Search
  • Rohan Direkz

මොන්ගෝලියානුවනේ!


කි.මී. 4800 ක දුරක් රුසියාවේ නිෂ්පාදිත UZA වාහනයෙන් මොන්ගෝලියාව හරහා ගමන් කල සංචාරය ජීවිතයේ කිසිම දිනෙක අමතක කරන්න බැහැ. මගේ ජීවිතයේ සිහිනයක්ව තිබු ඒ සංචාරයත් සැබෑවක් බවට පත් කරගන්නට හැකිවුනා.

මොන්ගෝලියාවේ වම් කෙලවර චීන දේශ සීමාවට ආසන්නව ස්ටෙප්ස් තන බිමේදී මට හමුවුනේ සාම්ප්‍රදායික මොන්ගෝලියානු යුර්ටා කුඩාරමක ජීවත් වන සිනිගෝ පවුල. ඔවුන් ජීවිතයේ ප්‍රථම වරට තමයි කලු හම සහිත පුද්ගලයෙක් දුටුවේ. එය ඔවුන්ට පුදුම සහ සතුට දනවන අවස්තාවක් වුනා. විශේෂයෙන්ම සිනිගෝ පවුලේ කුඩාම සාමාජිකයාට.


මේ කුඩා සාමාජිකයා මාහට සැලකුවේ ඔහුගේම පවුලේ කෙනෙක් ලෙස. මේ ජායාරුප දෙස බලමින් මේ පුතා හැම විටම කීවේ ඔහුගේ මුහුණත් මගේ මුහුණත් එක සමාන ලෙස.

මා සංචාරය කල බොහෝ රටවල් වල ජනතාව මාව දුටුවේ ඔවුන්ගේම කෙනෙක් ලෙස. මේ නිසා බොහෝ සංචාර වලදී ඒ රටේ සම්ප්‍රදායයන් සහ සිරිත් විරිත් දැන හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ හදවතට ලං වන්නට මට පුළුවන් වුනා.

දින කිහිපයක් ඔවුන්ගේ කුඩාරමේ ගත කර නික්ම යන දිනයේ මා දුටුවේ මේ පුතාගේ ඇස් වල කඳුළු.

ඔවුන්ගේ ජීවිතය අපට නම් තරමක් දුෂ්කරයි. නමුත් සත්‍ය වශයෙන්ම ජීවිතයේ සුන්දරත්වය සහ ආශ්වාදය වින්දනය කරන පුද්ගලන් ලෙස ඔවුන්ව හඳුන්වන්න පුළුවන්.


මොන්ගෝලියානු සංචාරය මගේ සංචාර ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක්.

Sirasa TV සමග ඉදිරිපත් කල සංචාර with @Rohan Direkz – Session 1 වැඩ සටහන හරහා මගේ මොන්ගෝලියානු සංචාරය නරඹන්න පුළුවන්.

ලොව විශාලතම ගොඩබිම් අධිරාජ්‍යය බිහිකළ චින්ගීස් ඛාන්ගේ රට - https://youtu.be/MAIQmitLnEk

දඩයම් සදහා උකුස්සන් - රාජාලීන් පුහුණු කරන මොංගෝලියානුවන් - https://youtu.be/_rmgH4yfAkY

දවස් 14ක මොංගෝලියානු සංචාරයේ අවසානය - https://youtu.be/0nWALJaeJpc

14 views0 comments