top of page
ගවේෂණ

සිංදු කියන ප්‍රතිමා   

Colossi of Memnon

  • Facebook
  • Instagram
  • YouTube

වසර 3400ක් වත් පැරණි යයි සැලකෙන ඊජිප්තුවේ ලුක්සොර් Luxor නගරයට ආසන්නව තිබෙන මේ දැවැන්ත ප්‍රතිමා යුගලය Colossi of Memnon ගැන අහලා තියෙනවද?

EGYPT - Colossi of Memnon - www.sanchara.lk

ඊජිප්තුවේ සංචාරය කරන්නේ නම් මේ ලුක්සොර් නගරය සහ මේ ප්‍රතිමා යුගලය දැක බලා ගැනීම අතිශයින්ම වැදගත්.

ඈත සිට බැලූ විට එක හා සමාන ප්‍රතිමා යුගලයක් ලෙස පෙනුනත් කාලයත් සමගම සිදුවුණු ගංවතුර තර්ජන සහ අනිකුත් ස්වාභාවික විපර්යාසයයන් නිසා පිළිම වල බොහෝ කොටස් වෙනස්වී හෝ විනාශයට ලක්වී තිබෙනවා.

ඊජිප්තුවරුන් නෙක්‍රොපොලිස් ලෙස හඳුන්වන්නේ සුසාන භුමිය නැත්නම් මළවුන්ගේ නගරය. මේ නෙක්‍රොපොලිස් මළවුන්ගේ නගරයේ (ක්‍රි.පූ. 14 වැනි සියවස) ඉදිරිපස ඇති තුන් වන පාරාවෝ අමෙන්හොටෙප්ගේ රජුගේ ප්‍රතිමා යුගලයයි මේ.

මේ ප්‍රතිමා තනිකර කළු ගලින් නිම කර ඇති මීටර් 18ක් උසැති මේ ප්‍රතිමාවක බර ටොන් 720ක් පමණ වෙනවා. මේ දැවැන්ත කළු ගල් කුට්ටි මේ ස්ථානයට ඊට කි.මී. 675ක් පමණ දුරින් පිහිටා තිබෙන කයිරෝ නගරයේ සිට ගෙන එන්නට ඇතැයි විශ්වාශ කලත් ඒවායේ අධික බර නිසා නයිල් ගඟ දිගේ මේ කළු ගල් කුට්ටි රැගෙන ආ බවට ඉතිහාසමය සාධක සොයා ගෙන නැහැ.

EGYPT - Colossi of Memnon - www.sanchara.lk

මේ දැවැන්ත ප්‍රතිමා දෙකේ කාර්ය භාරය වී තිබුනේ එදා අමෙන්හොටෙප් සුසාන භූමියට ආරක්ෂාව සැපයීම. අවාසනාවකට මෙන් නයිල් ගඟ නිසා මේ ප්‍රදේශයේ ඇතිවන වාර්ෂික ගංවතුර තර්ජන නිසා අද ඉතිරිව ඇත්තේ මේ කොටස් කිහිපයක් පමණයි.

ක්‍රි. පූ. 27 දී ඇතිවුණු විශාල භුමි කම්පාවක් නිසා මේ ප්‍රතිමා වල පහල කොටස් සම්පුර්ණයෙන්ම විනාශ වූ බවට ඉතිහාසඥයින් පවසනවා. නමුත් මේ විනාශයන් පසුව ජනතාව අතර මේ ප්‍රතිමා යුගලය උදෑසන කාලයේදී  ගීත ගායනා කරන බවට රාවයක් පැතිර ගොස් තිබුනා. මේ බව ඉතිහාසගත බොහෝ ලේඛන වලද සඳහන් වී තිබෙනවා. නුතන විද්‍යාඥයන් පවසන්නේ මේ ගායනා ශබ්දය ප්‍රතිමා වල ඉරි තැලීම් තුල උදෑසන පින්න සිරවී ඒවා පසුව අධික උණුසුම නිසා වාෂ්ප වන විට ඒ අවට තිබෙන අවකාශයට යම් කම්පනයක් නිසා ඇතිවන බවයි.  නමුත් පසුකාලයක බලයට පැමිණුනු  Septimius Severus අධිරාජ්‍යයා ඔහුට යම් ජනප්‍රියතාවයක් ලබා ගැනීම සඳහා මේ ප්‍රතිමා යුගලය නැවත අලුත්වැඩියා කිරීමක් ආරම්භ කළා.

EGYPT - Colossi of Memnon - www.sanchara.lk

නමුත් අවාසනාවකට මෙන් ඒ අලුත්වැඩියාවෙන් පසු මේ ගායන ශබ්ද සම්පුර්ණයෙන්ම නතර වී තිබුනා. එමෙන්ම එදා සිට මේ ප්‍රතිමා යුගලය එක සමාන බවක් පෙන්නුම් කලෙත් නැහැ.

නමුත් මේ ගායනය හා සම්බන්ධ කතා පුවත මේ ප්‍රතිමා යුගලය Colossi of Memnon නමින් නම් කිරීමට බොහෝ විට හේතුපාදක වී තිබෙනවා. ඒ ග්‍රීක මිත්‍යා කතා වල සඳහන් වන පරිදි මෙම්නොන් (උදේවේ දේවතාවිය වූ ඊඕස්ගේ මාරාන්තික පුත්‍රයා) අචිලස් විසින් ඝාතනය කල නිසා මෙම්නොන් තම මව වෙනුවෙන් හඬනා දුක් ගැනවිල්ල මෙවැනි ගායනාවක් ආකාරයෙන් මේ ප්‍රතිමා යුගලයෙන් පිටවන බවට ඇති විශ්වාශය.

ඊජිප්තු ඉතිහාසයට ආදරය කරන්නේ නම් ගවේශනාත්මක සංචාරයකට ඇලුම් කරන්නේ නම් ඊජිප්තුව එයට කදිම තෝතැන්නක්.

DSC_0280_edited_edited.jpg

Rohan Direkz රොහාන් ඩිරෙක්ස් 

rohandx@hotmail.com

Comments
More to read
bottom of page