• Facebook Social Icon
  • YouTube Social  Icon

වේලාව උදෑසන 3.00

අබු සිම්බල් දේවස්ථානය නරඹන්න ඕන නම් යන්න ඕන මේ වෙලාවට තමයි.

අපි දැන් පිටත් වෙන්නේ ඊජිප්තුවේ අස්වාන් නගරයේ සිට අබු සිම්බල් දේවස්ථානය බලා යන්න. මේ සඳහා සහරා කාන්තාරය හරහා පැය 3ක් පමණ කි.මී. 290ක දුරක් වාහනයක ගමන් කරන්න ඕන.

 

උදෑසන 3.00 ට පිටත් වෙන්න එක් හේතුවක් තමයි දවල් වෙනකොට දැනෙන අධික රස්නය. උදෑසන 6.00 ට පමණ අබු සිම්බල් දේවස්ථානය වෙත පැමිණිලා නැවතත් පැය තුනකින් පමණ දේවස්ථානයෙන් පිට වී යන්නට ඕනෑ. ඉර මුදුන් වෙනකොට අබු සිම්බල් දේවස්ථානය අවට ඒ රස්නය සහ හිරු රශ්මිය දරා ගන්නට ලේසි වෙන්නේ නැහැ.

 

ඒ වගේම අපිට මේ ගමන යන්න ඊජිප්තුවේ පොලිස් ආරක්ෂාව ලබා ගන්නට සිදුවුනා.   දැන් අපි යන වාහන පෙළ ඉදිරියෙන් ආයුධ සන්නද්ධ ජීප් රථ වලින් සමන්විත ඊජිප්තු යුධ හමුදාවේ වාහන කීපයක් ගමන් කරනවා. මේ සියලුම වාහන වල රියදුරන් ඊජිප්තු හමුදාවේ අණට යටත් වෙලා එක් වේගයකට ගමන් කල යුතුයි.

Please reload

ජායාරූප පුවත්   

Photo: www.joshuasodyssey.travellerspoint.com , www.marczawel.com/

අබු සිම්බල් කියන්නේ ලොව පුරා දහස් සංඛ්‍යාත ජනතාවකගේ ආදරයට පත් වූ විශේෂ පුරා විද්‍යා වටිනාකමක් ඇති දෙවොලක්.  මේ ස්ථානය පිහිටා තිබෙන්නේ ඊජිප්තු සුඩාන් දේශ සීමාවට කි.මී. 40ක් දුරකින්. සුඩානයේ පවතින අනාරක්ෂිත දේශපාලන වාතාවරණය නිසා මේ දේශ සීමාව ලොව ඉතාමත් අනතුරු දායක දේශ සීමාවක් ලෙස හඳුන්වනවා.  මේ නිසාත් ඊජිප්තු රජය තීරණය කරලා තිබෙනවා පුළුවන් තරම් අඩු කාලයක් මේ දේවස්ථානය සහ ඒ අසබඩ සංචාරකයින් රඳවා තැබීමට.

උදෑසන 6.00ටත් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් පමණ වෙනවා. කිසිම තැනක නොනවත්වා ධාවනයේ යෙදුනු අපේ වාහන පෙළ කලින් සිතපු ආකාරයටම අබු සිම්බල් දේවස්ථාන භුමිය වෙත ලඟා වුනා.

 

ටිකෙන් ටික හිරු එලිය සහරා කාන්තාරය වෙතට පතිත වෙත්දී උෂ්ණත්වයත් ඒ වගේම වැඩි වෙනවා.  අස්වාන් නගරයේ සිට අබු සිම්බල් දේවස්ථානයට යනකම්ම කිසිම් මිනිස් වාසයක් ගහක් කොලක් අපිට දැක ගන්නට ලැබුනේ නැහැ.

                                                                                                        ad 

                                                                                                        ad 

1960 වර්ෂයේදී යුනෙස්කෝ ආයතනය සමග එක්ව මේ අබු සිම්බල් දේවස්ථානය නැවත ස්ථාපිත කරන්නට වැඩ පිළිවෙලක් සකස් වුනා. ඒ නයිල් ගඟ හා සම්බන්ධ අස්වාන් ජල යෝජනා ක්‍රමයේදී අස්වාන් බැම්ම ඉදි කිරීමේදී මේ අබු සිම්බල් දේවස්ථානය ජලයෙන් වැසී යන තත්වයකට පත්වුනා. මෙතරම් වටිනා සංස්කෘතික දායාදයක් විනාශ නොවී තබා ගැනීම සඳහා පියවරක් වශයෙන් තමයි යුනෙස්කෝ සංවිධානය මේ දේවාලය නැවත වෙනත් ස්ථානයක ස්ථාපනය කරන්නට තීරණය කලේ. නයිල් ගඟ අසබඩ නසාර් ඇළට යාබදව පිහිටා තිබූ අබු සිම්බල් දෙවොල 1960 වර්ෂයේදී එයට තරමක් දුරින් ඒ හා සමාන පරිසරයක තිබු කඳු මුදුනක නැවතත් ස්ථාපිත කිරීමට ඊජිප්තු සහ සුඩාන පුරාවිද්‍යා බලධාරීහු කටයුතු කලා.

1813 වර්ෂයේදී ස්විස් ජාතික ජීන් ලුයිස් Jean Louis Burkhart තමයි මේ අබු සිම්බල් දේවස්ථානය ලොවට  විවෘත කරලා දුන්නේ.  අබු සිම්බල් දෙවොලේ දේවාල තුනක් තිබෙනවා. ඒ දෙවිවරු තුන්දෙනකු වෙනුවෙන්. ප්‍රධාන වශයෙන්ම රැම්සස් එමෙන්ම රාහොරාක්ෂි  ටා සහ අමුන් නමැති මේ දෙවිවරු නමින් පැරැන්නෝ නිරන්තරයෙන්ම අබු සිම්බල් දෙවොල වන්දනාමාන කළා.

 

1960 වර්ෂයේදී ස්විස් ආයතනක් වන ස්වෙකෝ තමයි මේ අබු සිම්බල් නැවත ස්ථාපනය කිරීමේ වගකීම භාර ගත්තේ. මේ ස්ථානගත කිරීම ලේසි පහසු වුනේ නැහැ. දෙවොලේ සමහර කොටස් ටොන් 20-30 ප්‍රමාණයේ කොටස් වලට කපා තමයි ගෙනියන්නට සිදුවුනේ. මේ සඳහා ඩොලර් මිලියන ගණනාවක් වැය වුනා.  ඉංජිනේරුවන් 10,000 කට අධික ප්‍රමාණය දිවා රාත්‍රී වැඩ කළා. අවසානයේදී මීටර 200ක් ඈතින් පරණ ස්ථානයට වඩා මේ අබු සිම්බල් දේවස්ථානය නැවත ස්ථානගත කරන්නට යුනෙස්කෝ ආයතනයට හැකි වුනා. මේ භුමිය යුනෙස්කෝ සංස්කෘතික උරුමයෙන් යුත් පුරාවිද්‍යා භූමියක් ලෙසද නම්කොට තිබෙනවා. මේ කෙටි වාර්තාමය චිත්‍රපටියෙන් මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්.

ස්විස් ජාතික ජීන් ලුයිස් 1813 වර්ෂයේදී සොයා ගත්තත් 1817 දී ඉතාලි ජාතික ග්ලොවානෝ බෙල්සොනි ට තමයි පුළුවන් වුනේ මේ දෙවොලට ඇතුල් වන ස්ථානය හොයා ගන්න. එයට හේතුව සහරා කාන්තාරයේ වැල්ලෙන් දේවාලය වැසී ගොස් තිබුණු නිසා.  

 

අබු සිම්බල් දේවස්ථානය ඇතුල් වන විට ඈත සිටම මීටර විස්සක පමණ උස රැම්සස් එමෙන්ම රාහොරාක්ෂි  ටා සහ අමුන් නමැති මේ දෙවිවරුන්ගේ ඇති විශාල ප්‍රතිමා දිස්වෙනවා.

 

උදෑසන හිරු එලිය මේ ප්‍රතිමා වලට පතිත වෙත්දී ඒ දර්ශනය අතිශයින්ම සුන්දරයි.  මෙතරම් දුරක් ගෙවා පැමිණි වෙහෙස එක් වරම නැතිවී නැවුම් ප්‍රබෝධයක් සිතට ඇතුල් වුනා.  ඊජිප්තුවේ පැරැන්නන්ගේ ඒ අභීත ඉතිහාසය ප්‍රෞඩත්වය ඒ දින වල කෙසේ තියෙන්නට ඇත්ද !

 

ඊජිප්තු වැසියන් විශ්වාස කරන ආකාරයට මේ අබු සිම්බල් දේවස්ථානය ඉදි කර තිබෙන්නේ සෑම වසරකම ඔක්තෝබර් සහ පෙබරවාරි මාස වල 22 වැනිදා හිරු ආලෝකය මේ දෙවියන් ගේ විශාල ප්‍රතිමා වල පිටුපස තලයට වැටී දිලිසෙන ආකාරයට. හැබැයි ඒ එළිය ටා දෙවියන්ගේ ප්‍රතිමාවට වැටෙන්නේ නැහැ. එයට හේතුව ඒ දෙවියෝ මිනිසුන්ගේ මිගිය ආත්ම වලට අධිපති දෙවියා නිසා. ඒ වගේම සමහරුන් පවසන්නේ මේ දින ඊජිප්තු රජවරුන්ගේ උපන් දින හා සම්බන්ධව පවතින දිනයන් බවත්.

හිරු කෙමෙන් කෙමෙන් මුදුන් වෙනවා. හිරු රශ්මිය ප්‍රබලයි. පැය 3ක් මේ තරම් ඉක්මනට කෙසේ ගත වුනා දැයි කියන්නට බැහැ. ඒ වගේම දරා ගන්නට බැරි උණුසුමක් තිබෙන්නේ.

 

හරියටම උදෑසන නාමයට අපි අබු සිම්බල් දේවස්ථාන භූමියෙන් නැවත අස්වාන් නගරය බලා ඒමට පිටත් වුනා.

මේ අත්දැකීම් කවදාකවත් අමතක වෙන එකක් නැහැ. ඊජිප්තු අභීත ඉතිහාසය සහ ප්‍රෞඩත්වය මෙසේ පිළිබිඹු වෙන අබු සිම්බල් දේවස්ථානය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ඇත්තටම අගය කල යුතු දෙයක්.  හැබැයි  ඊජිප්තු සුඩාන දේශ සීමාවල් වල පවතින අවිනිශ්චිත තත්වය නිසා එය මොන ආකාරයන් මෙවැනි පුරා විද්‍යා වටිනාකමක් ඇති අබු සිම්බල් දේවස්ථානයට බලපායිද කියා කිසිවෙකුටත් කියන්න බැහැ.

රොහාන් ඩිරෙක්ස් 

info@sanchara.lk 

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස නොකලෙමි. රුවන්දාවට පැමිණීමට පෙර  ඒ රට ගැන මා සිතා සිටියේ උන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට  උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති...

Please reload