ලොව විශාලතම ගුවන් සේවා සමාගමක් වන එමිරේට්ස් ගුවන් සමාගම තවත් පියවරක් ඉදිරියට තබමින් ලොව දිගම ගුවන් ගමන් ආරම්භ කරන්නට සුදානම් වේ. 

 

ඩුබායි සිට පැනමා රාජ්‍යයේ අගනුවර වන ටෝකුමෙන් හි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පියාසර කරන මේ නවතම සේවාව පැය 17ක් සහ විනාඩි 35ක ගුවන් ගමනක් වෙන අතර 2016 පෙබරවාරි මස 1 වෙනිදා සිට මේ ගමන් වාර ආරම්භ වීමට නියමිතයි. 

Я заголовок. Дважды кликните по мне!

සෑම දිනකම උදෑසන 8.05 ට ඩුබායි ගුවන් තොටුපළෙන් පිටත් වන එමිරේට්ස් ගුවන් යානය එදිනම පැනමා වේලාවෙන් සවස 16.40 ට ටෝකුමෙන් ගුවන් තොටුපලට ලඟා වේ. ගුවන් ප්‍රවේශ පත්‍ර විකිණීම දැන් ආරම්භ කර ඇති අතර එහි මිල අවම වශයෙන් යුරෝ 2000ක් පමණ වේ.  මේ සඳහා උපයෝගී කර ගන්නේ බෝයින් 777-200 වර්ගයේ ගුවන යානයක් වන අතර මේ ගමනාන්තය එමිරේට්ස් ගුවන් සේවාව මධ්‍යම ඇමෙරිකානු රටවලට ආරම්භ කරන සිය ප්‍රථම සේවාව වනු ඇත. 

දැනට ලොව දීර්ඝතම ගුවන් ගමන ලෙස සටහන් වන්නේ ඇමෙරිකාවේ ඩලස් ගුවන්තොටුපලේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා පියාසර කරන ගුවන් ගමනයි. ඕස්ට්‍රේලියානු ගුවන් සමාගමක් වන ක්වන්ටාස් ගුවන් සේවාව මෙම ගුවන් ගමන පියාසර කරන අතර ඒ සඳහා පැය 17 ක කාලයක් ගත වේ.

 

මීට ටික කලකට ඉහතදී සිංගප්පුරු ගුවන් සමාගම විසින් සිංගප්පුරුවේ සිට ඇමෙරිකාවේ බටහිර කොටසේ නගර වලට ගුවන් සේවා ආරම්භ කරත් ටික කලකින් ඒ සේවා නවතා දමන්නට සිදුවුණු අතර එයට හේතු වුයේ අධික ඉන්ධන වියදමත් ඒ නිසා ඇතිවූ මුල්‍යමය ගැටළු නිසාත්ය. 

 

ලොව පළමු දීර්ගතම ගුවන් ගමන ලෙස ඉතිහාසයට එක්වන්නේ ඊශ්‍රායලයේ ටෙල්-අවිව් සිට නිව්යෝර්ක් නුවර දක්වා 1961 වසරේදී එල් අල් ගුවන සේවාව ආරම්භ කරන ලද ගුවන් සේවාවයි. එදා කි.මී. 9137ක දුරක් පියාසර කරනු ලැබූ අතර ඒ සඳහා පැය 9ක කාලයක් ගත වුනි. 

 

අනුග්‍රහය - www.nat-geo.ru/travel

ලොව හොඳම ගුවන් තොටුපළවල් දහය

ජුනි 5, 2015

ලොව හොඳම අන්තර් ජාතික ගුවන් තොටුපළවල් දහය පසුගියදා පැරිස් නුවර පැවැත්වුණු ගුවන් සංදර්ශනයකදී  නම් කෙරිණි. ගුවන් සංචාරක සමීක්ෂණ ආයතනයක් වන skytrax අනුග්‍රහයෙන් මේ ඇගැයීම සිදු කෙරිණි.  මෙවර ලොව හොඳම අන්තර් ජාතික ගුවන් තොටුපල ලෙස සම්මානය හිමිකරගත්තේ.... 

ලොව වැඩිම සංචාරකයින් සංචාරය කල රටවල් දහය

අගෝස්තු 01, 2015

ලෝක සංචාරක සංවිධානයේ 2014 වසරේ වාර්තා වලට අනුව ලොව වැඩිම සංචාරකයින් සංචාරය කල රටවල් දහය සංඛා ලේඛන සහිතව ඔබේ අවධානය පිණිස මෙසේ ඉදිරිපත් කරමු. ඒ අනුව 2014 වසරේ වාර්තාගත මිලියන 83.4 ක් සංචාරකයින් පිරිසක් පැමිණි.....

Please reload

Please reload