top of page

ඉරානයත් ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතයට සුදානම් 

Please reload

සම්භාධක කෙමෙන් කෙමෙන් ලිහිල් වීමත් සමගම ඉරානයද ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතයට සැරසෙනවා. පසුගිය කාලයේදී ඉරානයේ කිසිම ආකාරයකින් වීසා හෝ මාස්ටර් කාඩ් පත් වලින් ගෙවන්නට හැකියාවක් තිබුනේ නැහැ.  හැබැයි දැන් ඉරාන රජය මේ ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතය සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතිනවා. 

Please reload

ජයාරූප පුවත්    

ඉරානයේ මහා බැංකු අධිපති පවසන්නේ දකුණු ඉරානයේ කේෂ් නගරයෙන් ප්‍රථම වරට මේ ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතය ආරම්භ කරන බවයි. 

ආර්ථික සම්බාධක ලිහිල් වීමෙන් පසු ඉරානයට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සංක්‍යාව සීග්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා.  ඔවුන්ගේ පහසුව තකාත් මේ පියවර වැදගත් වෙන බවයි ඉරානයේ මහා බැංකුව තව දුරටත් පවසන්නේ. ඉතාමත් අඩු කාලයක් තුල මේ ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතය මුළු ඉරානය පුරාවටම ගෙන යන්න ඉරාන රජය දැන් ලෑස්ති වෙනවා. 

 

අනුග්‍රහය - sputnik news 

ඔබේ අදහස්   

තවත් පුවත් 
Please reload

bottom of page