිහි කරමින්. බැටිස්ටා ගේ පාලනයට විරුද්ධව ආයුධ සන්නද්ධ විප්ලවයකින් කියුබාවේ බලය අල්ලා ගැනීමෙන් ෆිදෙල් කැස්ත්‍රෝ සහ චේ ගුවේරා ඇතුල් පිරිසට පුළුවන් වුනා. 

1980 දශකයේ දී කියුබානු ජනතාවන් හවානා නගරයේ විදේශීය තානාපති කාර්යාල වෙත කඩා වැදී දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම කිහිප වතාවක්ම සිදුවුනා. මෙයින් විශාලම සිද්ධිය වුනේ 1979 වසරේ අප්‍රේල් මාසේ 1 වැනිදා කියුබානුවන් පිරිසක් බස් රථයකින් පේරු තානාපති කාර්යාලයේ ගේට්ටුව බිඳ දමමින් තානාපති කාර්යාල කඩා වැදී දේශපාලන රැකවරණ ඉල්ලා සිටියා.  මේ සිද්ධියේදී තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි එක් කියුබානු හමුදා භටයෙක් මරුමුවට පත් වුනා. 

තානාපති කාර්යාලයේ බැල්කනියක් මතට නැගී කියුබානු රජය වෙත තම විරෝධය පල කරමින් කියුබාවෙන් පිටවී යාම තම මොවුන්ගේ අරමුණ වුනේ. කියුබානු රජය මේ පුද්ගලයින් නැවත භාර දෙන ලෙස ඉල්ලා සිටියත් පේරු තානාපති කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මේ නිසා තත්වය තවත් බැරෑරුම් වුනා.  අවසානයේදී කියුබානු පාලකයන් තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් ඉවත් කර ගත්තා. 

Please reload

ප්‍රශ්න ගොඩකට මැදිවුණු කියුබානු නිලධාරීන් ප්‍රකාශ කලේ මේ පුද්ගලයින්ට කිසියම්  රටක් නීත්‍යානුකුලව වීසා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඔවුන්ට රටින් පිටවී යාමට අවසර දීම පුළුවන් බවයි.  කියුබානු රජයේ මේ ප්‍රකාශයත් සමගම අති විශාල ජනතාවක් තානාපති කාර්යාල භූමියට පැමිණෙන්නට වුනා. පැය 3ක් ඇතුලත 10,000කට අධික පිරිසක් මෙසේ පැමිණුනා. 

"කෑම, වතුර නොවෙයි අපිට ඕන. මේ රටින් පිටවෙන්නයි ඕන." 

මේ පුද්ගලයින් දින ගණනාවක් මෙසේ කෑම බීම නොමැතිව තානාපති කාර්යාල භුමියේ උද්ඝෝෂණ කරන්නට වුනා. මේ වන විට පේරු රාජ්‍යය 850 දෙනෙකුට දේශපාලන රැකවරණ ලැබ දෙන්නට පොරොන්දු වී සිටියා.

මේ කියුබාව සෝවියට් දේශයේ ආධාර උපකාර මත සහ තම රටේ උපරිම ආර්ථික වර්ධනයක් ලබා ගනිමින් සිටි කාලයක්. ඇමෙරිකාවට පක්ෂව කිසිම දෙයක් කියුබාව තුල කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. කොණ්ඩය වැවීමේ සිට ඇමෙරිකානු සංගීතය රස විඳීම පවා සිහිනයක්ව පැවති කාලයක් තුල තානාපති කාර්යාලයකට කඩා වැදී දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට ඉදිරිපත් වීම පුදුම සහගත දෙයක් ලෙස තමයි සමහර පුවත් පත් මේ සිද්ධිය හැඳින්වුයේ. 

බුරුන්ඩි දේශයේ රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ සහ කිරුන්ඩි භාෂා. නමුත් අසල්වැසි රුවන්ඩාවේ ස්වාහිලී භාශාවද බොහෝ දෙනෙක් භාවිතා කරනවා. 

​බුරුන්ඩි වැසියන් සමග අපිට අදහස් හුවමාරු කර ගන්නට හැකි වුනේ ඉතා අල්ප වශයෙන්. නමුත් අපේ මාර්ගෝපදේශකයා හරහා බොහෝ කරුණු දැන ගන්නට හැකි වුනා.  

බුජුම්බුරා නගරයේ සිට කි.මී. 12ක් පමණ යන විට මුණ ගැසෙන මුගේරේ නගරයේ පිහිටා තිබෙන එක සිහිවටනයක් නිසා බුරුන්ඩි දේශය විදේශිකයින් අතර ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙනවා. මේ තමයි ලිවින්ග්ස්ටෝන්-ස්ටැන්ලි ස්මාරකය. ලෝක ප්‍රසිද්ධත්වයට පත් වූ ගවේෂක ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන් සහ මාධ්‍යවේදී ගවේෂක හෙන්රි ස්ටැන්ලි 1871 වසරේ නොවැම්බර් මාසයේ 25-27 යන දින වලදී මුණ ගැසුනේ මේ ස්ථානයේදී.

බුරුන්ඩි රටේ සුන්දරත්වය, ජනතාවගේ සංග්‍රහශීලී බව, ජන ජීවිතය සියල්ල වසා ගෙන පැතිරෙන්නේ මේ දේශපාලන අස්ථිරභාවය.  යුරෝපය අප්‍රිකාවෙන් ඉවත් වුනත් ඉතුරු කර දුන් දායාදය සදාකාලිකයි කියලා හිතෙනවා. ඉතිහාසය හැමදාමත් අපිට පාඩම් කියලා දෙනවා . නමුත් ඉතිහාසය පාඩම් කියා දුන්නට බුරුන්ඩි දේශය මේ පාඩම් වලින් තවමත් ඉගෙන ගෙන නැති පාටයි. 

 

බුජුම්බුරාවට කවදා හිනැහෙන්න ලැබේවිද!

රොහාන් ඩිරෙක්ස්