සොබා දහමේ අසිරිය
Updated: Nov 23, 2020

රුසියාවේ ඈත පෙරදිග කලාපයේ ව්ලැඩිවොස්ටොක් නගරයට අද උදෑසන කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි ඇද හැලුනේ අයිස් වැස්සක්.

ශීත කාලයේ මෙවැනි සිද්ධීන් සුලභ නමුත් අයිස් වැස්ස ඇද හැලීමෙන් පසු උෂ්ණත්වය සීග්‍රයෙන් අඩු වූ නිසා අයිස් සියල්ලම පොලව මත, ගස් වල පත්‍ර මත, රථ වාහන වල සහ ගොඩනැගිලි වල ඒ වැටුණු ආකාරයෙන්ම ඝන වීම නිසා මුළු ව්ලැඩිවොස්ටොක් නගරයම අයිස් නගරයක් බවට පත් වුනා.






සංචාරකයින්ගේ, මාධ්‍ය වාර්තාකරුවන් ගේ සහ ජායාරුප ශිල්පීන්ගේ කැමරා වල මේ අවස්ථාව දර්ශනීය ලෙස සටහන් වී තිබුනා.
Photos-www.gazeta.ru