මොරොක්කෝවේ අසිරිය  

 

1956 වසරේදී ප්‍රංශ යටත් විජිතයෙන් නිදහස ලබා ගත් මොරොක්කෝව උතුරු අප්‍රිකානු රටක්. එක් පැත්තකින් දකුණු සහරා කාන්තාරයත් අනික් පැත්තෙන් මධ්‍යධරනී මුහුදෙනුත් වටවී ඇති මොරොක්කෝව  තවත් පැත්තකින් ඇල්ජීරියාව සමග දේශ සීමාවකට උරුම කියනවා. 

 

මොරොක්කෝවේ අගනුවර රබාත් නගරය. ඒ වුනත් සංචාරකයින් අතර වඩාත්ම ප්‍රසිද්ධ නගරය වන්නේ මරක්කේෂ් නගරය. එයට හේතුව මේ නගරය පිහිටා තිබෙන්නේ ලොව ප්‍රසිද්ධ ඇට්ලස් කඳු වැටිය පාමුල නිසාත් සහරා කාන්තාරයට පිවිසීමට පහසුම මාර්ගය වැටී ඇත්තෙත් මේ නගරය හරහා නිසා. ඒ නිසා අපිත් මුලින්ම ලඟා වුනේ මොරොක්කෝ ජාතිකයින් දෙවියන්ගේ අඩවිය වශයෙන් හඳුන්වන මරක්කේෂ් නගරයට. 

 

මරක්කෙෂ් නගරයට පැමිණුනු අපි Ouarzazate නගරය වෙත යන ගමන ආරම්භ කළා. Ouarzazate නගරය තමයි සහරා කාන්තාරයේ ප්‍රධාන දොරටුව වශයෙන් හැඳින්වෙන නගරය.

 

 

 

 

 

 

Quarzazate නගරයට ලඟා වෙන්න තවත් කි.මී. 32ක් තිබෙනවා.  දර්ශනීය අයිත් බෙන්හාඩො (Aït Benhaddou) ගම්මානය වෙතට අපි ලඟා වුනා. 

 

 

මේ අයිත් බෙන්හාඩො ගම්මානය දකුණු මොරොක්කෝවේ ගෘහ නිර්මාණ ශිල්පය මැනවින් විදහා දක්වන තවත් එක් ගම්මානයක්.  කස්බාහ් නමින් හැඳින්වෙන නිවාස 50කට අධික ප්‍රමාණයක් මේ අයිත් බෙන්හාඩො ගම්මානයේ දක්නට ලැබෙනවා. කස්බාහ් කියන්නේ අතීතයේදී ගම්මානවලට යුධ තර්ජනයක් ඇතිවූ අවස්ථාවලදී ප්‍රධානීන්ට ආරක්ෂාව ලබාදීමට ඉදි කල විශේෂ නිවාස රැසක් පිහිටා ඇති ස්ථානයක්. මේවා බොහොමයක සාදා ඇත්තේ ඉතා උස බිත්ති වලිනුත් ඒ වගේම බොහොමයක් නිවාස වල ජනේල දක්නට ලැබෙන්නේ නැහැ. 

1952 වසරේ The Lawrance of Arabia සිනමාකරණය තිරගත වුනාට පසුව මේ අයිත් බෙන්හාඩො ගම්මානය ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙන්නට පටන් ගත්තා.

ලොව ප්‍රසිද්ධ සිනමාකරණ විශාල ප්‍රමාණයක් මේ ගම්මානයේ රූගත කරලා තිබෙනවා. 

Ali Baba Et Les 40 Voleurs, Lawrance of Arabia, The Jewel of the Nile,  Jesus de Nazarath, Galdiator, Cleopatra, Game of Thrones සහ Prince of Persia ඒ අතරින් වැදගත් වෙනවා. 

මේ හේතුව නිසාම තමයි සංචාරකයින් අතර අයිත් බෙන්හාඩො ගම්මානය ප්‍රචලිත වෙලා තිබෙන්නේ.

Lawrance of Arabia සහ Prince of Persia චිත්‍රපටවල darshana

     ජායාරූප පුවත්   

Please reload

ad

Jesus of Nazarath චිත්‍රපටය රූගත කල ස්ථාන 

ad

Quarzazate නගරයේ තමයි ලෝක ප්‍රසිද්ධ ඇට්ලස් සිනමා ගම්මානය පිහිටා තිබෙන්නේ. මෙහිදීත් ඉහත සඳහන් කල චිත්‍රපට රූගත කරලා තිබෙනවා. 

ඇට්ලස් සිනමා ගම්මානය නැරඹීමෙන් පසු අපි තවත් කි.මී. 75ක් පමණ මොරොක්කෝවේ දකුණු දිසාවට ගමන් කළා. අවසානයේදී අපි පිවිසුනේ අලංකාර ටෝඩොර් නිම්නය වෙත.

ටොඩොර් නිමානය වෙත ගමන් කරත්දී දෙපස විශාල කඳු වල ලියලා තිබුනේ මොරොක්කෝවේ ජාතික පාටය.  "ප්‍රථමයෙන් දෙවියන්, දෙවනුව මව්බිම, තෙවනුව රජු "

ඇට්ලස් කඳු වැටිය හිමෙන් වැහිලා ඒ මතට හිරු එලිය වැටෙන කොට මැවෙන දර්ශනය ඉතාමත් දකුම්කලුයි

 

ඒ යන පාර හරියට අපේ දහඅට වංගුව තිබෙන පාර වගේ.

තව ටිකක් දුර යනකොට මොරොක්කෝවේ තිබෙන ඉහලම ස්ථානය අපි පහු කළා. izi-n-Tichka pass at 2,260 meters.

 

රොහාන් ඩිරෙක්ස් - මොස්කව් 

www.sanchara.lk 

අවුෂ්විට්ස් වධකාගාරය ලෝක සිතියමේ......  

ඔබේ අදහස්   

තවත් කියවන්න....