නැමීබියාව
ඉමක් නැති ඉසව්වක නිමක් නැති දේශයකට ගමනක්  

Travel to Namibia - A land of endless horizons !

නැවත වරක් අප්‍රිකාවට.....!  

 

ජනවාරි මාසයේ ඉතියෝපියානු සංචාරයෙන් පසු අප්‍රේල් මාසයේදී නැමීබියාව, බොට්ස්වානා. සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් වල සංචාරයක් සඳහා යන්නට සුදානම් වෙනවා. 

 

මුලික වශයෙන් නැමීබියාව මුල් කරගෙන මේ සංචාරය සිදු වෙනවා.

 

එක පැත්තකින් අත්ලාන්තික සාගරයත්, අනික් පැතිවලින්, ඇන්ගෝලාව, බොට්ස්වානාව සහ සැම්බියාව රටවල් වල දේශ සීමා වලින් නැමීබියාව වටවී තිබෙනවා. සිම්බාබ්වේ රටේ දේශ සීමා සහ කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැති වුනත් මීටර් 200ක පමණ දුරකින් තමයි ඒ දේශ සීමාව තිබෙන්නේ.

 

නැමීබියාව වැඩි වශයෙන් කාන්තාර සහිත ප්‍රදේශයන්ගෙන් සමන්විත රටක්. ඇලස්කාවෙන් භාගයක පමණ භුමි ප්‍රමාණයක් තිබුනත් ජනගහනය මිලියන 2ක් පමණයි වන්නේ.

 

 

 

 

රටේ ඇති විශාලත්වය නිසාත්, දුෂ්කර පරිසර තත්වයන් නිසාත් විශේෂයෙන්ම කාන්තාර නිසා සංචාරය කිරීම ලෙහෙසි පහසු වෙන්නේ නැහැ. හැබැයි මේ සඳහා මට උදව් වෙනවා එක්  විශේෂ පුද්ගලයෙක්. 

 

ඔහු තමයි දැනට ලෝකයේ  කාන්තාර වල රිය ධාවනයන් සඳහා විශිෂ්ට පළපුරුද්දක් ඇති සහ එකම අන්තර් ජාතික පුහුණුකරු ඩොන් නීවුඩ්.  

 

ඩොන් දැනට වසර 20ක පමණ සිට නැමීබියාවේ, අන්ගොලාවේ සහ දකුණු අප්‍රිකාවේ කාන්තාර වල රිය ධාවනයන් සහ දුෂ්කර ශුෂ්ක කාල ගුණ තත්වයන් යටතේ ජීවත් වෙන අන්දම ගැන සංචාරකයින්ට මෙන්ම බොහෝ පුද්ගලයන්ට ආධාර උපකාර කර තිබෙනවා.

 

ලෝක ප්‍රසිද්ධ ඩකා මෝටර් රථ රැලියේ එකම කාන්තාර රිය ධාවන උපදේශක හැටියට කටයුතු කරන්නේද ඩොන්  නීවුඩ්.

නැමීබියාවේම ඉපදී ඒ රටේම හැදී වැඩී ඇති ඩොන්  මාත් සමග මේ සංචාරයට එකතු වීම ඇත්තටම සතුටක්.

 

ලෝකයේ බොහෝ දෙනෙකුගේ ජනප්‍රියතාවය දිනා ගත් හිම්බා සහ බුෂ්මන් ගෝත්‍රිකයින් ජීවත් වෙන්නේ නැමීබියාවේ. ඩොන් ඔවුන්ගේ භාෂාවත් මැනවින්  කතා කරන නිසා මගේ ගමනට තවත් අනුබලයක් ලැබෙනවා. 

නැමීබියාවේ අගනුවර වන වින්ඩ්හෝක් නගරයේ සිට දකුණු බටහිර සහ උතුරු නැමීබියාවටද, බොට්ස්වානාවට, එතනින් සැම්බියාවට සහ සිම්බාබ්වේ රටටත් ආපසු වින්ඩ්හෝක් නගරයටත් සංචාරය කරන මේ ගමනේ මුළු දුර කි.මී. 6500කට වඩා වැඩි වෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ගෝත්‍රිකයින් ගේ ගම්මාන වලට අමතරව ලොව පුදුම හතෙන් එකක් වශයෙන් සැලකෙන සැම්බියානු සහ සිම්බාබ්වේ දේශ සීමාවේ පිහිටා තිබෙන වික්ටෝරියා දිය ඇල්ල, බෝට්ස්වානාවේ චෝබා නදිය, නැමීබියාවේ එටෝෂා වන අඩවියත් දැක බලා ගැනීමට හැකිවේවි.

 

මේ සියලුම අවස්ථා වල විස්තර, සම්මුඛ සාකච්ජා සහ අමුතුම අත්දැකීම් වල පින්තුර සහ වීඩියෝ දර්ශන අප්‍රේල්/මැයි මාසවලදී ඔබට සංචාර.lk වෙබ් අඩවියෙන් සහ සංචාර Facebook පිටුවෙන් දැක ගන්නට ලැබේවි.

 

 

ඒ වගේම අපේ සංචාර Sanchara youtube චැනලයෙනුත් වීඩියෝ දර්ශන දැක බලා ගන්නට පුළුවන්.   

රොහාන් ඩිරෙක්ස් 

info@sanchara.lk

ඉතියෝපියාවට යමු.

ජායාරූප පුවත්   

Please reload

ඔබේ අදහස්   

තවත් කියවන්න