002.jpg

RUSSIA TRAVEL

hjhhj_edited.jpg
සංචාර with Rohan Direkz
Session 1
  • මේ සංචාරය පසුගිය වසර කිහිපයටම සිහිනයක් ලෙසයි මට සිතුනේ. ජීවිතයේ කිසිම දිනෙක ලඟාවිය නොහැකි ඉලක්කයක් ලෙසයි මා දුටුවේ. ඒ ගමනේ දුෂ්කරතාවය, අධික වියදම සහ එමෙන්ම උණුසුම් රටක ඉපදුනු අප වැන්නන්ට දැරිය නොහැකි අධික ශීතල යන කරුණු නිසා. ​

    IMG_1620_edited (1).jpg
  • 1953 වසරේ මාර්තු 6 වැනිදා උදෑසන කාලීමා මාර්ගයේ 16 වැනි කඳවුරු ප්‍රදේශයේ අධික ශීතලක් පැවතුනත් හිරු එලිය වෙනදාටත් වඩා කලින් පැමිණීම ගැන ඉරේන්ට පුදුම සිතුනා. මුලු ලෝකයටම වෛර කල ඉරේන්ගේ ජීවිතයේ මෙදිනත් තවත්  එක් වේදනාකාරී දිනයක් වෙන බවට නම්  ඇයට කිසිම සැකයක් තිබුනේ නැහැ. 

  • පිනිමුවන් ගේ මස් යාකුටියාවේ ප්‍රධාන ආහාරයයි. මේ මස් හැම විටම වෙළඳ පොලෙන් ලබා ගන්නට පුළුවන්. වෙළෙන්දන් ඒ මස් ලබා ගන්නේ මෙවැනි පිනිමුවන් ඇති කරන්නන් සමග ඇති සම්බන්ධතා වලින්. එමෙන්ම පිනිමුවන්ගේ සම් සීතලෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය කබා නිපදවීම සඳහා විශේෂයෙන් යොදා ගැනෙනවා. පිනිමුවන්ගේ හම වලින් නිපදවූ කබායක් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 1000කටත් වඩා අධික මුදලකට යුරෝපයේ අලෙවි වුනත් එයින් මොවුනට ලැබෙන්නේ අල්ප මුදලක්. පිනි මුවන්ගේ අන් තට්ටු අලංකාර සඳහා මෙන්ම එහි ඇති සමහර කොටස් සාම්ප්‍රදායික බෙහෙත් ද්‍රවය සෑදීම සඳහා භාවිතා කරනවා. 

    ngjgh_edited.jpg
  • රටවල් කිහිපයකම මෙවැනි දුෂ්කර සංචාර බොහොමයකට සහභාගී වී තිබුනත් මේ ගමන නම් ඒවා වලටත් වඩා දුෂ්කර බවයි මට හැඟුනේ.  රියදුරා වශයෙන් තෝරා ගැනුනේ ගෙර්මන් සන්ද්රින්. ගෙර්මන් වසර කිහිපයක්ම උත්තර ධ්‍රැවයේ ජීවත් වී පළපුරුදු ඇත්තෙක්. තවමත් ඔහුගේ පියා සහ අනිකුත් සහෝදරයන් ජීවත් වන්නේ උත්තර ධ්‍රැවයේ ආදී වාසී ගම්මානයක. 

  • මරණයේ මාවත 

    1945 වසරේ දෙවන ලෝක සංග්‍රාමයෙන් ජයග්‍රහණය ලබා ජර්මානු නාසිවාදීන්ගෙන් සෝවියට් දේශය නිදහස් වුනත් ඉන්පසු වසර කිහිපයක් යන තෙක්ම දෙපයින් නැගී සිටින්නට සෝවියට් දේශය උත්සාහ ගත් කාලයක සිදුවූ සත්‍ය සිද්ධියක් මේ.  මුළු ලොවම සසල කල ඒ වුනත් කිසිම විස්තරයක් පිටස්තර ලෝකයට ලබා ගැනීමට නොහැකි වූ මේ සිද්ධි සමුහය ඇත්තටම එලි වුනේ 1953 වසරේ. ඒ සෝවියට් නායක ජෝශප් ස්ටාලින් මිය ගියාට පසුව. 

  • ආසියානු රටවල් වල පමණක් නොවේ සමාජ අසාධාරනත්වයට එරෙහිව සටන් කරන කලා කරුවන් විනාශ කිරීම හෝ ඝාතනය කිරීම සිදුවන්නේ. ලෝකයේ බොහෝ රටවල් වල මේ ක්‍රියාදාමය දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම අද වගේම එදාත් සිදුවී තිබෙනවා. 

    DSC_0805_edited.jpg
  • චෙච්නියාව යුද්ධයෙන් සම්පුර්ණයෙන්ම විනාශ වුනා. ඒ නැවත ගොඩනැගිය නොහැකි අන්දමින්. මේ නිසා තමයි රුසියාවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවේ චෙච්නියාව රුසියානු හමුදාවේ අභ්‍යාස ප්‍රදේශයක් හැටියට පවත්වා ගෙන යන්න.

    822633_86a67bba86f44978b11242d44725bd92_
  • වොල්ගා නදිය හැමදාමත් ගලා ගියේ එකම විදිහට. කිසිම වේගයක් නැති වතුර එක තැන කැරකෙන බවයි එම්මා ට දැනෙන්නේ. හැමදාමත් උදෑසන වොල්ගා නදිය ඉවුරට වෙලා ගඟ දිහා බලා ඉන්න එක එම්මාගේ පුරුද්දක්. මුහුදක් කියලා ලොකු පොකුණක් මේ ලෝකයේ කොහේ හරි තියෙනවා කියලා ගමේ වැඩිහිටි උදවිය කියනවා ඇය අහලා තිබෙනවා. වොල්ගා නදියටත් වඩා විශාල ජල කන්දරාවක්.  එම්මා ට හිතා ගන්නවත් බැහැ.

    DSC00018_edited_edited.jpg
  • අද රුසියානු අධ්‍යාපනය ක්‍රමය තුල ලෙනින් හට ඇත්තේ කුමන ස්ථානයක්ද.  මේ 2005 වසරේ රුසියාවේ මොස්කව් නගරයට ඈතින් පිහිට සාමාන්‍ය පාසලක 6-7 ශ්‍රේණි වල සිසුන් ගෙන් ලෙනින් ගැන ඔබ දන්නේ මොනවාද යන ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු. 

    file10-4_edited.jpg
  • සුන්දර පීටර්ස්බර්ග් 

    මේ විශේෂ චාරිකාවේදී අපට විස්තර ලබා දුන් මඟ පෙන්වන්නා අවසාන වශයෙන් පැවසූ වදන් වල සත්‍ය අසත්‍යතාවය තීරණය ඔබ සතුයි. මරණයට පෙර දිනෙක ත්සාර් රජු හමුවූ රස්පුටීන් මෙසේ පවසා තිබෙනවා.  "මගේ මරණය සිදුවන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු අතින් නම් ඔබ සහ ඔබේ දරුවන් තව බොහෝ කාලයක් රුසියානු අධිරාජ්‍යයේ රජකම් කරාවි. හැබැයි මගේ මරණය සිදු වන්නේ ඔබේ අනුගාමියෙකුගේ හෝ නෑදෑයෙකුගේ අතින් නම් ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයින් සියල්ලම රුසියානු ජනතාව අතින් මැරුම් කනවා නියතයි."​

  • ලොව ඕනෑම සංචාරකයෙකුගෙන් ඔබ ඇසුවොත් සංචාර කරන්නට බලාපොරොත්තු වෙන සංචාර මොනවාදැයි කියා ඔබට ලැබෙන පළමුවන පිළිතුර වන්නේ මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ යන්නට කැමති බවයි. ලොව දිගම දුම්රිය මාර්ගය එසේත් නැතිනම් එක් දිගට යා හැකි ලොව දිගම දුම්රිය මාර්ගය වන්නේ රුසියාවේ මොස්කව් නගරයේ සිට ආරම්භ වී චීනයේ පීකිංග් නුවරටත්, මොන්ගෝලියාවේ උලන්බටෝර් නගරයටත් එමෙන්ම රුසියාවේම ඈත පෙරදිග අන්තය වන ව්ලදිවෝස්ටෝක් නගරයටත් දිවෙන දුම්රිය මාර්ගයි.

    IMG_4114.JPG
  • කෘරත්වයේ කෞතුකාගාරයට 

    ස්ටාලින් රුසියානු ඉතිහාසයේ අසහාය චරිතයක්.  ඔහුගේ පාලන සාමය තුල සෝවියට් දේශයේ සංවර්ධනය ලෝක දේශපාලන කරලිය තුල සුපිරි බලයක් ඇති රාජ්‍යයක් හැටියට ඔසවා තබන්නට හැකිවීම අපි අගය කල යුතු වෙනවා.  අද අපි මේ ජීවත් වන රුසියාවේ අත්තිවාරම දැමුනේ එදා ස්ටාලින් ප්‍රමුඛ කණ්ඩායම අතින්. 

  • තිස් වසරක කුරිරු යුද්ධයෙන් පීඩා ලබා මරණයට පත්වූ අපේ සොල්දාදුවන්ගේ මව්වරුන්ගෙන් අහන්න, ඕනෑද ඔවුන්ට තවත් යුද්ධයක්. සැමියා අහිමි වුනු බිරිඳගෙන් අහන්න, ඕනෑද ඔවුන්ට තවත් යුද්ධයක්. පියා අහිමි වූ පුතාගෙන් දුවගෙන් අහන්න, ඕනෑද ඔවුන්ට තවත් යුද්ධයක්. ඔවුන්ගේ හදවත් පවසාවි එයට පිළිතුර. 

    DSC_0554.JPG