top of page

ලෙනින් සමරමු!


ලෙනින්ගේ 151 වන ජන්ම දිනය - අප්‍රේල් 22 වැනිදා 1991 වසරේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු රුසියාවේ බොහෝ නගරවලත් එමෙන්ම සෝවියට් සමුහාණ්ඩු වල තිබුණු ලෙනින්ගේ ප්‍රතිමා ඉවත් කරන්නට සිදුවුනා. නැතිනම් සමහර කණ්ඩායම් විසින් විනාශ කර දමා තිබුනා. අද මොස්කව් නගරයේ දක්නට ලැබෙන මුසියොන් නමැති උද්‍යානයේ මෙසේ එකතු කර ගත් ලෙනින්ගේ සහ අනිකුත් විප්ලවීය නායකයින්ගේ ප්‍රතිමා බොහොමයක එකතුවක් දැක ගන්නට පුළුවන්.

වැලිදීමීර් ඉලිච් ලෙනින් ගැන අද කතා කල යුතුම දවසක්. මුළු ලොවක්වම ව්‍යසනයකට පත්වෙමින් පවතින මෙවැනි වකවානුවක ලෙනින්ගේ ඉගැන්වීම් වලින් සහ සෝවියට් ඉතිහාසය තුලින් ගත හැකි පාඩම් මොනවාද යන්න ගැන විශේෂයෙන් අවධානය යොමු කල යුතු බව රුසියාවේ කොමියුනිස්ට් පක්ෂය පවසනවා.


ඔබ මොස්කව් නගරයට පැමිණෙන්නේ නම් ලේනින්ස්කි ගෝර්කි උද්‍යානය බැලිය යුතුම ස්ථානයක්. දේශපාලන අදහස් කෙසේ වෙතත් ලෝක ඉතිහාසය වෙනත් මඟකට යොමු කල මේ විප්ලවීය නායකයා ක්‍රේම්ලිනයේ භාවිතා කල ගෘහ භාණ්ඩ, පොත් පත් සහ ඔහුට අයත්ව තිබුණු මෝටර් රථ අද ප්‍රදර්ශනය කෙරෙන්නේ මේ උද්‍යාන සංකීර්ණයේ. ලෙනින් මියගිය මොහොතේ ලබා ගත් මුහුනේ සජීවී ආකෘතිය සහ දෑත් වල සටහන් සහිත නිර්මාණයේ කොපියක් අද ලෙනින් මිය ගිය ඒ ස්ථානයේ මේ උද්‍යාන සංකීර්ණයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

ලේනින්ස්කි ගෝර්කි උද්‍යාන සංකීර්ණයට මා කල සංචාරයේ ජායාරුප එමෙන්ම ලෙනින් ගේ අවසාන කාලය පිලිබඳව සහ මොස්කව් නුවර ලෙනින් සමාධිය පිළිබඳව ඔබ කිසිම දිනක නොඇසූ විස්තර සහ නොදුටු ජායාරුප මගේ වෙබ් අඩවියේ මේ ලින්ක් එකෙන් - https://www.sanchara.lk/russiatravel-lenin


මාක්ස්වාදය පොතපතට සීමාවූවත් එය ප්‍රායෝගිකව භාවිතා කල හැකිබව සනාථ කිරිමේදී ලෙනින් සුවිශේෂී කාර්යයක් ඉටු කළා. නමුත් ලෙනින් විසින්ම තෝරා ගත් ඒ ගමන් මගේ ගොස් බිහිවුනු දේශයේම අද ලෙනින් අතරමන් වෙලා.

ලෙනින්ගේ 151 වන ජන්ම සංවත්සරය අද දින සමරමු.

20 views0 comments
bottom of page