SANCHARA සංචාර ජායාරුප තරඟය (Facebook සාමාජිකයින්ට) - සංචාරය සහ ස්වභාව ධර්මය අතර සම්බන්ධතාවය, ස්වභාවික පරිසර දර්ශන, විවිධ ජන කොට්ටාශ වල ජන ජීවිතයේ ගති ලක්ෂණ, නගරබද පරිසරය, යන තේමා මේ ජයාරූප තරඟය සඳහා සුදුසු වනු ඇත. කොරෝනා වෛරසය නිසා මේ දිනවල නිවෙස් වලට වී සිටින ඔබට මේ ජායාරුප තරඟයට සහභාගී වීමෙන් සංචාර වලදී ඔබ ගන්නා ජායාරුප වලට යම් අගයක් ලැබෙනවා මෙන්ම ඒ ජායාරුප තවත් රසිකයන් අතර බෙදා ගැනීමටද හැකි වනු ඇත.
වැඩිම මනාප ලබා ගන්නා ජායාරුප 8 ට සහ විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව ජයග්‍රහණය කරන ජායාරුප 3 ට අනුග්‍රාහකයින් විසින් පිරිනමන විශේෂ ත්‍යාග හිමි වනු ඇත.
SANCHARA සංචාර TRAVEL PHOTO CONTEST 2020 තරඟයට ඉදිරිපත් වී තිබුණු ජායාරුප 200+ අතරින් විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද 1-2 සහ 3 ස්ථාන ලබා ගත් ජයග්‍රාහක/ජයග්‍රාහිකාවන්ගේ ජායාරුප 3 සහ FACEBOOK සාමාජිකයින්ගේ මනාපයන්ගෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගත් ජායාරුප 8 සතුටින් ඉදිරිපත් කරමු.



Members of the International Federation of Photographic Art ජාත්‍යන්තර ජායාරුප කළා සම්මේලනය EFIAP
3 Winners & 8 Finalists -
වැඩිම මනාප ලබා ගන්නා ජායාරුප 8 ට සහ විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව තරඟයට ඉදිරිපත් වුනු සියලුම ජයාරූප වලින් ජයග්‍රහණය කරන ජායාරුප 3 ට අනුග්‍රාහකයින් විසින් පිරිනමන විශේෂ ත්‍යාග හිමි වනු ඇත.
කොරෝනා වෛරසය නිසා මේ දිනවල නිවෙස් වලට වී සිටින ඔබට මේ ජායාරුප තරඟයට සහභාගී වීමෙන් සංචාර වලදී ඔබ ගන්නා ජායාරුප වලට යම් අගයක් ලැබෙනවා මෙන්ම ඒ ජායාරුප තවත් රසිකයන් අතර බෙදා ගැනීමටද හැකි වනු ඇත. මෙය හුදෙක් සංචාර වල රසාස්වාදය මතු කිරීම සඳහා සිදු කෙරෙන ක්‍රියාවකි. ඒ නිසා තරඟයේ සමහර විට අඩුපාඩු සිදුවන්නට ඉඩ ඇත. ඔබට යම් අඩුපාඩුවක් නිවැරදි කල යුතු අවස්ථාවක් අවබෝධ වුන හොත් යන විද්‍යුත් තැපෑල ට එය යොමු කරන්න.
ඔබේ ජායාරුපය මේ තරඟයට ඉදිරිපත් කිරීමට පෙර තරඟ කොන්දේසි අවබෝධ කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.
* ජයග්‍රාහකයින්ගේ නම් මැයි මාසයේ මුල සුමානයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ජයග්‍රාහකයින් ගැන විස්තර www.sanchara.lk, SANCHARA Facebook Page තුලින් සහ SANCHARA youtube චැනලය තුලින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
* ඔබ ඉදිරිපත් කරන ජායාරුප ඉහත ඇති Application හරහා ඉල්ලා සිටින විස්තරත් සමග upload කල යුතු වේ.
* ඔබ විසින් ඉදිරිපත් කරන ජායාරුපය ඔබේ Facebook පිටුවේ හෝ වෙනත් මිතුරෙකුගේ Facebook පිටුවේ හුවමාරු කර ගැනීමෙන් ඔබේ ජායාරුපයට ලැබෙන මනාප ප්‍රමාණය වැඩි කර ගත හැක.
* වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගන්නා ජායාරුප 8 න් ජයග්‍රාහී ජයාරූප 3 තෝරා ගනු ඇත. මේ තෝරා ගැනීම සිදු කරන්නේ දිවයිනේ ප්‍රසිද්ධ ජායාරුප ශිල්පීන් තිදෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් මගිනි.
* එක් තරඟකරුවෙකුට ජායාරුප 2ක් දෙවතාවකදී ඉදිරිපත් කල හැක. නමුත් එක් වතාවක් ජායාරුපයක් ඉදිරිපත් කල පසු දෙවන ජායාරුපය ඉදිරිපත් කල හැක්කේ පැය 24ක කාලයකින් පසුවය.
* වර්ණ ජායාරුප පමණක් මේ සඳහා ඉදිරිපත් කල හැක.
* සාමාන්‍ය කැමරාවක් හෝ ජංගම දුරකතනයක් මගින් ලබා ගත් ජායාරුප මේ සඳහා වලංගු වේ.
* ඕනෑම ජායාරුපයකට හෝ ජායාරුප කිහිපයකට ඔබගේ මනාපය ඉදිරිපත් කල හැකි අතර එක් ජායාරුපයක් වෙනුවෙන් ලබා දිය හැක්කේ එක මනාපයක් පමණි. එක් ජායාරුපයක් වෙනුවෙන් ඔබට දෙවන වතාවට මනාපයක් ඉදිරිපත් කල හැක්කේ පළමුවන මනාපය ඉදිරිපත් කිරීමෙන් පැය 24කට පසුවය.
* 2020 අප්‍රේල් මස 17 වැනිදා සිට 2020 මැයි මස 3 වැනිදා දක්වා ඔබට මේ තරඟය සඳහා ජායාරූප ඇතුලත් කල හැක.
* ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙනත් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ටද මේ තරඟයට සහභාගී විය හැක.
ජායාරුප තරඟ තේමාව -
* සංචාරයකදී ලබා ගත් ඕනෑම වර්ණ ජායාරුප /ජායාරුපයක් පමණක් මේ සඳහා ඉදිරිපත් කල හැක.
* සංචාරය සහ ස්වභාව ධර්මය අතර සම්බන්ධතාවය, ස්වභාවික පරිසර දර්ශන, විවිධ ජන කොට්ටාශ වල ජන ජීවිත
යේ ගති ලක්ෂණ, නගරබද පරිසරය, යන තේමා මේ ජයාරූප තරඟය සඳහා සුදුසු වනු ඇත.
* කිසිම පරිගණක මෘදු කාංගයකින් වෙනස් නොකරන ලද ජායාරුප පමණක් මේ තරඟයට ඉදිරිපත් කල යුතු අතර ජල මුද්‍රාව හෝ වෙනත් වෙළඳ ලකුණු සහිත ජායාරුප තරඟයෙන් ඉවත් කෙරෙනු ඇත.
* ඉදිරිපත් කරන ජායාරුප වල විශාලත්වය 2 MBට වඩා අඩු විය යුතුය.
* සියලුම ජායාරුප JPEG, PNG හෝ GIF විය යුතුය.
* ජයාරුපය සමග ජායාරුපයට මාතෘකාවක් සහ අනිවාර්යයෙන්ම ජායාරුපය ගත් ස්ථානය සඳහන් විය යුතුය.
* ශ්‍රී ලංකාව තුලදී හෝ වෙනත් රටක සංචාරයකදී ගත් ජායාරුප මේ තරඟය සඳහා ඉදිරිපත් කල හැක.
* නමුත් මේ කිසිම ජායාරුපයක තරඟකරු හෝ තරඟකාරියගේ දර්ශන ඇතුලත් නොවිය යුතුය. එවැනි ජායාරුප මේ තරඟය සඳහා ඇතුලත් කර නොගනු ඇත. *
* එසේම කිසිම පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක්, ජන කොට්ටාශයක් අප්‍රසාදයට පත් වන ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන ජායාරුපත්, සත්ව ඝාතන, වධ හිංසා පෙන්වන ජායාරුපත් තරඟයෙන් ඉවත් කෙරෙනු ඇත.
* මීට පෙර දේශීය හෝ විදේශීය ජායාරුප තරඟ වලින් ජයගත් ජායාරුපද මේ තරඟයට ඉදිරිපත් නොකළ යුතුය.
* තරඟයට ඉදිරිපත් කෙරෙන ජායාරුප වල අයිතිය ඒ ඒ ජායාරුප ඉදිරිපත් කරන තරඟකරුවන් සතු වේ.
* ඔබ විසින්ම ලබා ගත් ජායාරුප මේ තරඟයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර යම් අන්දමකින් ඉදිරිපත් කල ජායාරුප ඔබගේ නොවන බව තහවුරු වුවහොත් දැනුම්දීමකින් තොරව ඒ ජායාරුප තරඟයෙන් ඉවත් කරනු ඇත.
* තරඟයේ කොන්දේසි සම්බන්ධයෙන් අවසාන තීරණ SANCHARA වෙබ් අඩවිය සහ SANCHARA FACEBOOK PAGE සතු වනු ඇත.
* මෙම තරඟය සම්පුර්ණයෙන්ම මුදල් ය කිරීමකින් තොරව හුදෙක් රසාස්වාදය සඳහාම පවත්වන්නකි.
* මේ ජායාරුප තරඟය මෙහෙයවනු ලබන්නේ රුසියාවේ මොස්කව් නගරයේ සිටය.
* සියලුම ජායාරුප වල අයිතිය ජායාරුප ඉදිරිපත් කල ඒ ඒ තරඟකරුවන් සතුය.