Search
  • Rohan Direkz

සුභ නත්තලක්!


ඔබ සැමට සාමයෙන්, සතුටින් සහ නිරෝගීභාවයෙන් පිරි සුභ නත්තලක් වේවා!

The gift of love. The gift of peace. The gift of happiness. May all these be yours at Christmas.


කොවිඩ් වසංගතය නිසා සංචාරක කර්මාන්තයම බරපතල තර්ජනයකට සහ අභියෝගයකට ලක්වෙලා. කොවිඩ් වසංගත තත්වයත් සමග සංචාරය කිරීම එක්තරා අභියෝගයක්. එය සෞඛ්‍ය ප්‍රශ්නයකට අමතරව කාලය සහ මුදල් කා දමන ක්‍රියාදාමයක්.


මේ දිනවල මා ජීවත් වන්නේ ජර්මනියේ. ජර්මනියට සංචාරකයෙකු ලෙස මා අවස්ථා ගණනාවකදීම පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉපදී තවත් වසර ගණනාවක් රුසියාවේ ගත කර තවත් කාලයක් වෙනත් රටක ගත කරන්නට වේවි යැයි කියා මට නොසිතුනත් එය සිදුවුනේ ඒ ආකාරයෙන්. සංචාරකයෙකු ලෙස පැමිණ රටක් ගැන ලැබෙන අවබෝධයක් සහ ඒ රටේ ජීවත් වෙමින් ලබා ගන්නා අවබෝධය සහ අත්දැකීම් අතර ඇත්තේ විශාල වෙනසක්.


ඒ නිසා මීට ඉහතදී යුරෝපයේ රටවල්, ප්‍රදේශ සහ ඉතිහාසයන් සම්බන්ධව මා විසින් පල කරන ලද ලිපි වලින් පෙන්වා දුන් කරුණු තවත් පුළුල්ව සහ මතවාදීවද, එමෙන්ම නැවුම් විස්තර සහ නව ස්ථාන ගැන විස්තරද සංචාර Sanchara youtube channel සහ www.sanchara.lk හරහා ඔබට ඉදිරිපත් කිරීමට හැකි වේවි.

එමෙන්ම රුසියාව සහ යුරෝපය අතර පැවතී සහ පවතින සම්බන්ධතා, මිත්‍රත්වයන්, ගැලපීම් සහ නොගැලපීම් හරහා අලුත් වන වාතාවරණය සංචාරකයෙකුගේ ඇසින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මින් මතුවට මට හැකි වේවි. කොවිඩ් දුෂ්කරතා මැද දැනටමත් මා එවැනි අමුතුම ආකාරයේ සංචාරය කිහිපයකටම සහභාගී වුනා.. ඒ තුලින් ඔබ අසා ඇති යුරෝපයේ රටවල් වල සහ රුසියාව ගැන ඔබ නොදන්නා අපුරු තොරතුරු සහ ජීවිතයේ කිසිම දිනෙක ඔබට යන්නට නොහැකි අපහසු ස්ථාන වලට කරන සංචාර ගැන විස්තර සහ ජීවිතයේ කිසිම දිනෙක ඔබට පෞද්ගලිකව පිළිසඳරේ යෙදෙන්නට අවස්තාවක් නොලැබෙන පුද්ගලයින් සමග ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමටද ඉදිරියේදී හැකිවේවි.


ලබන වසරේදී අමුතුම ආකාරයේ සංචාර වැඩ සටහන් සමග හමුවෙමු.


ඔබ සැමට සාමයෙන්, සතුටින් සහ නිරෝගීභාවයෙන් පිරි සුභ නත්තලක් වේවා!

The gift of love. The gift of peace. The gift of happiness. May all these be yours at Christmas.

7 views0 comments