• Rohan Direkz

ROTENFELS


ජර්මනියේ ලෝකාන්තය වශයෙන් මේ ස්ථානය හැඳින්වුවහොත් එය නිවැරදියි කියා සිතනවා. ජර්මනියේ Rheinlad-Pfalz හි Treisen කුඩා නගරයට ආසන්නව පිහිටා ඇති මේ අපුර්ව කඳු පන්ති සිට පෙනෙන දර්ශන චමත්කාරයි. සුර්යාලෝකය හොඳින් පවතින දින වල කඳු පන්තිය පහල ඇති කුඩා නගරය පැහැදිලිව දිස්වනවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 325 ක් පමණ උසකින් පිහිටා ඇති මේ කඳු පන්තියේ ඉහලම ස්ථානයේ තිබෙන නැරඹුම් වේදිකාවේ සිට මේ දර්ශන මගේ කැමරාවේ සටහන් වුනා.

විශේෂයෙන්ම පළපුරුදු කඳු නගින්නන් සඳහාම වෙන්වුණු මේ කඳු වැටී තරණය සඳහා නොයෙකුත් රටවල් වලින් පුද්ගලයින් පැමිනුනත් කොරෝනා වයිරස් තත්වය නිසා දැන් මේ ප්‍රදේශ තරමක් පාලු ස්වභාවයක් උසුලනවා.

ස්වභාවික කඳු පන්ති වල හැඩයන් නිසාත් දුර්ලභ පැලැටි වර්ග බොහෝ ගනනාවක් මේ කඳු වැටී අතරින් හමුවෙන නිසා ජර්මනියේ මේ කලාපය රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

4 views0 comments