Я заголовок. Дважды кликните по мне!

 

 

කියුබානු ජනතාවටත් එමෙන්ම කියුබාවට පැමිණෙන විදේශීය සංචාරකයින් හටත් අන්තර්ජාල පහසුකම් මෙතෙක් කල් තිබුනේම නැති තරම්. නමුත් දැන් තත්වය වෙනස් වෙමින් පවතිනවා. කියුබාවේ විප්ලවීය වෙනසක් සිදු වෙමින් පවතිනවා. දැනටමත් wi-fi hot spot කිහිපයක් හවානා නගරයේ ආරම්භ කර තිබෙනවා. උදේ සිට රෑ  වන තෙක් කියුබානු තරුණ කණ්ඩායම් මේවා ස්ථාන අසල තම දුරකථන සහ ලැප්ටොප් සමග මහා පාරේ පදික වීදිකාවල සිට අන්තර් ජාලයට එකතු වීම දැන් සුලභ දර්ශනයක් වෙලා. 

 

 

 

 

 

කියුබාවේ විප්ලවීය Wi-Fi  

කියුබානු නායක රාවුල් කැස්ත්‍රෝ පවසන්නේ 2020 වර්ෂය වන විට සෑම කියුබානුවෙකුටම අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි. 

 

දැනට ආරම්භ කර ඇති hotspot ස්ථාන 35 කදී 55,000ක පමණ පිරිසක් අන්තර් ජාලය හා සම්බන්ධ වී තිබෙනවා. සාමාන්‍ය මාසික ආදායම $24ක් පමණ වෙන කියුබාවේ අන්තර්ජාලය සඳහා පැයකට $ 1.50ක් ගෙවා රජයට අනුබද්ධ Etecsa සමාගම මගින් නිකුත් කර ඇති Nauta කාඩ් පතක් ලබා ගැනීමට සිදුවෙනවා. එම මිල කියුබානුවන්ට දරා ගත නොහැකි මිලක්. 

 

එමෙන්ම සමහර නගර වල Internet Cafe බිහිවෙමින් පවතිනවා. නමුත් බොහොමයක් කියුබානුවන් Nauta කාඩ් පතක් මිලදී ගෙන තම පරිගණකය හෝ දුරකථනය හරහා තවත් ග්‍රාහකයින් රැසකට අන්තර්ජාල පහසුකම් අඩු මුදලට බෙදා දීමෙන් අමතර ආදායමක් උපාය ගැනීමට දැන් පුරුදුවී තිබෙනවා. මේ නිසා අන්තර් ජාල වේගය පවා අඩුවී තිබෙනවා. එසේම මේ පුද්ගලයින් කියුබානු පොලිස් අත් අඩංගුවට පවා පත් වෙනවා. 

ඇමෙරිකාව සමග කියුබාව නව සම්බන්ධතා ආරම්භ කිරීමේ ප්‍රතිපලයක් හැටියට තමයි මේ විප්ලවීය වෙනස සිදු වන්නේ. 

 

කියුබාවේ අන්තර් ජාල පහසුකම් පිලිබඳ වැඩි විස්තර ඔබට මේ ස්ථානයෙන් ලබා ගන්න පුළුවන්.

 

 

ජායාරුප අනුග්‍රහය - www.news.yahho.com, www.newsnish.com 

ඔබේ අදහස්   

තවත් පුවත් 

ලොව විශාලම ගස දැන් තනි ජායාරූපයක

ඔක්තෝබර් 01, 2015

ලොව විශාලම ගසට දැන් වයස අවුරුදු 3200ක් පමණ වෙනවා. මේ ගස් තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සේක්වොයි ජාතික වනොද්යානයේ. හැබැයි මෙතෙක් කල් කිසිම ජායාරුප ශිල්පියෙකුට මේ ගහේ තනි ජායාරුපයක් ගන්නට හැකිවී නැහැ. ඒ මේ ගහේ ඇති උස සහ....

Please reload