රුසියාවේ මොස්කව් නගරයට කි.මී. 1500ක් පමණ දුරකින් පිහිටා ඇති රොස්තොව් නගරය මේ දිනවල සංචාරකයින්ගෙන් පිරී ඉතිරී පවතී.  වැඩි දෙනෙක් පැමිණෙන්නේ  පරමොනොව් ගබඩා සංකීර්ණය බැලීමටයි.  ඔබ පුදුම වෙනවා නොඅනුමානයි. මෙය ඇත්ත වශයෙන්ම ඉතා පැරණි ගරා වැටුණු ගබඩා සංකීර්ණයක්. රොස්තොව් නගර මධ්‍යයේ දොන් නදිය අසල පිහිටා ඇති මේ ගබඩා සංකීර්ණයේ ගරා වැටුණු ගොඩනැගිලි වල දොන් නදියේ සිට පිටාර ගලන ජලය සහ භූගත පිරිසිදු ජලය ගලා ඒමෙන් සෑදී ඇති විලවල් වල ස්නානය සඳහායි මේ සංචාරකයින් පැමිණෙන්නේ.  මෙහි ඇති ජලය බොහෝ ලෙඩ රෝග සුව කිරීමේ හැකියාවක් තිබෙන බවත් රොස්තොව් නගර වැසියන් පවසනවා.  එසේම ශීත සමයේදී වත් මේ විල්වල ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 9කට වඩා අඩු වෙන්නේ නැහැ. 

 

එහෙත් මේ පිහිනුම් තටාක රුසියානු රජයෙන් හෝ රොස්තොව් නගර සභාවෙන් කිසිම ආකාරයෙන් ස්නානය සඳහා අනුමත කර නැහැ.  ඒ වුනත් සංචාරකයින්ගෙන් නම් අඩුවක් දකින්නට නැහැ.

Я заголовок. Дважды кликните по мне!

Please reload