යුරෝපයේ ෂෙන්ගෙන් වීසා නව ක්‍රමයකට   !

මෑතකදී ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා යුරෝපයේ නායකයන් බොහෝ දෙනෙකුට දැඩි තීරණ ගන්නට සිදු වෙලා. අනවසර සරණාගතයන් තම දේශ සීමාවන් හරහා පැමිණීම වැළැක්වීමට ගත යුතු සියලුම ක්‍රියා මාර්ග ගන්නා බවයි  ඔවුන් පවසන්නේ. 

 

 

1985 වසරේදී පළමු වරට ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම,නෙදර්ලන්තය සහ ලක්සෙම්බුර්ග් රටවල් පහ එකතු වෙලා තමන්ගේ දේශ සීමා ඔවුනොවුන්ට විවෘත කරන්න තීරණය කලේ. අද මේ ෂෙන්ගෙන් ගිවිසුමට රටවල් 26ක් එකතු වී තිබෙනවා. මේ අනුව අවම වශයෙන් මිලියන 40ක් පමණ වෙන යුරෝපීය ජනතාවට මේ රටවල් හරහා නිදහසේ ගමන් කරන්නට පුළුවන්. 

නෙදර්ලන්තය විසින් මේ ෂෙන්ගෙන් ගිවිසුම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.  ඒ යෝජනාවට අනුව ෂෙන්ගෙන් සංචාරක වීසා බලපත්‍රය හෝ එම ගිවිසුමට අයිති රටක ගමන් බලපත්‍ර හිමියන්ට නිදහසේ මේ රටවල් 26 අතර සංචාරය කිරීමට අවසර ඇතත් නමුත් දේශ සීමා වලදී ඔවුන්ගේ ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර පරීක්ෂණයකට ලක් කෙරෙනවා.  අනවසරය්නේ රටවල් තුලට ඇතුල් වෙන සරණාගතයන් අධීක්ෂණය කිරීමට මේ පියවර ඉවහල් වෙන බවයි නෙදර්ලන්තය පවසන්නේ. 

 

 

හැබැයි ෂෙන්ගෙන් ගිවිසුමේ මුලික සිද්ධාන්තයන් මේ නව ක්‍රමයෙන් උල්ලංඝනය වන බවයි මතධාරීන් පවසන්නේ. 

 

ඒ වගේම නෙදර්ලන්තය මේ යෝජනාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් ෂෙන්ගෙන් රටවල් අතර නව දේශ සීමාවක් ආරම්භ කරන්න යෝජනා කරනවා. ඒ අනුව ජර්මනිය, ඔස්ට්‍රියාව, ලක්සෙම්බුර්ග් සහ නෙදර්ලන්තය අතර සංචාරක වීසා හෝ මේ රටවල් වල ගමන් බලපත්‍ර සහිතව නිදහසේ සංචාරය කිරීමට අවසර ඇතත් අනිකුත් රටවල් වල පුරවැසියන් මේ රටවල් 4 ට පැමිණීමේදී පරීක්ෂාවට ලක් වෙනවා. 

 

මේ ක්‍රමයට තවම ෂෙන්ගෙන් සම්මුතියේ එකම රටක් වත් කැමැත්තක් දක්වලා නැහැ. මේ ක්‍රමය යෝජනා කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පක්ෂය විසින්. 

ජායාරුප සහ විස්තර  World News

ඔබේ අදහස්   

තවත් පුවත්