


රුසියාවේ භුමි ප්‍රමාණය තවත් වැඩිවේ.
මෑත කාලයේදී පවා අලුත් දුපත් සොයා ගැනීම සිදුවනවා. රුසියානු ගවේෂකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් උත්තර ධ්‍රැවයට ආසන්නව නව සයිබීරියානු දුපත් සමුහයට ආසන්නව ලප්ටෙව් මුහුදේ දියවෙමින් පවතින අයිස් කඳු වලට උඩින් පියාසර කරත්දී නියමුවා මේ දුපත නිරීක්ෂණය කර තිබෙනවා.

වර්ග මීටර 500 ක භුමි ප්‍රමාණයක් සහ මීටර 1ක උසක් සහිත වියලි බිම් ප්‍රමාණයක් මේ දුපත සතුව තිබෙනවා. මේ දුපත දැන් රුසියානු භාෂාවෙන් හඳුන්වන්නේ යායා දුපත නමින්.
Я заголовок. Дважды кликните по мне!

මේ දුපත මුලින්ම හඳුනා ගනු ලැබුවේ මීට වර්ෂයකට පමණ පෙර වුනත් රුසියාවේ භුමි ප්‍රමානයට එක් කරනු ලැබුවේ මෑතකදී. එයට හේතුව වුනේ රුසියාවේ අධික ලෙස අයිස් මිදී ඇති ප්‍රදේශ වල ගවේෂණය සඳහා ඇති අද්මිරාල් ව්ලැදිමීර් නෞකාව මේ ප්‍රදේශයට ඒමට කාලයක් ගත වූ නිසයි. මේ දුපත කරා අද්මිරාල් ව්ලැදිමීර් නෞකාට ඒමට සැහෙන කාලයක් ගතවුයේ අයිස් කඳු කපාගෙන ඉතා සෙමින් යාත්‍රා කල නිසා. වර්ෂයේ මාස 9ක කාලයක් හිමෙන් වැසී තිබෙන මේ ප්‍රදේශය ඉතාමත් අලංකාර ප්‍රදේශයක් බව රුසියානු ගවේෂකයින් පවසනවා. මේ ජායාරුප දකින කොට ඔබට එඅ බව පැහැදිලි වෙනවා ඇති.



ඔබේ අදහස්

තවත් පුවත්

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස නොකලෙමි. රුවන්දාවට පැමිණීමට පෙර ඒ රට ගැන මා සිතා සිටියේ උන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති...