• Rohan Direkz

සංහිඳියාව


ඊයේ දිනයේ මා ලොව බිහිසුනුම සහ ඛේදජනක වධකාගාර ලෙස සැලකෙන පෝලන්තයේ අවුශ්විට්ස්-බිකානු Auschwitz-Birkenau වධකාගාර මුදා ගැනීමේ 76 වන සංවත්සරය ගැන ලියු විස්තරයට අද දින තවත් යමක් එකතු කරන්නට සුදානම්.


අවුශ්විට්ස්-බිකානු Auschwitz-Birkenau වධකාගාර වලදී යුදෙව් ජාතිකයින් දහස් ගණනක් මරුමුවට පත්වුනා. ඊයේ දිනයේ ජර්මනියේ බර්ලින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළකට ගොඩ බැස්වූ ඊශ්‍රායල ජාතික ගුවන් සේවාවට අයත් ගුවන් යානයේ නියමුවා වුනේ Ofer Aloni. ඔහු ගේ සීයා සහ ආච්චී මරුමුවට පත්වී ඇත්තේ එදා නාසිවාදීන් ගේ ප්‍රහාර වලින්.

“මම විශ්වාශ කරනවා මගේ සීයා සහ ආච්චී අද සිටියා නම් ඔවුන් ආඩම්භර වෙනවා සත්තයි මම ඊශ්‍රායල ගුවන් යානයකින් ඊශ්‍රායල ධජය සමග ජර්මනිය වෙත පියාසර කිරීම ගැන” මෙසේ පවසන්නේ Ofer Aloni.


Auschwitz-Birkenau වධකාගාර ඇතුළු කඳවුරු වලදී සහ සෝවියට් දේශයේ ලෙනින්ග්‍රාඩ් නගරය වැටලීම Siege of Leningrad යන බිහිසුණු අවස්ථා වලට මුහුණ දී අදටත් ජීවත්ව සිටින පුද්ගලයින්ට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින්ට සෞඛ්‍ය පහසුකම්, දීමනා සහ වෙනත් ආධාර ලබා දීමට ජර්මනිය ඉදිරිපත්වී සිටීම සත්‍ය වශයෙන්ම අගය කල යුතු කාරණයක්. විස්තර - DW на русском

11 views0 comments