ලොව ප්‍රථම කාන්තාවන්ට පමණක් වෙන්වූ  ගුවන්යානය  !

කාන්තාවන් සඳහාම වෙන්වූ කාන්තාවන් විසින්ම මෙහෙයවන ගුවන් යානයක් ඉතියෝපියානු ගුවන් සමාගම ආරම්භ කරනවා. 

 

මේ ගුවන් යානය යාත්‍රා කරන්නේ ඉතියෝපියාවේ අගනුවර වන ඇඩ්ඩිස් අබේබා නගරයේ සිට බැංකොක් දක්වා.

පළමුවන ගුවන් ගමන සිදුවන්නේ අදයි. විශේෂත්වය වන්නේ ගුවන් සේවිකාවන් පමණක් නොව ගුවන් යානය මෙහෙයවන නියමුවන් පවා කාන්තාවන් වීමයි. ඒ වගේම ගුවන් යානයේ කාර්මික ශිල්පීන්, ඉංජිනේරුවරුන් වාගේම පිරිසිදු කරන්නන් පවා කාන්තාවන්ගෙන් සමන්විත වෙනවා.  මේ ගුවන් යානයට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාල වල සේවය කරන්නේද කාන්තාවන්. 

මීට පෙර ඉතියෝපියානු ගුවන් සමාගමේ කාන්තාවන් සේවය කලේ 30%ක පමණ ප්‍රතිශතයක්. ඉතියෝපියානු ගුවන් සමාගමේ ප්‍රයත්නය සාර්ථක වුවහොත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නට තවත් රටවල් ගණනාවක්ම බලා ගෙන සිටිනවා. 

 

 

ජායාරුප සහ විස්තර  - www.belta.by

ඔබේ අදහස්   

තවත් පුවත් 
Please reload