• මාකි ගම්මානයේ බොහොමයක් දෙනා අත AK-47තුවක්කු දක්නට ලැබුනා. අතීතයේ ඔවුන් ආයුධ වශයෙන් පාවිච්චි කල රිටි සහ මුගුරු වෙනුවට දැන් AK-47 ඇවිල්ලා. මුර්සි ජාතිකයින් ජීවත් වෙන්නේ බොහෝ විට ගව පාලනයත් සමග. යාබද රටවල් වල තිබෙන දේශපාලන අවිනිශ්චිතභාවය නිසා, විශේෂයෙන් සුඩානයේ සහ කෙන්යාවේ, ගවයන් කිහිප දෙනෙකුට හුවමාරු වශයෙන් AK-47 තුවක්කු ලබා ගැනීමට හැකිවී තිබෙනවා. ඉතියෝපියානු රජයටද කර කියා ගන්නට දෙයක් නැහැ. මේ තුවක්කු වලට අවසර පත්‍රවත් රජයේ ලිපදිංචි වෙලාවත් නැහැ. එහි භයානකත්වයත් එයයි. 

    822633_06c3db5422794b82b635c23de9418ee7_
DSC00018_edited_edited.jpg

පිටුවහල් කිරීම 

වසර 65ක් නොකී කතාවක් !

  • Facebook - Black Circle
  • Google+ - Black Circle
  • YouTube - Black Circle

වොල්ගා නදිය හැමදාමත් ගලා ගියේ එකම විදිහට. කිසිම වේගයක් නැති වතුර එක තැන කැරකෙන බවයි එම්මා ට දැනෙන්නේ. හැමදාමත් උදෑසන වොල්ගා නදිය ඉවුරට වෙලා ගඟ දිහා බලා ඉන්න එක එම්මාගේ පුරුද්දක්. මුහුදක් කියලා ලොකු පොකුණක් මේ ලෝකයේ කොහේ හරි තියෙනවා කියලා ගමේ වැඩිහිටි උදවිය කියනවා ඇය අහලා තිබෙනවා. වොල්ගා නදියටත් වඩා විශාල ජල කන්දරාවක්.  එම්මා ට හිතා ගන්නවත් බැහැ.

Rokhan Direkz 

2019 February 16-26

එම්මා ජීවත් වෙන්නේ රුසියාවේ දකුණු ප්‍රදේශයට වෙන්නට තිබෙන වොල්ගා ගඟ අසබඩ තිබෙන දුෂ්කර කුඩා ගම්මානයක. 1939 වසර මේ ගම්මානයේ ජීවත් වන කුඩා පිරිසට අමුතුවෙන් දැනුනු අවුරුද්දක් නෙවෙයි. 1924 අවුරුද්දේ සාගත කාලය කොයි තරම් දුරට මේ ගම්මානයට බලපෑවාද කියලා දන්නේ ගමේ ඉන්න වැඩිහිටි පරම්පරාව විතරයි.

ගමේ සමුහ ගොවිපලේ අර්තාපල් වගා කරන්න ඊට මාස 2කට පස්සේ ඒ අර්තාපල් එකතු කරලා ආණ්ඩුවට බාර දෙනවා හැරෙන්නට ජීවිතේ අලුත් දෙයක් තිබුනා කියලා මේ ගම්මානයේ කාටවත් තේරෙන්නේ නැහැ. වසරකට කිහිප වතාවක් ගිම්හාන කාලයේ කොහේදෝ ඈතකින් එන ලොරි වලින් එන කාකි ඇඳුම් ඇඳ ගත් තුවක්කු රැගත් පිරිසක් ගමේ උදවිය එකතු කරන අර්තාපල් ටික පටවා ගෙන යාම ගැන එම්මාට පුදුම තරහක් තිබුනේ. පළමු සැරේ අර්තාපල් ටික එකතු කර ගත්තාට පස්සේ දෙවැනි සැරේට ඉතුරු වෙලා තිබෙන අර්තාපල් එකතු කරන්න අම්මාත් එක්ක එම්මාත් ඇයගේ වැඩිමහල් සහෝදරවරු දෙදෙනාත් එකතු වෙනවා.  මේ එකතු කරන අර්තාපල් වලින් තමයි ගමේ උදවිය ඊළඟ ගිම්හාන කාලය වෙනකන්  ජීවත් වෙන්නේ. 

එම්මා ගේ වයස අවුරුදු 6ක් වුනත් තවම ඉස්කෝලෙකට යන්නේ නැහැ.  ගමේ තිබෙන පල්ලියේ පුජකවරයා අම්මාත් සමග කීප වතාවක්ම ඉස්කෝලේ ගැන කතා කළා කියලා අම්මා කියනවා එම්මාට මතකයි.

ඈත ස්ටෙප්ස් තන බිම් අතරින් දුවිලි වලා කිහිපයක් එක පාරටම එම්මා ගේ ඇස් වල දැවටුණා. ඒ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියත් ඒ මොකක්ද කියල එකපාරටම ඇයට අඳුනා ගන්නට බැරි වුනා.

"කාකි ඇඳුම් ඇඳ ගත්තු තුවක්කු ගත්තු මිනිස්සු ආයිත් සැරයක්" එම්මා ගේ හිත කියවන්න ගත්තේ ටිකක් වෙලා යන කොට දුවිලි වලා අතරින් මතු වෙච්ච ට්‍රක් රථ පේලිය දැක්කට පස්සේ.. 

"ඒ වුනත් මේ කාලේ" ඔවුන් හැමදාම පැමිණෙන්නේ ග්‍රීෂ්ම සමයේ අවසන් මාසයේ. ඒ අර්තාපල් වගාවේ අස්වැන්න අරන් යන්න. 

"තව මොනවාද අරන් යන්න තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන අපේ අර්තාපල් ටිකද?" කාකි ඇඳුම් ඇඳ ගත්තු මිනිස්සු ගැන තියෙන තරහ තවත් වැඩි වුනා. 

ට්‍රක් රථ පේලිය ටිකෙන් ටික ගම්මානය වෙත ලංවෙත්දී පුංච් එම්මා  අම්මා වෙත දිව ගියා. 

එම්මා ගේ මව වැඩ කලේ ගම්මානයේ රෙදි ෆැක්ටරියේ. ගමේ කාන්තාවන්ගෙන් ඔක්කොම වගේ වැඩ කරන්නේ මේ ෆැක්ටරියේ. රෙදි ෆැක්ටරියයි අර්තාපල් වගා බිමුයි අතරින් මාරුවෙන් මාරුවට තමයි මේ අය වැඩ කලේ.

ගම්මානය වෙත ලඟා වෙච්ච ට්‍රක් රථ වලින් තුවක්කු ගත්තු මිනිස්සු ගම්මානයේ තිබුණු ගෙවල් වලට දිව ගියේ පුදුම හදිස්සියකින්. ඔවුන් සමග ගමේ හැම දේටම මුල්වන ගම් සභා සංවිධානයේ ප්‍රධානියාත් සිටියා.  එදා නිවාඩු දිනයක් නිසාදෝ බොහෝ දෙනෙක් තම නිවෙස් වල තමයි විවේකය ගත කරමින් සිටියේ. සෑම නිවසකටම පාහේ ඇතුල් වූ කාකි ඇඳුම් ඇඳගත් සෙබළුන් ගමේ සිටි සියලු දෙනාම එක ස්ථානයකට බලෙන්ම එක් කර ගත්තා. තුවක්කු ගත් මිනිස්සු අතර සිටි එක පුද්ගලයෙක් කොලයක් බලා ගෙන උස හඩින් මොනවාදෝ කියාගෙන ගියා එම්මා ට යාන්තම් වගේ ඇහුනා.

"සියලු දෙනාගේ දන ගැනීම පිණිසයි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නියෝගයක් පරිදි ක්රාට්ස් ගම්මානයේ ජීවත් වන සියලුම ජර්මානු සම්භවයක් ඇති වැසියන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්මානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නවා.

පැය භාගයක් ඇතුලත සියලුම වැසියන් තම තමන්ගේ ඇදුම් පැළදුම් රැගෙන මේ ස්ථානයට නැවත පැමිණිය යුතුයි. එක පුද්ගලයෙකුට එක ගමන් මල්ලක් පමණක් රැගෙන යාමට අවසර තිබෙනවා.  යම් විදිහකින් පැන යාමට කෙනෙක් උත්සාහ කරන්නේ නම් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ නියෝගය පරිදි වෙඩි තබන්නට අණ දී තිබෙනවා ."

​අම්මා ඇතුළු පිරිසක් විලාප දිදී මොනවාදෝ කියන්නට තැත් කලත් හමුදා සෙබළුන්ගේ තුවක්කු වලින් ඉහලට තබන ලද වෙඩි වල සද්දෙන් ඒ සියලු හඬවල් යටපත් වෙලා ගියා. 

එම්මා ට වෙච්ච දේවල් ගැන හරි මතකයක් නැහැ. එට පස්සේ මතක මිනිස්සු අතරින් තල්ලු වී ගිහිල්ල ට්‍රක් රථයකට නැග ගත්තේ එක විතරයි.

ගම්මානයේ සිටි සියලුම පුද්ගලයින් ඒ ට්‍රක් රථ වල පටවා ගත් කාකි ඇඳුම් ඇඳ ගත් පුද්ගලයින් ට්‍රක් රථ වල පසු පස දොරවල් වසා දැමුවේ අවසාන වරටත් තමන් විසු ස්ථාන බැලීමට අවස්ථාවක් නොදීමෙන්. 

වොල්ගා ගඟ අසබඩ ජර්මානුවන් නමින් හැඳින්වුණු ජර්මානු සම්භවයක් ඇති ජාතිකයින් ස්ටාලින්ග්‍රාඩ් නගරය (දැන් වොල්ගෝග්‍රාඩ්) අවට සහ සරාතොව් නගරය අවට දීර්ඝ කාලයක් තිස්සේ පදිංචිව සිටියා. එවකට සෝවියට් දේශයේ නායකයා වූ ජෝෂප් ස්ටාලින් විසින් මොවුන් හට තම ජර්මානු සංස්කෘතිය, භාෂාව, සම්ප්‍රදායයන් පවත්වා ගෙන යාමට සහ ඔවුන්ගේ ආගම ඇදහීමට සීමිත වරප්‍රසාද ලබා දී තිබුනා. 

1917 රුසියානු විප්ලවයෙන් පසුව 1924 වසරේදී වොල්ගා ජර්මානු සෝවියට් සමාජවාදී සංගමය යනුවෙන් කුඩා ස්වතන්ත්‍ර රාජ්‍යයක් ( Volga German Autonomous Soviet Socialist Republic) බිහිවුණා.  අවම වශයෙන් මෙවැනි ජර්මානු ජාතිකයින් 510,000ක් පමණ මේ ප්‍රදේශ වල ජීවත් වුනා. මේ පුද්ගලයන්ගේ ජීවන රටාවේ වෙනසක් දක්නට ලැබුනා රුසියාවේ අනිකුත් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව සමග. මොවුන් නිතරම කතා කලේ ජර්මානු භාෂාව. සමහරු රුසියානු භාෂාව දැනගෙනම සිටියේ නැහැ. මොවුන්ගේ ඇඳුම් පැළඳුම් පවා අනිකුත් සාමාන්‍ය රුසියානු ජනතාවට වඩා වෙනස් ස්වරුපයක් ගත්තා. වොල්ගා ගංගාව අසබඩ වර්ග කි.මී. 5000ක පමණ ප්‍රදේශයක මොවුන් වාසය කළා. 

සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ සහ කොමියුනිස්ට් තරුණ සංවිධානයේ ශාඛා ද මේ ප්‍රදේශ වල පිහිටා තිබුනා. සෝවියට් රජයේ නීති රීති වලට අනුකුලව මේ වොල්ගා ජර්මානු සෝවියට් සමාජවාදී සංගමයේ වැඩ කටයුතු සිද්ධ වුනා. නමුත් මේ සියලු දෙනා ගේ එදිනෙදා ක්‍රියාදාමයන් ගැන සෝවියට් රජයේ රහස් ඔත්තු සේවාව විසින් විමසිල්ලෙන් සිටියේ.  එම්මා ජීවත් වුයේ මේ ප්‍රදේශයේ එක් පුංචි ගම්මානයක. එහි නම ක්රාට්ස්. මේ ගමේ ජීවත් වුනේ 2000 ක පමණ ජර්මානු සම්භවයක් ඇති ජනතාවක්. 

සෝවියට් දේශයේ ජීවත් වුනු ජර්මානු සම්භවයක් ඇති පුද්ගලයින් වටා ඇති ඉතිහාසය සෝවියට් දේශයටත් දැන් රුසියාවටත් කිසිම දිනෙක අමතක කරන්න බැහැ.  ලෙයින් කඳුලින් සටහන් වී තිබෙන මේ ඉතිහාසය ඇත්තටම පුදුම සහගතයි. වේදනා සහගතයි. 

1941 වසරේ ජුනි මස 22 වැනිදා නාසි ජර්මානුවන් විසින් සෝවියට් දේශයට යුද්ධ ප්‍රකාශයට පත් කිරීමත් සමගම ස්ටාලින් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මොලොතොව් ( එවකට සෝවියට් දේශයේ මහජන කොමිසාර් කවුන්සිලයේ සභාපති සහ ප්‍රධාන දේශපාලන චරිතයක්) වොල්ගා ජර්මානු සෝවියට් සමාජවාදී ස්වතන්ත්‍ර සංගමය වෙත යවනු ලැබුවා.  නැවත මොස්කව් නුවරට පැමිණුනු මොලොතොව් ගේ යෝජනාව වුයේ එහි සිටින සියලුම ජර්මානු ජාතිකයින් ඈත පෙරදිග ප්‍රදේශ වලට හෝ සයිබීරියාවට පිටුවහල් කරන්න.  මේ අනුව තමයි ස්ටාලින්ගේ ප්‍රධාන අනුගාමිකයෙකු වූ රුසියානු රහස් ඔත්තු සේවයේ එවකට ප්‍රධානියා වන ඉවාන් සෙරොව්  (කියවන්න - කෘරත්වයේ කෞතුකාගාරය වෙත) හට මේ ජර්මානුවන් සයිබීරියාවට පිටුවහල් කිරීමේ රාජකාරිය පැවරෙන්නේ.

 

ලෝක ඉතිහාසයේ ජාතියක් පිටුවහල් කිරීමේ තවත් අති දැවැන්ත ක්‍රියාදාමයක් මෙසේ ආරම්භ වුනා. 

 

මේ ඔබ දකින්නේ සෝවියට් මධ්‍යම කාරක සභාවේ වොල්ගා ජර්මානු සෝවියට් ස්වතන්ත්‍ර සමාජවාදී සංගමයේ නියෝජිත එමෙන්ම වොල්ගා ජර්මානු සෝවියට් සමාජවාදී සංගමයේ අවසාන නායකයා වූ ඇලෙක්සැන්ඩර් හෙක්මාන් ගේ නියෝජිත කාඩ් පත.  නමුත් ඔහුගේ මේ තත්වය පවා පිටුවහල් කිරීමෙන් මිදෙන්නට හැකි වුනේ නැහැ.  1941 වසරේ සැප්තැම්බර් මාසයේ සයිබීරියාවට පිටුවහල් කරන ලද ඇලෙක්සැන්ඩර් මාස කිහිපයක් ශ්‍රම කඳවුරු වල තබා ගෙන පසුව වෙඩි තබා මරා දමනු ලැබුවා. 

වොල්ගෝග්‍රාඩ් (පැරණි නම - ස්ටාලින්ග්‍රාඩ්) නගරය වෙතට  

මොස්කව් නගරයේ සිට රුසියාවේ දකුණු ප්‍රදේශයේ ෆිහිටා ඇති වොල්ගෝග්‍රාඩ් නගරයට කි.මී. 1500ක පමණ දුරක් තිබෙනවා. මේ දැවැන්ත පිටුවහල් කිරීම හා සම්බන්ධව සමහර කරුණු සියසින්ය දැක බලා ගැනීමට මගේ විශාල බලාපොරොත්තුවක්කු තිබුනා. ඒ අදහසත් සිතේ දරාගෙන පැයකුත් විනාඩි කිහිපයක ගුවන් ගමනකින් මම පැමිණුනේ වොල්ගෝග්‍රාඩ් නගරයට.  එම්මා ඇතුළු තවත් 2000කට වඩා කාකි ඇඳුම් ඇඳගත් කණ්ඩායම් විසින් ට්‍රක් රථ වලට පටවා ගත් ගම්මානය ට යන්නට මට තවත් කි.මී. 320 ක් පමණ දුරක් යන්නට වුනා.

වොල්ගෝග්‍රාඩ් නගරයේ වොල්ගා ගඟ අසල වෙරළ තීරය 

වොල්ගෝග්‍රාඩ් නගරයේ තිබෙන සෑම වැලි කැටයක්ම සෑම ගොඩනැගිල්ලක් මෙන්ම මේ නගරය හරහා හමා එන සුළන් රොදවල් පවා පවසන්නේ දුක්මුසු ඉතිහාසයක්. ඒ වගේම රුසියානුවන්ගේ අප්‍රතිහත උත්සාහයක සහ ජයග්‍රහනයක ශ්‍රේෂ්ට කතා පුවතක්. ජර්මානු සම්භවයක් ඇති රුසියානු ජාතිකයින්ගේ කනගාටුදායක සහ වේදනාකාරී පිටුවහල් කිරීම සහ නාසි ජර්මානු හමුදාවන්ට එරෙහිව ලබා ගත් ඉතිහාසිගත ජයග්‍රහණය එක් කාසියක දෙපැත්ත මෙන් දිස් වෙනවා. 

වොල්ගෝග්‍රාඩ් නගරයේ සිට මා පැමිණුනේ එංගල්ස් නගරය වෙත. එංගල්ස් කුඩා නගරය පිහිටා තිබෙන්නේ වොල්ගෝග්‍රාඩ් නගරයේ සිට කි.මී. 320ක් පමණ දුරකින්. මේ එංගල්ස් නගරය තමයි එදා වොල්ගා ජර්මානු රුසියානු ස්වතන්ත්‍ර සමාජවාදී සංගමයේ අගනුවර හැටියට ක්‍රියාත්මක වුනේ. 2011 වසරේ මේ නගරයේ මේ පිටුවහල් කිරීම සමරනු වස් විශේෂ ප්‍රතිමා කිහිපයක් විවෘත කරනු ලැබුවා.  මේ එහි ප්‍රධාන සමරු ස්ථාන කිහිපය අතරින් ප්‍රධානම ස්ථානය. මේ ස්ථානයේ එදා පිටුවහල් කිරීමට උපයෝගී කර ගත් බඩු දුම්රිය මැදිරියක් ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. 

එංගල්ස් නගරයේ පිහිටා තිබෙන ස්මාරකය 

එම්මා සහ පවුලේ උදවිය ඇතුළු තවත් 2000 කට අධික පිරිසක් එක ස්ථානයකට රැස් කොට ට්‍රක් රථවලට පැටවු ස්ථානය අද දිස් වන අන්දම. එදා මේ ස්ථානයේ තිබුනේ ක්රාට්ස් ගම්මානයේ ගම් සභා මධ්‍යස්ථානයයි.

එම්මා ගේ මව වැඩ කල ක්රාට්ස් ගම්මානයේ පිහිට තිබු රෙදි කම්හල අද දිස්වෙන්නේ මෙසේය.

ක්රාට්ස් ගම්මානයේ තිබු එකම ජර්මානු කතෝලික පල්ලිය 

වොල්ගා ජර්මානුවන් පිටුවහල් කිරීමේ සෝවියට් නියෝගය -1941 අගෝස්තු 28

1941 වසරේ සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ වූ මේ පිටුවහල් කිරීම දින 20කින් අවසන් කරන්න ඉවාන් සෙරොව් හට හැකි වුනා. ඒ වගේම 1941 වසරේ සැප්තැම්බර් මස 7 වැනිදා වොල්ගා ජර්මානු සෝවියට් ස්වතන්ත්‍ර සමාජවාදී සංගමයේ කටයුතු නතර කොට එය සෝවියට් දේශයේ සිතියමෙන් පවා ඉවත් කරනු ලැබුවා. විචාරකයින් පවසන්නේ ස්ටාලින් මෙය සිදු කලේ කරුණු කීපයක් මත කියා. නාසි ජර්මානුවන් සෝවියට් දේශයේ සීමාවන් අල්ලා ගෙන ඉදිරියට පැමිණීමේදී සමහර විට මේ වොල්ගා නදිය අසබඩ ජර්මානුවන් ඒ නාසි වාදීන්ට පක්ෂව ක්‍රියා කළහොත් ඇතිවන තත්වය මැඩ පැවැත්වීම සඳහා ඔවුන් මේ ප්‍රදේශ වලින් බොහෝ ඈත සයිබීරියාවට සහ කසාක්ස්තානයට පිටුවහල් කල බව පැවසෙනවා. එසේම යම් ජාතිවාදී ආවේගශීලී තත්වයන් මත රුසියානුවන් විසින් මේ වොල්ගා ජර්මානුවන්ට ප්‍රහාර එල්ල කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතිවීමත් එය මැඩ පවත්වා ගැනීමත් මේ පිටුවහල් කිරීම තවත් අරමුණක් වුනා. නමුත් වර්තමානයේ ජීවත් වන ජර්මානුවන් පවසන්නේ විශාල ජර්මානු ජාතිකයින් පිරිසක් මේ ප්‍රදේශ වල ජීවත් වීම සෝවියට් දේශයේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වාධීනත්වයට යම් දිනෙක තර්ජනයක් එල්ල වෙයි යන බිය සෝවියට් නායක ස්ටාලින් තුල පැවතී බවත් ඒ නිසා කවදා හෝ කෙලෙසක හෝ මේ ප්‍රශ්නය විසඳීමට අවස්ථාවක් ලැබෙන තෙක් ස්ටාලින් බලා සිටි බවත්. නාසි වාදීන්ගේ රුසියානු ආක්‍රමණය මේ අවස්ථාවේ සිදුවීම නිසා එයද මේ ප්‍රශ්නය විසඳීමට හේතුවක් ලෙස හඳුනාගෙන අවසානයේ සෝවියට් රජය විසින් වොල්ගා ජර්මානු ජාතිකයින් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් මෙසේ පිටුවහල් කළා.

වොල්ගා ජර්මානුවන් පිටුවහල් කිරීමේ සෝවියට් නියෝගය ("Resettlement of all Germans from the Autonomous Republic of the Volga Germans, Stalingrad and Saratov regions to other territories and regions.") නිකුත් වුනේ 1941 වසරේ අගෝස්තු මස 28 වෙනිදා. මේ නියෝගයට අත්සන් කලේ සෝවියට් රජයේ ප්‍රධාන නායකයෙක් වූ ( Chairman of the Presidium of the Supreme Soviet of the Soviet Union) මිහායිල් කලිනින්. ඒ නිසා තමයි අදත් රුසියානු ජර්මානුවන් ඒ දිනය ශෝක දිනයක් හැටියට සමරන්නේ. මේ සෝවියට් නියෝගය එදා දේශපාලන කතා බහට ලක්වූ නියෝගයක් වුනා. ඒ මේ නියෝගයෙන් පසුව මුළු මහත් සෝවියට් දේශයම මේ වොල්ගා ජර්මානුවන් දෙස වපර ඇසකින් බැලීමට පටන් ගත්තා. එදා සිට ඔවුන් හැඳින්වුයේ ජාතී ද්‍රෝහීන් ලෙස. ජර්මානු සම්භවයක් ඇති රුසියානු ජාතිකයින්ට සෝවියට් යුධ හමුදාවට බැඳීමට තිබු අයිතියද මෙදින සිට අත්හිටවනු ලැබුවා. 

ක්රාට්ස් ගම්මානයේ මේ ගරා වැටී ඇති නිවෙස් පවසන්නේ  ඒ කටුක ඉතිහාසයයි.

එම්මා සහ අගේ පවුලේ සියලුම උදවිය ඇතුළු තවත් 2000කට අධික පිරිසක් පැටවූ ට්‍රක් රථ කිහිපය ස්ටෙප්ස් තන බිම් අතරින් වේගයෙන් ඇදී ගියා. ගම්මානයේ ඉතිරිවූයේ පාලුවට ගිය නිවෙස් සහ ඔවුන්ගේ දේපොළ පමණයි. මේ ගම්මානයට තවත් කි.මී. 250ක් පමණ ඈතින් තිබු සරාතොව් දුම්රිය ස්ථානයේ මේ මොහොත වන විට විශේෂ දුම්රියක් සුදානම්ව තිබුනා. හැබැයි මේ දුම්රියේ තිබුනේ මගීන් ප්‍රවාහනය කරන දුම්රිය මැදිරි නොවේ. බඩු සහ සතුන් ප්‍රවාහනය කරන දුම්රිය මැදිරි. ඒ ප්‍රදේශයේ තිබු සෑම ගම්මානයකම පදිංචිව සිටි දහස් ගණන් ජර්මානු සම්භවයක් ඇති පිරිස් ඒ වන විටත් මේ දුම්රිය ස්ථානයට රැගෙන විත් තිබුනා. 

හැබැයි මේ වන විට තවත් ඇති විශේෂ රහස් සෝවියට් නියෝගයක් ස්ටාලින් විසින් නිකුත් කර තිබුනා. එම්මාවත් ඇගේ පවුලේ උදවියත් අනිකුත් වැසියනුත් මේ බව දැන ගෙන හිටියේ නැහැ. ඒ ඔවුන් දුම්රියෙන් ප්‍රවාහනය කල යුත්තේ පිරිමි පක්ෂය සහ කාන්තාවන් සමග දරුවන් වෙන වෙනම බවත්. වැසියන් අතර කලබල ඇතිවේ යයි සිතා මේ තීරණය අවසාන මොහොතේ පමණක් දැන්වීමට හමුදා සාමාජිකයින්ට නියෝග ලැබී තිබුනා. 

ට්‍රක් රථ පේලිය කොතරම් වෙලාවක් ගමන් කලාද කියන්න එම්මාට මතකයක් නැහැ.  අම්මයි තාත්තයි මොන මොනවාදෝ මිමිනුවත් ඒ කිසිම දෙයක් ගැන පුංච් එම්මාට වැටහීමක් නැහැ. අය්යල දෙන්න එක්ක තුරුළු වෙලා නිදි කිරා වැටුණු එම්මා එක පාරටම ඇහැරුනේ රතු හමුදා සෙබලෙකුගේ උස කට හඬින්.

​"පිරිමි විතරක් ට්‍රක් එකෙන් එලියට එන්න." රතු හමුදා සෙබලාගේ තියුණු කට හඬ එම්මාට අද වගේ මතකයි.

ට්‍රක් රථයේ සිටි පිරිමින් ඉක්මනින් පිට වුනත් එම්මාගේ තාත්තට ඕන කරලා තිබුනේ තවත් සුළු වෙලාවක් හෝ එතන රෑදී ඉන්නට. අම්මාට කර කියා ගන්නට දෙයක් නැහැ. අම්මාගේ ඇස් දෙකෙන් වැගිරෙන උණු කඳුළු තුරුලේ හිටපු එම්මාගේ මුහුනටද වැටෙනවා.  ට්‍රක් රථය තුලට පැමිණුනු රතු හමුදා සෙබලෙක් තාත්තාගේ උර හිසින් අල්ලා ට්‍රක් රථයෙන් එලියට ඇද දැමුවේ කිසිම අනුකම්පාවකින් තොරව. 

ක්රාට්ස් ගම්මානය අද දිස් වන අයුරු 

එම්මා ඇතුළු පිරිස දුම්රියට පැටවුණු දුම්රිය ස්ථානය අද දක්නට ලැබෙන ආකාරය   Photo :www.archiv.wolgadeutsche.net/

ට්‍රක් රථයෙන් එලියට හිස පොවලා බලපු එම්මා දුටුවේ දහස් ගණන් මිනිසුන් අතරේ නොපෙනී යන තාත්තාව. ඒ තමා එම්මා තම තාත්තාව දුටු අවසාන වතාව. එත් එක්කම ඇයගේ ඇස ගැටුනේ බඩු මැදිරි කිහිපයකින් සමන්විත දුම්රියක්. ජීවිතයේ පළමුවන වරට දුම්රියක් දුටු එම්මාට මෙය අමුතු අත්දැකීමක් වුනා. 

​ගල් අඟුරු කෝච්චියේ ඇන්ජිමෙන් පිටවන කළු දුම් නිසා මුළු පරිසරයම අඳුරු පැහැයක් ගෙන තිබුනා.  දහස් ගණනක් සෙනග අතරින් අම්මාගේ අතේ එල්ලී කොහේ යනවාද කියා එම්මාට දැනුනේ නැහැ.  තුවක්කු ගත් මිනිස්සු කෑ ගසනවා. පොරකන මිනිස්සු අතරේ එම්මාත් අම්මාත් ඇතුළු තවත් පිරිසක් කෝච්ච් පෙට්ටියක් වෙත තල්ලු වී ගියා. එම්මාට මතක කවුදෝ කෙනෙක් එයාව කෝච්චි පෙට්ටියක් උඩට උස්සලා ගන්නවා වගේ. 

​දුම්රිය මැදිරියේ කොච්චර සෙනග පිරිලා හිටියද කියල එම්මා මතක නැහැ. මැදිරිය ඇතුලේ ලී තට්ටු වල එක කොටසක එම්මාත් අම්මත් අයියලා දෙන්නත් ගුලි ගැහිලා හිටියා. කොච්චර කල් එහෙම හිටියද කියලා ඇයට මතකයක් නැහැ. සැප්තැම්බර් මාසය හින්දා තද සීතලක් දැනුනේ නැහැ. ආලෝකය නැති නිසා කොයි වෙලාවෙත් මැදිරියේ දොර විවෘත කරලා තිබුනේ. මැදිරිය මැද තිබ්බ ලොකු උදුනකින් තමයි අවශ්‍ය උණු වතුර ලබා ගත්තේ. 

ස්ටාලින් ප්‍රමුඛව සහ රුසියානු රහස් ඔත්තු සේවයත් එකතුව රහසිගතව කල මේ දැවැන්ත පිටුවහල් කිරීමේ ආරම්භය සිදුවුනේ මේ අන්දමට. විශ්වාශ කරනවාද? දින 20ක් වගේ සුළු කාලයක් ඇතුලත රුසියානු රහස් ඔත්තු සේවය නිලධාරීන් 1150ක ගේත්, පොලිස් නිලධාරීන් 3250ක ගේත් සහ රතු හමුදාවේ සෙබළුන් 12,150ක ගේත් සහභාගිත්වයෙන් දුම්රියයන් 150ක් පමණ යොදා 510,000ක් පමණ වන ජර්මානු සම්භවයක් ඇති රුසියානු ජාතිකයින් පිටුවහල් කිරීම සිදුවුනා. 

එම්මා ඇතුළු පවුලේ උදවිය සමග තවත් 300ක් පමණ දෙනා බඩු ප්‍රවාහනය කරන දුම්රිය මැදිරියක් තුල පටවා තිබුනා. මෙවැනි මැදිරි 10ක් වත් එක දුම්රියක තියෙන්න ඇති. වොල්ගා නදියෙන් එතෙර වුනු මේ දුම්රියයන් යන්නේ මොන දිසාවටද කියලා බලධාරීන් හැරෙන්නට කිසිම කෙනෙක් දන ගෙන හිටියේ නැහැ. අවසානයේදී සමහර දුම්රියයන් සයිබීරියානු ප්‍රදේශවලටත් තවත් සමහර දුම්රියයන් කසාක්ස්තානය වෙතත් ගමන් කළා. එම්මා ඇතුළු පවුලේ උදවිය සිටිය දුම්රිය ගමන් කලේ සයිබීරියාවට.

සයිබීරියාවට යන්නට මේ දුම්රියට මාස දෙකක පමණ කාලයක් ගත වුනා. එයට හේතුව සයිබීරියාවට යාමට තිබුනේ එක දුම්රිය මාර්ගයක් පමණක් නිසාත්  එවකට පැවති දෙවන ලෝක සංග්‍රාමය වෙනුවෙන් සොල්දාදුවන් ආයුධ සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන දුම්රියයන් සඳහා මුලිකත්වය දියයුතු නිසාත් සමහර ස්ථාන වල දින ගණන් නැවතී සිටීමට සිදු වුනා. 

​දිනයේ කොයි තරම් කාලයක් බඩු  දුම්රිය මැදිරියේ රාක්ක වල නිදියා ගත්තාද කියලා එම්මාට  කොහෙත්ම මතකයක් නැහැ. හැබැයි එක සිදුවීමක් නම් ඇයට කවමදාකවත් අමතක වන්නේ නැහැ. මේ මාසය තුලම ඔවුන් ගේ ආහාරය වුනේ අර්තාපල් සහ ලුණු දැමු මාළු.  මේ බොහෝ අර්තාපල් කුණුවී ගොස් තිබුනා. ලුණු දැමු මාළු ආහාරයට ගැනීමෙන් වතුර තිබහ අධික ලෙස දැනුනත් අවශ්‍ය ජලය ලබා ගත හැකි වුනේ දුම්රිය නැවැත්වූ ස්ථාන වල තිබේනම් පමණයි. අම්මා ඇතුළු කාන්තාවන් සිදු කලේ දිනයකට වරක් පමණ බාගෙට කුණුවූ අර්තාපල් දුම්රිය මැදිරියේමද ඉදි කර තිබෙන උදුනෙන් පුච්චා ගැනීම හෝ තම්බා ගැනීම.  මුළු ගමනේදීම මීට වඩා අලුත් දෙයක් එම්මා දැක්කේ නැහැ. 

 

සැප්තැම්බර් මාසයේ තවත් දිනක් උදා වුනා.  දුම් රොටු වගුරුවමින් සෙමින් සෙමින් ගමන් කරන දොරියේ නලා හඬින් හදිසියේම අවදිවුණු එම්මා දුටුවේ අම්මා ගේ උකුලේ නිදන මල්ලී සහ ඇයව වට කරගෙන සිටින පිරිස. හෙමින් සීරුවේ අම්මා ලඟට කිට්ටු වුනු එම්මා දුටුවේ ඉකි ගසමින් හඬන අම්මාගේ ඇස් වලින් රූ රා වැටෙන කඳුළු.  මල්ලී මේ කිසිම දෙයක් නොදැන නිසලව සිටීම ගැන ඇයට පුදුමයි.  ඇය මල්ලීව ඇහැරවන්න උත්සාහ කලත් අවට සිටි අය එය ඉඩ දුන්නේ නැහැ. සෝවියට් පැරණි ලිපි ලේඛන වලට අනුව මේ සෑම දුම්රිය මැදිරියකම 350කට අධික පිරිසක් ගමන් කොට තිබෙනවා. මාස 2කටත් අධික කාලයක් මෙසේ ගමන් කල නිසාත් අධික තෙරපීම, ජලය නොමැති කම සහ අපිරිසිදු සෞඛ්‍ය තත්වයන් නිසාත් බොහෝ දෙනෙකුට විවිධාකාර ලෙඩ සෑදුනා. ඒවා ගැන සොයා බලන්නට දොස්තරවරු නැහැ.  ගමන් කල සෑම දුම්රියකම යම් පිරිසක් මේ නිසා මිය ගියා. එම්මාගේ මල්ලීත් මේ සංඛ්‍යා ලේඛන වලට එකතු වුනා. ඒ තමයි ඇය මල්ලීව දුටු අවසාන වතාව.

සෑම දුම්රියකම එක් බඩු දුම්රිය මැදිරියක් මියගිය පුද්ගලයන්ගේ සිරුරු වෙනුවෙන් වෙන් කර තිබුනා. සැප්තැම්බර් ඔක්තෝබර් මාස වල අධික සීතල තත්වයක් නොතිබුණු නිසා දින කීපයකින් පසු සිරුරු වලින් දුඟද හමන්නට වීම නිසා සමහර සිරුරු සයිබීරියාවේ වනාන්තර තුලට විසි කර දමා යන්නට රතු හමුදාවේ සාමාජිකයින් ක්‍රියා කළා. 

ලිපි ලේඛන වල සටහන් වෙන අන්දමට මොවුන් සයිබීරියාවේ බක්ලුෂි ගම්මානයේ දුම්රිය ස්ථානය වෙත පැමිණුනේ 1941 වසරේ ඔක්තෝබර් මාසයේ අවසාන දිනයක. බක්ලුශි දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයේ සිට කි.මී 2600ක් දුරින් සයිබීරියාවේ ඝන කැලෑව මැද.

හදිසියේ විවෘත වුනු දුම්රියේ දොර අතරින් එම්මා දුටුවේ සයිබීරියානු ඝන කැලෑව. ගස් අතරින් සමහර තැන්වලට හිරු ආලෝකය වැටුනත් ප්‍රදේශයේ තිබු අඳුර මකන්න එය ප්‍රමාණවත් වුනේ නැහැ. රතු හමුදා සාමාජිකයින්ගේ නියෝග වලට අනුව එම්මා ඇතුළු පිරිස ගමන් මලුත් රැගෙන මැදිරියෙන් පිට වුනා.  

සෝවියට් ඉතිහාසයේ ජාතියක් පිටුවහල් කිරීමේ ඇති දැවැන්ත ප්‍රයත්නයක එක පියවරක් මෙසේ නිම වුනා. සයිබීරියානු බිමට පා තැබූ එම්මා ඇතුළු පිරිසට ජීවිතයේ බිහිසුනු තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බව ඔවුන් කිසිදාක නොසිතන්නට ඇති. ස්ටාලින්ගේ අයෝමය හස්තයත්, සයිබීරියානු අධික සීතල පරිසරයත් දුෂ්කර ජීවන තත්වයත් සමග ජීවත් වීමට දැරූ අරගලය පුදුමාකාරයි. විශ්වාශ කරන්නත් අමාරුයි. 

මේ කතාවේ අවසානය නොවේ. මේ කාලය තුල දේශපාලන සහ යුධ සිරකරුවන් ගේ ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වෙන්නට පටන් ගෙන තිබුනා. ස්ටාලින් හට විරුද්ධව වචනයක් හෝ ප්‍රකාශ කල අයෙක් සිටියේ නම් සෝවියට් රහස් ඔත්තු සේවය විසින් ස්ටාලින්ගේ පාලනය ආරම්භ කල විශේෂ කඳවුරු වලට එවැනි පුද්ගලයින් යොමු කරනවා. මෙවැනි කඳවුරු පාලනය කරන්න ස්ටාලින්ගේ පාලනය විසින් විශේෂ රාජ්‍ය ආයතනයක් පිහිටුවලා තිබුනා.  මෙය කෙටියෙන් හැඳින්වුණේ ගුලාග් GULAG නමින්. Chief Administration of Corrective Labour Camps and Colonies​ මෙවැනි කඳවුරු විශාල ප්‍රමාණයක් සයිබීරියාවේ සහ සෝවියට් දේශයේ ඈත පෙරදිග ප්‍රදේශ වල පිහිටා තිබුනා. නමුත් මේ කඳවුරු පවා මෙතරම් විශාල පිරිසක් එකවර භාර ගැනීමට සුදානම්ව තිබුනේ නැහැ. මේ නිසා ස්ටාලින්ට සිදුවුනා මේ පිරිස් පාලනය කරන්න වෙනත් ක්‍රියාදාමයක් සොයන්නට. ඒ අනුව තමයි සෝවියට් දේශයේ බිහිසුණු ශ්‍රම කඳවුරු ක්‍රමය බිහිවන්නේ.(Trudarmee -Labor army)  1942 වසරේ ජනවාරි මස 10 වැනිදා එනම් පිටුවහල් කිරීමෙන් මාස 3 කට පසුව සෝවියට් රජය විසින් නියෝගයක් ගෙන එනවා වයස 17-50 සීමාවේ සිටින පිටුවහල් කරන ලද සියලුම ජර්මානු සම්භවයක් ඇති පිරිමින් ඔවුන්ගේ පවුල් වලින් වෙන් කර මේ ශ්‍රම කඳවුරු වලට යොමු කරන්නට.  ​

සයිබීරියානු සහ යුරල් වනාන්තර වල ගස් කැපීම, ගඩොල් කැපීම, ආකාර වල වැඩ කිරීම වැනි බරපතල වැඩ තමයි මොවුනට හිමි වුනේ. සෝවියට් රජය මෙයිනුත් නැවතුනේ නැහැ. තවත් මාස කිහිපයකට පසුව නිකුත් වුනු දෙවැනි නියෝගයෙන් කියවුනේ අවුරුදු 16-45 දක්වා වයසැති කාන්තාවන්ද ශ්‍රම හමුදා කඳවුරු වලට යවනු ඇති බවයි. පසුව ඒ නියෝගයද වෙනස කර එහි වයස් සීමාව අවුරුදු 15-55 දක්වා වෙනස් කරනු ලැබුවා. 

Leaders call to leave history to historians is wrong. History belongs to us, the people

ස්ටාලින් විසින් සයිබීරියාවට මෙන්ම කසාක්ස්තානයටද 440,000ක පමණ ජර්මානු සම්භවයක් ඇති පුද්ගලයින් පිටුවහල් කළා. 1991 වසරේ සෝවියට් දේශය බිඳ වැටෙන විට මිලියනයකටත් අධික ජර්මානු ජනතාවක් කසාක්ස්තානයේ වාසය කළා.  2015 වසරේ කසාක්ස්තාන රජය විසින් නිර්මාණය කල මේ වීඩියෝවෙන්  පිටුවහල් කල ජර්මානුවන් කසාක්ස්තානයට පැමිණීමත් නැවත ඔවුන් ශ්‍රම කඳවුරු වෙත බලෙන් රැගෙන යාමත් මැනවින් නිරුපනය වෙනවා. 

මා හට නොතේරෙන එකම කරුණ නම් ඇයි විසි වන සිය වස මේ පිළිකුල් ම්ලේච්ඡත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අසමත් වුනේ යන්නත් එමෙන්ම අපි මේ අමිහිරි අතීතය ලෙහෙසියෙන් අමතක කල යුතුද යන්නත්. 


― ඇලෙක්සැන්ඩර් සොල්සිනේට්සින් , The Gulag Archipelago 1918-1956

ඇලෙක්සැන්ඩර් සොල්සෙනිත්සින් 1974 වර්ෂයේ දී සෝවියට් රුසියාවෙන් පිටුවහල් කරන්නේ ඔහුගේ ආඛිපෙලාග් ගුලාග් (Arkhipelag Gulag) නම් කෘතියෙන් කොමියුනිස්ට් වාදීන් බලය අල්ලා ගැනීමෙන් පසුව රුසියාවේ බිහිවුණු බන්ධනාගාර පද්ධතියත්, ශ්‍රම කඳවුරු රාශියත් ස්ටාලින් යටතේ මුළු දේශය පුරා ම ව්‍යාප්ත ව ගිය ආකාරය හෙළි කරන්නට ගොස් ය.

​බිහිසුණු සෝවියට් ශ්‍රම කඳවුරු වල සහ සයිබීරියානු ජීවිතය - මීළඟ ලිපියෙන්.............

මැක්සිම් ගෝර්කි වරෙක පැවැසුවේ ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරුගේ රැස්වලින් හා මවගේ කිරිවලින් බවයි. එම්මා සහ පවුලේ ඉතිරි සාමාජිකයින් ජීවත් කරවීම සඳහා ඇගේ මව විසින් දැරූ අප්‍රතිහත උත්සාහයන් සහ එම්මාගේ සෝවියට් සයිබීරියානු ශ්‍රම කඳවුරු වල ජීවිතයන් වටා ගෙතී ඇත්තේ ඇදහිය නොහැකි සිදුවීම්.  මේ සියලු විස්තර ලබා ගැනීම සඳහා සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් නගරය සහ යුරල් කලාපයේ පෙර්ම් නගරය වෙතට ගිය අමතක නොවන සංචාර වල විස්තර මීළඟ ලිපියෙන්.....

සත්‍ය සිදුවීම් ඇසුරෙනි.

​සමහර ජායාරුප සහ මුලාශ්‍ර - www.library.ndsu.eduwww.iwan-rembe.dewww.norkarussia.infowww.wolgadeutsche.net

රොහාන් ඩිරෙක්ස් 

rohandx@hotmail.com

More Comments:

Tharaka madushanka - ආසාවෙන් කියවපු ලිපියක්👌👌

Sanath - Heart touching article. Welldone direx! 

Harshana Jayathilake - කියවන්න කැමති සංචාරක සටහනක්. ස්තූති ඔබට.

Rohana Kokonar - ඉතාමත් වටිනා තොරතුරැ රාශියක් සහිත ලිපියක්.

Manjula Edirisinghe - ඉතා අනර්ඝ මහඟු ලිපියක්

Shanaka - Supiri..

Nishantha Fernando - ඇත්තටම හොද ලිපියක්.. නොහිතපු දේවල් ගොඩක් ඉගෙන ගත්තා 

Gayan Harshana - හරිම රසවත් විස්තර කිරීම ස්තුතියි ඔබට අපිව ලෝකය දකින්න රැගෙන යනවාට

Gayan Harshana - මෙය ඉතා හරවත් ලිපියකි .ඔබට සුබ පතමි

Asithanjana Batuwantuduwa - Thank you for your valuable article. My friend and your brother Priyantha Direksze gave me this link. It is a good site to any traveller. I love travelling but difficult to find budget for that. Therefore I thanks again for sharing your journies.

Dhanuka - Hello .. Rohan.. Thank you so much for your article..
I'm very interesting to follow Lenin and Starlin. If you know some article about them, please let me know.. 
Thanks.

Ravish Tharaka - I'm kind of attracted to soviet Russian countries because of their history and  culture..so thank u for this interesting article

Ashen - වටිනා ලිපියක්.. තව තවත් මෙනැනි ලිපි

ගෙනඒමට ඔබට සුබ පැතුම්.

Anuradha Jayasekara - You are doing a great service sir...

Sudharshani - හරිම රසවත් විස්තර කිරීම ස්තුතියි ඔබට අපිව ලෝකය දකින්න රැගෙන යනවාට

Susantha - you are very lucky, thanks for your all posts. I read your posts and those are very interesting and valuable

Ishara Wimalaweera - great job dear mr. Rohan.. You have realized my dream to travel along great Russia

Prasad Jinadasa - Excellent story....i have never heard that.Thanks

Harshana Jayatilake - මම ඔබගේ ලිපි කියවන්න කැමතියි..ස්තූතියි..ලිපිය කියවනවිට දැනේනවා..මැවෙනවා...

Lankara - ගොඩාක් ස්තුතියි.හැමදාමත් මේ වගේ ලිපි ලියන්න ශක්තිය ලැබේවා 

Susantha - obata godak sthutiyi, api nodanna, deval godak oyagen igana gaththa
Mangala - This is nice Sanchara story. This Sanchara story is more interesting than others since it's open up some closed stories. Thanks.

Kanishka - mewa samajawadaye waradi nowei soviet niladariwadaye waradi namuth edath adath heath mama soviet deshaya nam sreshta ratata garu karami