සියලු යක්ෂයෝ රුවන්ඩාවෙහිය.

රුවන්ඩා හෝටලය සිනමාකරණයේ පෙන්වන්නේ පෝල් රුසේසබගීනා නමැති හෝටල් කළමනාකරුවා 1994 වර්ෂයේදී රුවන්ඩාවේ සිදුවූ ජනසංහාරයේදී දහස් ගණනක් තුත්සි ජාතිකයින් හුතු ජාතික මිනීමරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තම හෝටලය තුත්සි ජාතිකයන් හට ආරක්‍ෂිත සෙවනක් බවට පත්කර ඔවුන් ආරක්ෂා කරගත් අන්දමයි. සත්‍ය සිද්දියක් පදනක් කරගෙන් බිහිවූ මෙම සිනමා කෘතිය රුප ගත කරන ලද්දේ දකුණු අප්‍රිකාවේ වුවත් සත්‍ය සිද්දිය සිදුවුයේ කිගලි නුවර දිප්ලෝමට් හෝටලයේදීය. 

 

රුවන්ඩා ජන සංහාරය ආරම්භ වී හුතු සහ තුත්සීන් අතර සටන් ඇවිලී ගිය මොහොතේ දෙස් මිලෙස් කොලින්ස් හෝටලයේ කළමනාකරුවා වූ හුතු ජාතික පෝල් රුසේසබගීනා තම අසල් වැසියන් ඝාතනය වනු සියැසින් දකී. ඔහුගේ බිරිද තත්යානා  තුත්සි ජාතිකයෙක් වුයෙන් පෝල්ට බරපතල ලෙස ප්‍රශ්න ඇතිවුවත් හුතු මිලිෂියා වට මුදල් සහ මත්පැන් සපයා දීමෙන් තරමක් දුරට හෝ තත්වය පාලනය කරගෙන් තම බිරිද හා දරුවන් රැක ගන්නට පොල්ට හැකිවේ.  සිවිල් යුද්දය තව දුරටත් ඇවිලී යත්දී  රුවන්ඩා යුද හමුදා නිලදාරීන්ගෙන් එන බලපෑම් නොතකා සිය අසල් වැසියන් තම හෝටලයට ආරක්ෂාව සඳහා ගෙන්වා ගනී. තත්වය තවත් දරුණු වෙත්දී එක්සත් ජාතීන්ගේ කදවුරු වලිනුත් රතු කුරුස සංවිධානයේ කදවුරු වලිනුත් ත තවත් අනාතයින් මේ හෝටලයට පැමිණේ. අනාතයින් ආරක්ෂා කර ගැනීම සහ තම පවුලේ උදවිය ආරක්ෂා කර ගැනීම ගැන බලවත් සටනක යෙදීමට පොල්ට සිදුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවේ නායක කැනඩා ජාතික කර්නල් ඔලිවෙර් හුතු මිලිශා පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට අවකාශ නොලැබුණු හෙයින් රුවන්ඩාවේ සිටි විදේශිකයින් ඉවත් කරගැනීමට මෙහෙයුමක් දියත් කරයි. පෝල් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉවත් කර ගැනීම සදහා අසාර්ථක මෙහෙයුමක යෙදුනු නමුත් අවසානයේදී රුවන්ඩා යුද හමුදාවේ ජෙනරාල් වරයෙකු වන  ඖගුස්ටින්  ගේ සහය පැතීමට සිදු වේ.  එයත් අසාර්ථක වීමෙන් ජෙනරාල් ට විරුද්ධව යුද්ධ අපරාධ සම්බන්දයෙන් චෝදනා එල්ල කරන බවටත් කියා ඔහුව බිය ගැන්වීමටද පෝල් උත්සහ ගනී. අවසානයේදී එක්සත් ජාතීන් ගේ සාම හමුදාවේ සහාය ඇතිව තුත්සි ජාතිකයින් ආරක්ෂා සහිත ප්‍රදේශයකට රැගෙන යාමට පොල්ට හැකිවේ. 

 

2004 වර්ෂයේදී ඇමෙරිකානු ජාතික  ටෙරී ජෝර්ජ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටියේ  පෝල් රුසේසබගීනා ගේ චරිතය රගපාමින් සම්මාන රැසක් දිනා ගනු ලැබුවේ ප්‍රසිද්ධ සිනමා නළු දොන් චීද්ල්ය. 

 

මාගේ රුවන්ඩා සංචාරයේ එක අරමුණක් වුයේ මොහොතකට හෝ මෙම හෝටලයට ගොඩ වැදී පෝල්  රුසේසබගීනා ගේ  චරිතය මතුවූ අවස්ථා සහ හෝටලය දැක බල ගැනීමයි. එය ඉෂ්ට වුනත් මේ සිද්ධිය සම්බන්ධව කිසිම සටහනක් ලකුණක් හෝ මෙම හෝටලයේ දක්නට නැත.  

 

Please reload

ඔබේ අදහස්   

Featured Posts

ලෝකය වටේ අවුරුදු 25 කින්

March 26, 2016

1/6
Please reload

Recent Posts