
Rokhan Direkz
ඇන්ජලීකා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටතට පැමිණුනේ තමා පිළිගැනීමට පැමිණි ඩේවිඩ් හමුවීමේ බලාපොරොත්තුවෙන්.
ඇන්ජලීකා රුමේනියානු ජාතික 18 හැවිරිදි රූමත් කාන්තාවක්. රුමේනියාවේ බුඩාපෙස්ට් නගරයේ පෞද්ගලික රුප ලාවන්‍ය ආයතනයක සුලු රැකියාවක නිරත වුනත් අන්තර් ජාලයෙන් දැන හඳුනා ගත් ඇයගේ පෙම්වතා - ඩේවිඩ් - ඇයට පොරොන්දුවී තිබුනේ ඇම්ස්ටර්ඩෑම් නගරයට පැමිණෙන්නේ නම් රුප ලාවන ශිල්පිනියෙකු ලෙස රැකියාවක් ලබා දීමට සුදානම් බව.
මේ සියලු බලාපොරොත්තු සමග ඇන්ජලීකා ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපලට පැමිණුනත් ඩේවිඩ් ඇය මුණ ගැසීමට පැමිණ තිබුනේ නැහැ.

ඇය මුණ ගැසීමට ගුවන් තොටුපලට පැමිණ සිටියේ ඩේවිඩ් ගේ මිතුරෙක්. ඩේවිඩ් ගේ නිවසට යන බව පැවසුවත් ඒ ගමන අවසන් වුයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ සුප්‍රසිද්ධ රතු ලාම්පු දිස්ත්‍රික්කයේ ලිංගික ශ්‍රමය අලෙවි වන ස්ථානයක රැකියාවක් සමග.

මේ සත්‍ය පුවතේ සඳහන් වන ඇම්ස්ටර්ඩෑම් නගරයේ රතු ලාම්පු දිස්ත්‍රික්කයේ මා සංචාරයක යෙදුනේ මෑතකදී. මේ ප්‍රදේශයේ ලිංගික ශ්‍රමිකයින්ගේ ඉතිහාසය පිළිබඳව පැහැදිලි කෙරෙන කෞතුකාගාරය වෙත මගේ සිත ඇදී ගියේ නිතැතින්ම.
සංචාර ප්‍රකාශන
මේ ස්ථාන වලින් මිලදී ගත හැක.
Surasa - Sooriya - Dayawansa - Maradana
Sadeepa - Samudra - Borella
Sarasavi All Outlets & Leading Other Book Shops Islandwide.
&
P & P Associates - Rajagiriya
ගොඩගේ පොත් ප්‍රකාශකයෝ
දයාවංශ ජයකොඩි පොත් ප්‍රකාශකයෝ
සුරිය පොත් ප්‍රකාශකයෝ
සුරස පොත් ප්‍රකාශකයෝ
සදීපා පොත් ප්‍රකාශකයෝ
රත්න පොත් ප්‍රකාශකයෝ
සරසවි පොත් ප්‍රකාශකයෝ

මා දැන් ඔබව රැගෙන යන්නේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ ඔබ බොහෝ විට සංචාරය නොකළ ප්‍රදේශයකට. වරෙක නෙදර්ලන්තයේම ප්‍රසිද්ධම ගණිකා නිවාසය පිහිටා තිබුනේ මේ ස්ථානයේ. මුළු නෙදර්ලන්තයේම ඒ කාලයේ ප්‍රසිධාම ගණිකාව වූ චීන ජාතික ඈන් ව ඝාතනය වුනේ මේ ගණිකා නිවාසය තුල. මේ මරනයේ රහස අද දක්වාම විසදී නැහැ.
මේ ප්‍රදේශය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නෙදර්ලන්තයේ වෙසෙන ජනතාව අතර. නමුත් දැන් දැන් විදේශික සංචාරකයින් අතරද මහත් ජනප්‍රියත්වයක් උසුලනවා. අද ඇම්ස්ටර්ඩෑම් නගරයට පැමිණෙන බොහෝ සංචාරකයින්ගේ එක් ප්‍රියතම ස්ථානයක් තමයි මේ රතු ලාම්පු වීදිය හෙවත් Red Light Street.

නෙදර්ලන්තයේ සංඛ්‍යා ලේඛන වලට අනුව මේ ප්‍රදේශයට වසරකට සංචාරකයින් මිලියන 6කට වඩා පැමිණෙනවා. ඒ වගේම ඇම්ස්ටර්ඩෑම් නගරයට පැමිණෙන සංචාරකයින් ගෙන් 60%ක් අනිවාර්යයෙන්ම මේ ප්‍රදේශයට පැමිණෙනවා.

වයස අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට මේ ප්‍රදේශයේ ලිංගික සේවාවන් ලබා ගැනීමට පුළුවන්.




මේ වීදියේ කුඩා නිවාස වල ප්‍රධාන මාර්ගය පැත්තේ ඇති ජනේල වල කාන්තාවන් රැදී සිටිමින් තම රූපය ප්‍රදර්ශනය කරමින් පාරේ ගමන් කරන පිරිමින් ආකර්ෂණය කර ගන්නවා. නමුත් සෑම කාන්තාවකටම මෙසේ ජනේල අසලට වී තම රූපය ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් නැහැ.

ඒ සඳහා නෙදර්ලන්ත රජයෙන් විශේෂ බලපත්‍රයක් ලබා ගත යුතුව තිබෙනවා. එමෙන්ම එක වරකට පැය 10කට වඩා එක දිගට මෙසේ රුපය ප්‍රදර්ශනය කිරීමටත් හැකියාවක් නැහැ.

මේ ජනේලයක් සඳහා කාන්තාවක් දිනකට යුරෝ 150ක් අවම වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. එමෙන්ම මෙවැනි ජනේල 400ක් පමණ අද මේ වීදියේ දකින්නට පුළුවන්.

මේ කාන්තාවන් වෙනුවෙන් පුද්ගලයෙකු ගෙවන අවම මුදල වන්නේ යුරෝ 50ක්.

රතු ලාම්පු වීදියේ කෞතුකාගාරයේ විස්තර පොත් වල සඳහන් වන අන්දමට මේ සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ලිංගිකව හැසිරීමේදී කොන්ඩම් භාවිතා කිරීමට පෙළඹ වී තිබෙනවා. ඒ පොතේ තව දුරටත් සඳහන් කරන්නේ මේ කාන්තාවක් වසරකට අවම වශයෙන් කොන්ඩම් 2000ක් වත් පාවිච්චි කරන බවයි.

එමෙන්ම පිරිමින් මේ කාන්තාවන් සමග ගත කරන කාලය බොහෝ විට විනාඩි 6 සිට විනාඩි 15 දක්වා වෙන බවත් නෙදර්ලන්ත රජයේ සංඛ්‍යා ලේඛන පවසනවා. හැබැයි බලධාරීන් විසින් මේ සඳහා නිශ්චිත මිලක් නියම කොට නැහැ. එය රඳා පවතින්නේ මේ කාන්තාවන් සහ පිරිමින් කතා බස් කර ගන්නා ආකාරය අනුව.

2010 සංඛ්‍යා ලේඛන වලට අනුව කාන්තාවන් 6500ක් පමණ මේ සඳහා නෙදර්ලන්ත රජයේ ලියාපදිංචි වී තිබෙනවා.

නෙදර්ලන්තයේ නීති වල අනුව මේ ගණිකාවන්ට තමන්ගේ ආරක්ෂාව සඳහා ආයුධ නොයෙකුත් ස්ප්‍රේ වර්ග භාවිතා කිරීමට අවසර නැහැ. නමුත් මොවුන්ගේ ආරක්ෂාව තනිකරම රඳා පවතින්නේ මේ කාන්තාවන්ගේම අන්‍යයෝන්ම සම්බන්ධතා මත. ඒ වගේම මොවුන්ගේ ආරක්ෂකයින් සහ ගණිකා නිවාස වල විශේෂ ආරක්ෂක නිලධාරීන්ද මේ වෙනුවෙන් ඇප කැප වී සිටිනවා.

සංඛ්‍යා ලේඛන තව දුරටත් පවසන්නේ මේ එක කාන්තාවක් තම පැය 10 සේවා කාලය තුලදී අවම වශයෙන් පිරිමින් 16 දෙනෙකු සමග ලිංගික හැසිරෙන බව.

කෞතුකාගාරයේ නිලධාරිනියක්න සඳහන්මු කලේ කාන්තාවන් සමග පිරිමින් මේ රාජකාරියේ යෙදෙන්නේ නැති බව. පිරිමින් සිටිනවානම් ඒ බොහෝ දුරට ඒ පිරිමින් කාන්තාවන් වීමේ ලිංගික විපර්යාස වලට භාජනය වෙමින් පවතින කාන්තාවන් බවයි ඇය තව දුරටත් සඳහන් කලේ.

කැනබීස් හෝ කංසා අඩංගු චොකලට් මා ප්‍රථම වරට දුටුවේ මේ රතු ලාම්පු වීදියේ කඩ සාප්පු වල.

නමුත් මේවා මිලදී ගැනීමේදී ඔබ ගමන් කරන රට ගැනත් සැලකිලිමත් විය යුතුයි. සමහර රටවල් වලට මෙවැනි ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට අවසර ලැබෙන්නේ නැහැ.

මේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට සහ අනිකුත් වැසියන්ට විශේෂ දස පනතක් මේ කෞතුකාගාරය විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ දස පනතෙන් ඇත්තටම සිදුවන්නේ පැමිණෙන පුද්ගලයාගේ විනය සහ සංවර භාවය පාලනය කිරීමක්.
1. කිසිම විටෙක මේ කාන්තාවන්ගේ ජායාරුප හෝ ඔවුන්ව වීඩියෝ නොකරන්න.
2. එමෙන්ම මේ කාන්තාවන් සිටින ජනේල වලට තට්ටු නොකරන්න. උසුළු විසුළු නොකරන්න.
3. සෑම විටම මේ කාන්තාවන්ව සමච්චලයට ලක් නොකරන්න.
4. කාමර වල ඇති තිර රෙදි අතරින් අනවසරයෙන් එබිකම් කිරීමෙන් වලකින්න.
5. මේ ජනේල ඉදිරිපිට බොහෝ වෙලාවක් සිට ගෙන කාලය ගත නොකරන්න.
6. ඔබට මේ කාන්තාවන්ගේ සේවය අවශ්‍ය නම් සෑම විටකම අවශ්‍ය මුදල කලින් ගෙවන්න. එමෙන්ම ලැබෙන සේවාවන් ගැන මුදල් ගෙවීමට පෙර විස්තර විමසීමට පසුබට නොවන්න.
7. සෑම විටකම ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න.
8. සෑම විටකම පිරිසිදුව සිටින්න.
9. ඔබට යම් දෙයක් ගැන සැකයක් හෝ ඔබව රැවටීමකට භාජනය වන්නේ නම් ඉක්මනින්ම පොලීසිය අමතන්න.
10.කිසිම විටෙක ඇති වන ප්‍රශ්නයක් ආවේගශීලීව විසඳීමට උත්සාහ නොකරන්න.
මගේ මේ සටහන නිසා ඔබට නෙදර්ලන්තයේ රතු ලාම්පු වීදිය ගැන තරමක් හෝ අවබෝධයක් ලබා ගන්නට හැකි වේවි. මේ කාන්තාවන් තම ජීවත් වීම සඳහා මේ රාජකාරියේ නිරත වුවත් ඒ සෑම කාන්තාවක්ම පිටුපස ඇත්තේ බොහෝ විට කනගාටුදායක සටහනක්. ඒ නිසා මේ කාන්තාවන්ට අපහාස නොකිරීමට වග බලා ගැනීම සහ තම සංචාරය විනයානුකුලව සිදුකිරීම පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ වගකීමක් වෙනවා.


