Search
  • Rohan Direkz

යාකුටියාවේ කරාස්


ලොව මිනිසුන් ජීවත් වන ශීතම ප්‍රදේශයේ - රුසියාවේ යාකුටියාවේ ශීත කාලය දැන් ඇරඹිලා. අද දිනයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක රින 21ක්.

යාකුටියාවේ විල් දහස් ගණනක් තිබෙනවා. මේ විල් වල බහුලව සිටින්නේ කරාස් නමින් හඳුන්වන මාළුවන්. මේ කරාස් මාළුවන් යාකුටියානු වැසියන්ගේ ජීවිතය සමග සම්බන්ධයි. යාකුටියානු භාෂාවෙන් මුන්හා නමින් හඳුන්වන්නේ දැල් මගින් අයිස් අතර සිටින මාළුන් අල්ලා ගැනීමේ ක්‍රමයකට.

අධික ශීතල නිසා ඝන වී ඇති ගංගා සහ විල් වල සිදුරු සාදා ඒ හරහා දැල් උපයෝගී කරගෙන කරාස් මාළුවන් අල්ලා ගැනීම නැතිනම් මුන්හා ක්‍රමය යාකුටියානුවන්ගේ සාම්ප්‍රදායික පුජනීය චාරිත්‍රයක්.

මෙවැනි අධික ශීතලේ (-51C) යාකුටියාවේ ඔයිමිකොන් ගම්මානයේ මේ ආකාරයෙන් මාළු අල්ලන අවස්ථාවකට සහභාගී වන්නට මට අවස්ථාව ලැබුනා. Yakutiya.com якутия FB පිටුවේ මේ ජායාරුප දුටු විට මට මතක් වුනේ ඒ අවස්ථාව.

Yakutia. com Якутия

21 views0 comments