• Rohan Direkz

අවුශ්විට්ස් මිනී කම්හල


මීට වසර 76 කට පෙර එනම් 1945 වසරේ ජනවාරි මස 27 වැනිදා, ලොව බිහිසුනුම සහ ඛේදජනක වධකාගාර ලෙස සැලකෙන පෝලන්තයේ අවුශ්විට්ස්-බිකානු Auschwitz-Birkenau වධකාගාර මුදා ගන්නට සෝවියට් දේශයේ රතු හමුදාවන් සමත් වුනා.


දෙවන ලෝක සංග්‍රාමයේ එක් බිහිසුණු ප්‍රතිපලයක් මෙසේ නිමා වුනත් ඒ පිලිබඳ මතකයන් සහ සටහන් කිසිම දිනෙක අපේ හදවත් තුලින් ඉවත් කරන්නට හැකි වන්නේ නැහැ.

සංඛ්‍යා ලේඛන වලට අනුව අවුශ්විට්ස්-බිකානු Auschwitz-Birkenau වධකාගාර තුල මිලියනයකටත් වධා අධික ජනතාවක් වෙඩි තබා, එල්ලා දමා, පුළුස්සා හෝ ගෑස් කාමර තුල මරා දමා තිබෙනවා.


සංචාරකයෙකු ලෙස ලෝකයේ බොහෝ ස්ථාන, විශේෂයෙන්ම ආන්දෝලනාත්මක සිද්ධීන් හා සම්බන්ධ ස්ථාන නරඹන්නට මට අවස්ථාවන් ලැබී තිබෙනවා. නමුත් අවුෂ්විට්ස් බිකනු වධකාගාරයේ දුටු දේවල් සහ ලබා ගත් අත්දැකීම් මා වෙනස් පුද්ගලයෙකු බවට පත් වීමට ඉවහල් වුවා යැයි මට සිතෙනවා. ලෝකය දෙස වෙනත් ආකාරයකින් බැලීමට දැන් මට පුළුවන්.

මේ ඉතිහාසය අධ්‍යයනය කල යුතුමයි. නැවත කිසිම දිනයක හෝ ලොව කිසිම තැනක හෝ පැසිස්ට් වාදයට සමාන ක්‍රියාදාමයක, ව්‍යාපෘතියක සෙවනැලි කුමන ආකාරයකින් හෝ මතු වෙන්නේ නම් අපි ඊට එරෙහිව නැගී සිටිය යුතු වෙමු යි කියා මට සිතුනේ මේ වධකාගාරයෙන් පිටතට එත්දී.

අවුෂ්විට්ස් වධකාගාරයේ මේ ජායාරුප මගේ මතකයේ සදා කල් තිබේවි. ඉතිහාසය අමතක කිරීමෙන් සිදුවන්නේ නැවත වාරයක් එම ඉතිහාසයම අත්විඳීමට සිදුවීමයි.

මෙවැනි සිද්ධීන් ඇත්තටම සිදුවුවාදයි අසන පුද්ගලයින් මා හට මුණ ගැසී තිබෙනවා. මෙවැනි ස්ථාන දකිනා තුරු මේ ලොව මෙතරම් බිහිසුණු යැයි කෘර යැයි ඔවුනට කවමදාවකවත් සිතෙන එකක් නැහැ.

පෝලන්තයේ අවුශ්විට්ස්-බිකානුර් Auschwitz-Birkenau වධකාගාර වලට මා කල සංචාරයේ විස්තර සහ ජායාරුප මගේ වෙබ් අඩවිය හරහා කියවන්නට සහ බලන්නට පුළුවන්. https://www.sanchara.lk/poland

13 views0 comments