Home මුල් පිටුව
Sanchara Art Store
Sanchara Videos
Visited Countries සංචාර කල රටවල්
Blog
Contact
More
කියුබාවට සංචාරය කරන්න ඕන කියලා මට සිතුනු වාර අනන්තයි. නමුත් ඒ එක් වාරයකදී වත් මට අවශ්‍ය විදිහට සංචාරය සකස් කර ගන්න හැකියාවක් ලැබුනේ නැහැ. අන්තර් ජාලයෙන් සොයා ගත් විද්‍යුත් ලිපින වලට කොපමණ ලිව්වත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. කියුබාවේ ජීවත් වන රුසියානු ජාතිකයින් කිහිපදෙනෙක් සමගද මා අන්තර් ජාලය හරහා සම්බන්ධතා පැවැත්වුවත් මා ඉල්ලු ස්ථාන වලට යාමට සහයෝගය දැක්වීමට ඔවුන් එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ.
මේ ඇමෙරිකානු සිහිනය වෙනුවෙන් තම ජීවිතය වුනත් පුද කරන්නට සමහර කියුබානුවන් පසුබට වෙන්නේ නැහැ. අනවසර ධීවර යාත්‍රා, ඩිංගි බෝට්ටු භාවිතා කරමින් කෙසේ හෝ අත්ලාන්තික සාගරය තරණය කර ඇමෙරිකා එක්සත් ජනපද වෙරළේ තම දෙපා තබන්නට හැකිනම් ඇමෙරිකාවේ දේශාලන රැකවරණ සහ සරනාඝතයින් ලෙස ජීවත් වීමට හැකිබව කියුබානුවන් දැන සිටියා. කියුබානු රජය ප්‍රබල උත්සාහයක් දරනවා මේ ගමන් නතර කරන්නට. යම් විදිහකින් පවුලේ සාමාජිකයෙක් මේ ආකාරයට නීති විරෝධීව ඇමෙරිකා එක්සත් ජනපදයට පලා ගියහොත් ඔහුගේ මුළු පවුලටම දඬුවම් විඳීමට සිදුවෙනවා.
කියුබානු විප්ලවයේ ජයග්රහණයෙන් පසු 1959 ජනවාරි මස 8 වැනිදා ෆිදෙල් කැස්ත්‍රෝ හවානා නගරයට පැමිණුනා. Havana Libre හෝටලයේ 23 වන මහලේ ෆිදෙල් කැස්ත්‍රෝ තම කාර්යාලය පිහිටුවා ගත්තා. මේ 23 වන මහලේ විශේෂ සුඛෝපභෝගී කාමරයට හවානා නගරය සම්පුර්ණයෙන්ම දර්ශනය වන්නේ ඉතාමත් චමත්කාරජනක අන්දමින්...
කියුබාව සහ පැරණි සෝවියට් දේශය අතර පැවතුනේ ප්‍රබල මිත්‍රත්වයක්. කියුබාවේ මාවත් වල දිවෙන ලාඩා වාහන ඒ මිත්‍රත්වය සනිටුහන් කරන සාධකයක්. සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමගම ලාඩා වාහන ආනයනයත් නතර වුනා. ගමනාගමන පහසුකම් වෙනුවෙන් ඉතිරි වී තිබුණු බොහෝ ලාඩා වාහන කෙසේ හෝ වෙනස් කර හෝ අලුත්වැඩියා කර පාවිච්චි කරන්නට සිදුවුනා. මේ තනිකරම කියුබානු නිර්මාණයක්. සාමාන්‍ය ලාඩා වාහනයකට තවත් අමතර ආසන පේලියක් සවි කර භාවිතා කරන ආකාරය අද හවාන නගරයේ දැක ගන්නට පුළුවන්.
කියුබාවට පායන්නෙත් අපිට පායන ඉරමයි. ඒ වුනත් මේ ඉරවල් දෙක අතර වෙනසක් තිබෙනවා කියල මට තේරුනේ කියුබාවේ සංචාරයෙන් පස්සේ. සංචාරයේ අවසාන දිනයේ මා සමග ගුවන් තොටුපලට පැමිණුනු ටැක්සි රථ රියදුරා සමග කතාවට වැටුනේ ඔහුට තරමක් ඉංග්‍රීසි පුළුවන් නිසාත් මටත් තරමක් ස්පාඤ්ඤ භාෂාව පුළුවන් නිසාත්....