top of page
ඉරානය ඔබ එන තුරු බලා සිටී.
Iran Travel
  • Facebook Social Icon
  • YouTube Social  Icon
www.sanchara.lk     - Iran Travel

මිලියන් 14 ක ජනතාවක් වෙසෙන ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරය ලොව විශාලතම නගර වලින් එකකි. තම දේශපාලන බලවත්භාවය නිසාම මැද පෙරදිග කලාපයේ වැඩිම කතා බහට ලක්වන රටක් වන ඉරානය ගැන අප අතර ඇත්තේ එකිනෙකට පරස් පර මතයන්ය.  බටහිර මාධ්‍යයන් විසින් පවසන කරුණු නිරීක්ෂණයට ලක් කල විට ඉරානයට සංචාරයක් සඳහා යෑම බියකරු අත්දැකීමක් වේ. වීසා බලපත්‍ර ලබදෙයිද? ඔබව ඉරානයේදී අත් අඩංගුවට ගනීද? ඉරානයට ගියත් ඔබ පසුපස ඉරාන රහස් සේවාව ලුහුබදී. බටහිර මාධ්‍යයන්ගේ මෙවැනි අදහස් නිසා යුරෝපීය රටවල් වලින ඉරානයට පැමිණෙන්නේ ඉතාමත් අල්ප සංචාරකයින් පිරිසකි. 

 

මෑතකදී මම ඉරාන සංචාරයක් නිම කර පැමිණියෙමි. ඉරානය කුමන රටක්ද, එහි දකින්නට ඇත්තේ මොනවාද, ඉරාන ජනතාව කෙබඳුද මේ බටහිර මාධ්‍යයන් නොපවසන ඉරානය කෙබඳුද යන පැනයන්ට පිළිතුරු මේ ලිපියෙන් පැහැදිලි කිරීමට මම උත්සාහ ගන්නෙමි. 

 

ඉරානයට යා යුතු යැයි තීරණය කල දින සිටම මා මුණ දුන් දුෂ්කරම කාර්යය වුයේ අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට සංචාරක ආයතනයක් හා සම්බන්ධ වීමය. අන්තර් ජාලයෙන් ලබා ගත් තොරතුරු මත සංචාරක ආයතන කිහිපයකට විස්තර විමසා ලීවත් ඒ කිසිම අයෙකුගෙන් පිළිතුරු නොලැබුණු තැන මා අඳුරන ඉරාන මිත්‍රයෙක් හරහා ටෙහෙරාන් නගරයේ සංචාරක ආයතනයක් සමග සම්න්ධ වීමට අවස්ථාවක් ලැබුණි.  ඒ අනුව මාගේ ප්‍රථම ඉරාන සංචාරය සදහා අවශ්‍ය කටයුතු සංවිධානය කෙරිණි. 

 

කෙසේ වෙතත් ඉරානයට සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් පසුගිය කාලය තුල දක්නට ඇත. ගිය වසරට වඩා මේ වසරේ 200%ක වැඩිවීමක් ඇතැයි ඉරාන සංචාරක මණ්ඩලය පවසයි. 

 

ඉරානය කඳු සහ කාන්තාර වලින් පිරුණු රටකි. 1935 ට පෙර පර්සියාව නමින්ද හඳුන්වන මේ රට අද හැඳින්වෙන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජය නමිනි. ඉරානය ලොව පැරණිම ශිෂ්ටාචාරයකට හිමිකම් කියයි. තෙල් සංචිත නිධි සහ ස්වභාවික වායුන් නිසා ඉරානය ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. 

 

අප්‍රේල් මස 29 වන දින උදෑසන තුනට පමණ මා ටෙහෙරානයේ ඉමාම් කුමෙයිනි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා වුයේ සිතේ කිසියම් චකිතයක් ඇතිවයි කිවහොත් එය නිවැරදිය. බටහිර මාධ්‍යය එතරම් විශ්වාස නොකරන රුසියාව වැනි රටක මා ජීවත් වුවත් ඉරානය සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීමට තරමක් දුෂ්කර විය. 

 

ගුවන් තොටුපලේ ගුවන් ගමන් පරීක්ෂාව ඉතා ඉක්මනින් සිදුවුණු අතර මා හට හෝටලය බලා යාමට ගමන් පහසුකම් සංචාරක ආයතනය විසින් සලස්වා තිබුණි.  හෝටලය ගුවන් තොටුපලේ සිට කි.මී.50ක් පමණ දුරින් තිබුනත් රාත්‍රී අඳුර නිසා මට එතරම් දෙයක් මැනවින් දැක ගැනීමේ හැකියාව ලැබුනේ නැත. උදැසන හෝටලයේ සිට නගරය දෙස ප්‍රථම වරට දෑස් යොමු කල මට දුටු දර්ශනය ඇත්තෙන්ම චමත්කාරජනකය.

www.sanchara.lk     - Iran Travel

ටෙහෙරාන් - මුළු නගරයම මීදුමෙන් වැසී ඇත. ඈතින් කෙමෙන් කෙමෙන් හිරු පායනු පෙනේ. හිම කන්ද පසුපසින් පැමිනෙන හිරු නිසා හිම කන්දේ මුදුන සුදු පාටින දිලිසේ. තවත් සුළු වෙලාවකින් මීදුම තුරන් වී මිලියන 14ක් ජීවත් වන ටෙහෙරාන් නගරය හිම කන්දක් අභියස කොන්ක්‍රීට් වනාන්තරයක් ලෙස මා ඉදිරියේ දිස් වුනි. 

 

ටෙහෙරාන් නගරය හඳුනා ගැනීමට නම් කල යුත්තේ ඉරාන ජනතාව අතරට යාමය. උදෑසනම මා පැමිණුනේ සංචාරකයින්ගේ ප්‍රධානතම ස්ථානයක් වන අසාදි ස්මාරකය වෙතටයි. පර්සියානි අධිරාජ්‍යයේ 2500 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ඉදි කල මේ ස්මාරකය නිදහස් ස්මාරකය ලෙසටත් හැඳින්වේ.  ටෙහෙරාන් නුවර ආරක්ෂකයා සහ නගරයට ඇතුල් වෙන දොරටුව ලෙසටත් නම්දරා ඇති මේ ස්මාරකය ඉදි කරන්නට කිරි ගරුඬ ගල් අට දහසක් වැයවී ඇත. එමෙන්ම අඩි 148ක් උසැති මේ ස්මාරකය අවට රාත්‍රී කාලයේදී ඉතා ජනාකීර්ණ වන අතර ඒ ශබ්ද සහ ආලෝක සංදර්ශනයක් මේ ස්මාරකය මුල් කර ගෙන සංචාරකයින් උදෙසා දිනපතා පවත්වන නිසාය. 

www.sanchara.lk     - Iran Travel
www.sanchara.lk     - Iran Travel
www.sanchara.lk     - Iran Travel

ඉරාන් ජනතාව දැන හැඳිනා ගැනීම සඳහා ටෙහෙරාන් නගරයේ වීථි දිගේ ඇවිදින මා හට මුණ ගැසුණු සියලුම පුද්ගලයින් ඉතා සුහද සිතින් මා සමග සිනා මුසුව යම් දෙයක් පැහැදිලි කිරීමට උත්සාහා දරනවාක් මෙන් මට හැඟිනි. එක් අවස්ථාවක ටෙහෙරාන් මුලික වෙළඳ පොලේදී දොඩම් යුෂ පානයක් සහ ඉරාන රස කැවිලි නොමිලේ පිළිගැන්වූ වෙළඳ හිමියෙකු පැවසුවේ ඔබ අපේ රටට පැමිණීම අපට සතුටක් බවත් මේ ඔබ දකින දේවල් අනිකුත් අයට පවසන මෙන්ය. මාගේ මඟ පෙන්වන්නා පැවසුවේ සියලුම අවස්ථා වල ඉරාන් ජාතිකයින් මා හට පවසන්නට උත්සාහ කර ඇත්තේ ඉහත පණිවිඩයයි. ඉරාන ජනතාව කොතරම් මිත්‍රශීලී සහ ආගන්තුක සත්කාරක ද යන්න මෙයින් මොනවට පැහැදිලිවේ. 

 

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් නමින් හැදින්වෙන වෙළඳ පොළ ඇත්තෙන්ම විශ්මය ජනකය. තුර්කියේ ඉස්ටාන්බුල සහ මොරොක්කෝවේ මරක්කෙෂ් නගරවල ඇති බසාර් වලට මා ගොස් ඇතත් ටෙහෙරාන් වල ඇත්තේ හාත්පසින්ම වෙනස් පොළකි. දේශීය වෙළඳ පොළ සහ ඉරාන ජාතිකයින් උදෙසා පැවැත්වෙන මේ පොළට දිනපතා ලක්ෂ ගණනක විශාල ජනතාවක් පැමිණෙති. අවුරුදු 200ක ටත් අධික ඉතිහාසයක් ඇති මේ පොලේ සමහර වීදි වල දිග කි.මී. කිහිපයකටත් වැඩිය. මේ සංකීර්ණය තුල මුස්ලිම් දේවස්ථාන, නවාතැන් පොළවල් සහ අවන්හල් ද පැමිණෙන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉදි කර ඇත. සාප්පු සංකීර්ණයේ සියලුම වහලයන් නිර්මාණ කර ඇත්තේ දර්ශනීය ඉරාන ගෘහ නිර්මාණ සම්ප්‍රදායයන්ට අනුකුලව විචිත්‍ර අන්දමින්ය.  ටෙහෙරාන් නගරයේ ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණයේ සංචාරය ඔබට නවතම අත්දකීමක් ලබා දෙනු ඇත. 

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණය

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණය

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණය

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණය

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණය

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණය

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණය

ටෙහෙරාන් ග්‍රෑන්ඩ් බසාර් සංකීර්ණය

www.sanchara.lk     - Iran Travel

ඛයියාම් ගේ රූබයියාට්‌ හි 11 වැනි පද්‍යය මහගම සේකර විසින් ගීයට නගනු ලැබ ඇත්තේ මෙලෙසිනි.

 

සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවණැල්ලේ
ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්‌වර්ග රාජ්‍යයයි
සුරංගනා වියනේ

පර්සියාවේ විසු දාර්ශනිකයෙකු, ගණිතඥයෙකු සහ තාරකා විද්යාඥයෙකු වූ ඔමාර් ඛයියාම් ගේ සොහොන පිහිටා තිබෙන්නේ ටෙහෙරාන් සිට කි.මී. 772ක් දුරකින් පිහිටි නයිශාබෝර් නගරයේය. සෑම වසරකම මැයි මාසයේ නයිශාබෝර් නගරයේ පැවැත්වෙන ඔමාර් ඛයියාම් අනුස්මරණ සංවත්සර උත්සව වලට සහභාගී වීමට මා බලාපොරොත්තු වුවත් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී ඇතිවූ දුෂ්කරතා නිසා ඒ අවස්ථාව මඟ හැරිණි.  

 

පර්සියානු ශිෂ්ටාචාරයේ ප්‍රනීත භාවය සහ සංවේදීතාවය බටහිර රටවල් වලට ගෙන යාමේදී ඔමාර් ඛයියාම් දැරූ උත්සාහය විශාලය. ඔහු විසින් රචිත රුබයියාට් ග්‍රන්ථය අද ලොව පුරා භාෂා විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇත.

 

එඩ්වර්ඩ් ෆිට්ස්ජෙරල්ඩ් මේ නිර්මාණය ඉංග්‍රීසි භාෂාවට මීට වසර 150කට පෙර පරිවර්තනය කර ඇත. ඔහුගේ නිර්මාණයන් තුලින් දැඩි ආගමික ව්‍යුහයන් සහ මරණින් පසු ජීවිතයන් පිලිබඳ සංකල්පයන් ප්‍රතික්ෂේප වන අන්දමේ කරුණු පැහැදිලි වේ.  මුළු ඉරානයම ගෞරවයෙන් සලකන ඔමාර් ඛයියාම් දාර්ශනිකයා වෙනුවෙනුයි මේ කෙටි සටහන.

ජායාරූප පුවත්   

Please reload

ඔමාර් ඛයියාම් සොහොන

ඔමාර් ඛයියාම් සොහොන

ඉරානයේ නයිශාබෝර් නගරයේ පිහිටා ඇත.

ගොලේස්ටාන් මාලිගා කෞතුකාගාරය - මෙය ඉරානයේ ඇති පැරණිතම සහ විශාලම කෞතුකාගාරය වේ. ගොලේස්ටාන් යනු ඉරානයේ කජාර් රජ පවුලේ මාලිගා සංකීර්ණයි. එසේම කජාර් රාජ අධිකරණයද තිබී ඇත්තේ මේ ස්ථානයෙයි.  1925-1949 කාලය තුලදී මේ සංකීර්නයේ විශාල කොටසක් විනාශයට පත්වී ඇත. ඒ එවකට සිටි ශා රජ විසින් කජාර් සංස්කෘතික උරුමයන් විනාශ කර දැමීමට තීරණය කිරීමත් සමගමය. දැනට තිබෙන ගොඩනැගිලි මීට වසර 400 කට පමණ පෙර සිට කෙරී ගෙන ආ අලුත්වැඩියා වල ප්‍රතිපලයන් හැටියට සැලකේ. 

 

2007 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස මේ ගොලේස්ටාන් මාලිගා සංකීර්ණය නම් කරන ලදී. 

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

ගොලේස්ටාන් මාලිගා සංකීර්ණ කෞතුකාගාරය

www.sanchara.lk     - Iran Travel

සෑම දිනයකම උදෑසන ඉරානයේ බොහෝ නිවෙස්වල දැල්වෙන ගෑස් උදුන් වල මුලින්ම තබන්නේ වතුර කේතලයයි. මේ තේ පානය සඳහායි. එතැන් සිට උදේ අහාරය සමග, බත් සහ කෙබාබ් දහවල් ආහාරය සමග, සවස තේ පානය සහ රාත්‍රී නින්දට යාමට පෙර නැතිවම බැරි තේ පානය ඉරාන් ජන ජීවිතයේ අංගයක් බවට පත්වී ඇත. ඉරාන් ටී හවුස් නමින් හැඳින්වෙන ඉතා පැරණි තේ අවන්හල් කීපයක් ටෙහෙරාන් නගරයේ දක්නට ඇත. අසාර් තේ ශාලාව මින් ප්‍රධාන ස්ථානයක් ගනී. සංචාරකයින්ගේ සහ ඉරාන ජාතිකයින්ගේ ජනප්‍රියම ස්ථානයක් වන අසාර් ටී හවුස් ඉතා පැරණි ඉතිහාසයක් ඇති ගොඩනැගිල්ලක් මෙන්ම ඉරාන් ඉතිහාසය විහිදා දැක්වෙන චිත්‍ර විශාල ගණනාවකින්ද අලංකාර වී ඇත.

 

අපේ තේ වල ඉතිහාසය මෙන්ම ඉරාන තේ වල ඉතිහාසයද රසවත් සිද්ධීන් ගෙන් සමන්විතය. 1900 වර්ෂයට පෙර ඉරානයේ තේ නිෂ්පාදනයක් තිබී නැත. නමුත් 1895 වර්ෂයේදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ කශේෆ් සල්තානෙහ් මේ තත්වය වෙනස් මගකට යොමු කරවීමට සමත් විය. 

මේ කාලය වන එංගලන්තය ලෝක තේ වෙළඳාමේ මුලිනම් සිටි අතර ආසියානු කලාපයේ සම්පුර්ණ තේ වගාවේ පාලනයද ඔවුන් අත විය. යුරෝපීය නොවන ජාතිකයෙකුට තේ වෙළඳාමට එකතුවීමට නොයෙකුත් බාධා තිබිණි. හොඳින් ප්‍රංශ භාෂාව හැසිරවූ කශේෆ් සල්තානෙහ් ඉන්දියාවට ගොස් ප්‍රංශ ගැනුම්කරුවෙකු ලෙස පෙනී සිට තේ පල කිහිපයක් ඉරානයට රැගෙන ආවේය. වසර හයක පර්යේෂණාත්මක වගාවකින් පසු සිය ප්‍රථම තේ ඵලදාව ඔහු ඉරාන වෙළඳ පොළ වෙත ඉදිරිපත් කළේය. එයින් පසුව ඉරානයේ ගිලන් සහ මසන්දරාන් ප්‍රාන්ත සම්පුර්ණයෙන්ම පාහේ තේ වගාවට ප්‍රසිද්ධ විය. ඉරානයේ තේ වගාවේ පියා යන විරුධාවලිය ලත් කශේෆ් සල්තානෙහ් අනුස්මරණය කිරීම වෙනුවෙන් ඉරානයේ ලහිජාන් නගරයේ විශේෂ තේ කෞතුකාගරයක්ද පිහිටා ඇත. 

 

ඉරාන් තේ වල ඇති විශේෂ රසය නිසාත් තද රතු පැහැය නිසාත් අද මැද පෙරදිග රටවල් වල මෙන්ම ලොව අනිකුත් රටවල් වලද ඉරාන තේ ජනප්‍රියව ඇත. එහෙත් රට තුල අධික තේ පානය නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවෙන්ද ඉරාන විශාල වශයෙන් තේ ආනයන කරයි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් වැඩියෙන්ම තේ මිලදී ගත්තේ ඉරානයයි. චායී යනුවෙන ඉරානයේ හඳුන්වන මේ ප්‍රියතම පානය අපේ රටේ මෙන්ම ඉරාන ආගන්තුක සත්කාරයෙදීද ප්‍රධාන ස්ථානයක් ගනී. 

www.sanchara.lk     - Iran Travel

දෙවන දිනය උදෑසන මා හට ටෙහෙරාන් නගරයේ සිට කිමී. 350ක් දුරින් පිහිටි ශිරාස් නගරය දක්වා ගුවන් ගමන යෙදී තිබුණි. ඉරාන ගුවන් සමාගම් වලට ඇති ප්‍රධානම බාධකය වන්නේ අවශ්‍ය අමතර කොටස් සහ සේවා අවශ්‍යතා ලබා ගැනීමට ඇති බාධාවන්ය. ඉරානය ජාත්‍යන්තරව පනවා ඇති සම්බාධක නිසා මේ අමතර කොටස් හා සේවා ලබා ගැනීමට නොහැකි වී ඇත. මේ නිසා  ඉරාන් ගුවන් සේවා වල ඇත්තේ පැරණි සෝවියට් රාජ්‍ය වලින් මිලදී ගත් ගුවන් යානාය. ඉරානයට පැමිණෙන සංචාරකයින් මේ ගුවන් යානාවල පියාසර කිරීමට බියක් දක්වති. 

 

ශිරාස් නගරය 1747 සිට 1779 දක්වා කාලය තුල සාන්ඩ් රජ පෙළපත් කාලයේදී අගනුවර වශයෙන් සටහන් වේ. ඉරාන කාව්‍ය සාහිත්‍යය හා සම්බන්ධ හෆීස් සහ සාදි ගේ සොහොන් කොත් සහ අනුස්මරණ සන්කීර්නයන්ද ෆොටා ඇත්තේ ශිරාස් නගරයේය. ශිරාස් නගරයේ ජනගහනය මිලියන 1.2ක් පමණ වේ. 

 

සාදී අනුස්මරණ සංකීර්ණය  - ඔබ මිනිසුන්ගේ වේදනාව හඳුනන්නේ නැතිනම් ඔබව මිනිසා යන නමින් හැඳින්විය නොහැක. මේ සාදී අනුස්මරණ සංකීර්ණය නැරඹීමට යන අපිට ඇතුල්වීමේදී කියවන්නට ලැබුණු සාදී ගේ කාව්‍යමය    13 වන ශත වර්ෂයේදී ජීවත් වූ සාදී හෙවත් සාදී ශිරාසි ව ඉරාන ජනතාව හඳුන්වන්නේ සෑම ශත වර්ෂයකටම ඔබින කවියෙක ලෙසය. ඔහුගේ වදන අද පර්සියානු ජන ජීවිතයේ සංස්කෘතියේ වදන් බවට පත්වී ඇත. එසේම බටහිර ලෝකයේද සාදී ගේ කෘතීන් ඇගයීමට ලක් වේ. කි.ව. 1210 දී ශිරාස් හිදී උපත ලද සාදී දුප්පත්කම නිසා ඉරාකයේ බැග්ඩැග් බලා පිටත් වුයේ තරමක හෝ අධ්‍යාපනයක් ලැබීම පිණිසය. එහි නිසමියා විශ්ව විද්‍යාලයට ඇතුළු වී නීතිය සහ ඉස්ලාම් සහ අරාබි සාහිත්‍යය ගැන අධ්‍යාපනය ලත් සාදී මොන්ගෝලියානු ආගමනය නිසා වසර 30ක් පමණ කාලයක් නැවත ඉරානය බලා යාමට නොහැකි විය. 1257දී නැවත ශිරාස් නගරයට පැමිණුනු සාදී ඔහුගේ හොඳම කාව්‍ය නිර්මාණ ලෙස සැලකෙන Gulistan (රෝස වත්ත) සහ Bustan (The Orchard) පිළිවෙලින් 1257 සහ 1258 වර්ෂ වලදී ප්‍රකාශයට පත් කරණ ලදී.  ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යකරුවකු වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ද ඔහුගේ යෙව්ගෙනි ඔනෙගින් කෘතියේ සාදී ගේ කාව්‍යමය ගුණයන් ඉස්මතුකර ඇති අතර 2009 වර්ෂයේ  නව අවුරුදු පණිවිඩය නිකුත් කිරීමේදී ඇමෙරිකානු ජනාධිපත් ඔබාමාද සාදී ගේ කාව්‍ය පන්තීන් උපයෝගී කර ගෙන ඇත. 

 

ඉතා අලංකාර ගස් වල සහ මලින් පිරුණු වත්තක පිහිටා ඇති මේ අනුස්මරණ සංකීර්ණය නැරඹීමට සෑමදාම සංචාරකයින් මෙන්ම ඉරාන විශ්ව විද්‍යාල සිසුන් විශාල වශයෙන් පැමිණෙති. 

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

සාදී අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය - හෆීස් තරම් විවේචනයට භාජනය වූ පර්සියානු සාහිත්‍යධරයෙක් නැති තරම්ය. ඉරාන් ජනතාවගේ ජීවන රටාවට හෆීස්ගේ කාව්‍යමය නිබන්ධ සහ ප්‍රස්තා පිරුළු ඇතුළු වී ඇත. කි.ව. 1315දී උපත ලැබූ හෆීස් හැඳින්වුයේ පොතෙන් විජ්ජා මවන්නා වශයෙනි. ඒ ශුද්ධවූ කුරානය 14 විදියකට මතකයෙන් ඉදිරිපත් කිරීමට තිබී ඇති දක්ෂතාවය නිසාය. සෑම වසරකම ඔක්තෝබර් මස 11 වන දින ජාත්‍යන්තර හෆීස් දිනය මේ ස්ථානයේදී මහත් හරසරින් සමරනු ලැබේ. 

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

හෆීස් අනුස්මරණ සංකීර්ණය

ඉරාන බොජුන් - මැද පෙරදිග සහ දකුණු ආසියාවට මැදිව පිහිටා ඇති ඉරානයේ පාරම්පරික බොජුන් සහ පාන වර්ග ඉරානයටම් ආවේනික වුවත් අසල්වැසි රටවල් වල ආභාෂද නිරන්තරයෙන්ම බලපෑම් කර ඇත. මාගේ ඉරාන සංචාරයේදී ඉරාන ජාතික සහ සාම්ප්‍රදායික බොජුන් කිහිපයක් රස බැලීමේ අවස්ථාව මට ලැබුණි.  Visit - Photo Gallery 

 

 

අෆිෆ් අබාද් උයන - ශිරාස් නගරයේ පිහිටා ඇති අලංකාරම උයන සහ මාලිගයයි. වර්ග මීටර් 127,000ක් පුරා පැතිර ඇති මේ උයනේ ඇති ආයුධ කෞතුකාගාරය, පැරණි රාජකීය මන්දිරය සංචාරකයින් සඳහා විවෘතව ඇත. ඉරානයේ සපවිඩ් රජවරුන් සිය ගිම්හාන කාලය ගත කිරීම සඳහා මේ මාලිගය සහ උයන භාවිතා කර ඇත. වර්තමානයේ මේ උයන ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින අතර ඉරානයේ හිටපු ශා රජාගේ ආයුධ එකතුවක්ද මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතී. 

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

අෆිෆ් අබාද් උයන - ශිරාස්

සිටඩෙල්  - මීළඟට මා පැමිණියේ ඉරානයේ කරීම් ඛාන් රජුගේ නිල නිවස වශයෙන් භාවිතා වුනු සිටඩෙල් ගොඩනැගිල්ල නැරඹීම සඳහාය. 1180 AH (1766-7) කාලයදී එවකට සිටි දක්ෂතම ගෘහ නිර්මාණ ශිල්පීන ලවා සහ ඉස්තරම්ම ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගනිමින් කරීම් ඛාන් රජු විසිස්න් මේ මාලිගය නිමවා ඇත. මේ උයනේ සතර කොන් විශාල මුර කුළුණු වලින් ආරක්ෂා කෙරෙන අතර මේ එක් කුළුණක් මීටර් 14ක් පමණ උසය. මේ සිටඩෙල් ගොඩනැගිල්ලේ දක්නට ඇති වතුර මල් අදටත් ක්‍රියාත්මක වෙන බව මම දුටුවෙමි. ජල සංරක්‍ෂණය උදෙසා එවකට නිර්මාණ ශිල්පීන්  උපයෝගී කරගත් තාක්ෂනයන් අදද එලෙසම මේ මන්දිරය තුල භාවිතා වෙන අන්දමත්, සීතල සහ උණුසුම් ජලය වෙන් වෙන්ව නාන තටාක වලට සම්බන්ධ කර ඇති උණුසුම් කාමර වලට සපයා ඇති අන්දම ඇත්තෙන්ම පුදුම සහගතය. ශිරාස් නගරයේ සංචාරයේදී අෆිෆ් අබාද් සහ සිටඩෙල් උයන් නැරඹීමට යාමෙන් ඉරාන ගෘහ නිර්මාණයන්හි ආශ්වාදය විඳින්නට සැලසෙනවා මෙන්ම මලින් සහ පලතුරුවලින් පිරි මනරම් උද්‍යානයක් පහස විඳ ගන්නටද අවකාශ ලැබෙනු ඇත. 

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

සිටඩෙල්-කරීම් ඛාන් රජුගේ නිල නිවස

පෙර්සේපොලිස්  හෙවත් පර්සියානු නගරය නැරඹීම මගේ ඊළඟ අභිප්‍රාය විය. කි.පු. 550–330 BCE කාලයේදී නිල අගනුවර වශයෙන් පෙර්සේපොලිස් හැඳින්වේ. ශිරාස් නගරයෙන් කි.මී. 70ක් පමණ දුරකින් පිහිටා ඇති මේ නටබුන් නගරය ශිරාස් නගරයට පැමිණෙන සියලුම සංචාරකයින්ගේ අවධානයට යොමුවන ප්‍රදේශයකි.  1979 වර්ෂයේදී යුනෙස්කෝ ආයතනය මගින් ලෝක සංස්කෘතික උරුමයක් වශයෙන් මේ ස්ථානය හඳුන්වා ඇත. 

 

මගේ මග පෙන්වන්නා පවසන්නේ ලෝක ඉතිහාසය සටහන් කිරීමේදී පෙර්සේපොලිස් නගරය සහ එහි සිදුවීම් අමතක කිරීමෙන් ඉරානයට සහ ඉතිහාසයට අසාධාරණයක් සිදුවී ඇති බවයි. එවකට සිටි අචයෙමෙනියානු අධිරාජ්‍යයා ගේ නිල මන්දීරයන්, සම්මන්ත්‍රණ ශාලාවන් සහ අධිකරණ ශාලාවන් වල නටබුන් අද කියාපාන්නේ එදා ඉරාන අධිරාජ්‍යයේ අසිරිමත් භාවයයි.  ඇලෙක්සැන්ඩර් රජු විසින් පර්සියානු අධිරාජ්‍යය බලය විනාශ කිරීම සඳහා පෙර්සේපොලිස් නගරය සම්පුර්ණයෙන්ම ගිනිතබා විනාශ කල බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් තවමත් ඒ  නටබුන් අතරින් මතුවෙන අසිරිය ඇත්තෙන්ම චමත්කාර ජනකය. ඉරාන ජාතිකයින් පෙර්සේපොලිස් නටබුන් ගැන ආඩම්භරයෙන් කතා කරන්නේ ඒ නිසාවෙනි. 

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

පෙර්සේපොලිස් නටබුන්

මාගේ ඉරාන සංචාරයේ ඊළඟ නගරය එස්ෆහාන් නගරයයි.  මේ නගරය ඉරානුවන් හඳුන්වන්නේ ලොවින් භාගයක් එස්ෆහාන් නගරය වේ. මේ නගරය ඉරානයේ තුන්වන විශාලම නගරය වන අතර අතීතයේදී ලොව විශාලම නගර වලින් එකක් හැටියට සඳහන් වේ. එසේම දෙවතාවක්ම පර්සියාවේ අගනුවර වශයෙන් එස්ෆහාන් නගරය පැවතුනි.  පල්ලි, රාජකීය නිවාස, පාලම සහ දර්ශනීය මං මාවත් වලින් සපිරි මේ නගරයේ දැනට ලොව ඇතැයි සැලකෙන විශාලතම නගර චතුරශ්‍රයකින්ද සමන්විත වේ. 

 

ශිරාස් නගරයේ සිට එස්ෆහාන් නගරය වෙත ඇත්තේ කි.මී. 484ක දුරකි. ඉරාන ගුවන් සේවයට අයත් එයාර් ඉරාන් යානයකින් තෙවන දිනයේ උදෑසනම එස්ෆහාන් නගරය වෙත පැමිණුනු මම මුලින්ම වන්ක් දේවස්ථාන කෞතුකාගාරය නැරඹීමට ගියෙමි. නගරයේ පිහිටා ඇති මේ දේවස්ථානය ඉරානයේ ඇති විශාලතම සහ අලංකාරම දේවස්ථානය වේ. මේ දේවස්ථානයේ විශේෂ වැදගත්කම වන්නේ භාෂා හතකින් ලියන ලද ග්‍රෑම් තාක් බරැති ඉතා කුඩා ප්‍රමාණයේ බයිබලයක් මේ වන්ක් දේවස්ථාන කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති නිසාය. මෙය ලොව ඇති කුඩාම බයිබලය ලෙසටද හැඳින්වේ. 

 

වන්ක් එස්ෆහාන් හි ආර්මේනියානු ජාතිකයින්ගේ ශුද්ධවූ ස්ථානයක් වන අතර ආර්මේනියානු භාෂාවෙන් වන්ක් යනුවෙන් හැඳින්වෙන්නේ දේවස්ථානය යන්නයි. 1603-1605 ඔට්ටෝමොන් යුද්ධයෙන් පසු ආර්මේනියානු ජාතිකයින් ඉරාන රජු වූ ශා අබ්බාස් ගේ කාලයේ නව ජීවන රටාවක් සොයා විශාල වශයෙන් එස්ෆහාන් ප්‍රදේශයට සංක්‍රමණය වූ අතර ඔවුන් පදිංචි කරවුයේ නක්චිවාන් ප්‍රදේශයේ අරාස් ගඟ අසබඩය. එහෙත් 14 සිට 18 වන ශත වර්ෂ කාල වකවානුවලදී නක්චිවාන්ද විශාල වශයෙන් යුද්ධයට ගොදුරු වූ බවින් ශා අබ්බාස් රජු එහි සිටි සියලුම මුස්ලිම්වරුන් සහ ආර්මෙනියානුවන් හට ඉරානය බලා යාමට බල කර අතර ඔවුන් අවසානයේදී පදිංචි වුයේ ඉරානයේ එස්ෆහාන් නගරයේය.  ආර්මේනියානු ජාතිකයින් තමන්ගේ ආගමික සම්ප්‍රදායයන් ඒ ආකාරයෙන්ම රැගෙන යමින් 1606 වර්ෂයේදී ඉදි කරන ලද පුංචි දේවස්ථානය 1664 වර්ෂයේ සිට ඉරානයේ විශාලම සහ අලංකාරම දේවස්ථානය වශයෙන් හැඳින්වේ. 

 

වන්ක් දේවස්ථාන කෞතුකාගාරය

වන්ක් දේවස්ථාන කෞතුකාගාරය

වන්ක් දේවස්ථාන කෞතුකාගාරය

වන්ක් දේවස්ථාන කෞතුකාගාරය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

වන්ක් දේවස්ථානය

රාත්‍රී කාලයේ ශිරාස් නගරය අලංකාරමත් ලෙස විදුලි බුබුළු වලින් ආලෝකමත් කර ඇත. සැන්දෑ කාලය ගත කිරීම සඳහා ශිරාස් ජනතාව වැඩි වශයෙන් රැස්  වන්නේ කුරාන් දොරටුව නමින් හඳුන්වන විශාල දොරටුවක් සහිත චතුරශ්‍රයකදීය. නගරයේ උතුරු කෙලෙවරේ ඇති මේ දොරටුව ඉදි කරනු ලැබුවේ සෑන්ඩ් රජ පරම්පරාව වකවානුවේදීය. අද මේ ස්ථානය තරුණ පරම්පරාව අතර බෙහෙවින් ජනප්‍රිය ස්ථානයක් බවට පත් වී ඇත. 

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

කුරාන් දොරටුව

රොහාන් ඩිරෙක්ස් Rohan Direkz

July 2015

rohandx@hotmail.com

Comments
More to read
bottom of page