දෙසැම්බරයේදී ඉතියෝපියාවට සංචාරයක්







සංචාර.lk දෙසැම්බරයේදී ඉතියෝපියාවේ සංචාරයක යෙදෙනවා.
ඉතියෝපියාවේ අගනුවර ඇඩ්ඩිස් අබාබා නගරයයි. මිලියන 80ක පමණ ජනතාවක් ඉතියෝපියාවේ ජීවත් වෙනවා. මේ රට අප්‍රිකාවේ තුන්වන වැඩිම ජනගහනයක් ඇති රට.
ඉතියෝපියාව වැඩිම ආදායමක් ලබන්නේ කෝපි වලින්.
1582 වර්ෂයේදී ලෝකයේ සියලුම කතෝලික රටවල් ග්‍රිගෝරියානු කැලැන්ඩරය අනුගමනය කලත් ඉතියෝපියාව පැරණි ජුලියාන් කැලැන්ඩරය පවත්වා ගෙන යාමට තීරණය කළා. ඒ නිසා ඉතියෝපියාවත් සෙසු ලෝකයත් අතර වසර 7ක වෙනසක් තිබෙනවා. ඉතියෝපියාවේ මේ ගෙවෙන්නේ 2008 වර්ෂයයි.
ජායාරූප පුවත්












Photos: www.travelethiopia.com
එර්ටේ ඒල් ගිනි කන්දත් ඒ මත පිහිටා තිබෙන ලෝකයේ එකම ස්වාභාවික ලාවා විල බලන්නත් යන්න අදහස් කර ගෙන සිටිනවා. මේ සඳහා කි.මී. 1000කටත් අධික ප්‍රමාණයක ඉතා දුෂ්කර හැබැයි සිත් ගන්නා ගමනක යෙදෙන්නට සිදු වෙනවා. මෙය පිහිටා තිබෙන්නේ ඉතියෝපියානු-සුඩාන් දේශ සීමාවේ.
ඒ වගේම ඉතියෝපියාවටම ආවේනික ගෝත්‍රිකයින් වන ඩොර්සේ, කොන්සෝ, ආරි සහ මුර්සි ජනතාවන් ජීවත් වෙන ප්‍රදේශ වලද සංචාරය කරන්නට පුළුවන් වේවි.
මේ සියලුම අවස්ථා සමග ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. www.sanchara.lk වෙබ් අඩවිය සහ Facebook පිටුව වන සංචාර Санчара Sanchara සමග එසැනින් ඔබට ජායාරුප විස්තර වගේම වීඩියෝ වාර්තාද ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.
රොහාන් ඩිරෙක්ස්
ඉතියෝපියාවේ අගනුවර ලෝක සිතියමේ......
ඔබේ අදහස්
තවත් කියවන්න

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස නොකලෙමි. රුවන්දාවට පැමිණීමට පෙර ඒ රට ගැන මා සිතා සිටියේ උන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති...