top of page

කි.මී. 9300ක් වසර 2ක් තුලදී පා ගමනින් 

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිට කි.මී. 9300ක් දුරින් පිහිටා ඇති ව්ලැදීවොස්ටොක් නගරය දක්වා පයින් ගමන් කිරීමෙන් රුසියානු සංචාරකයෙක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. 

 

24 හැවිරිදි සෙර්ගෙයි ශේඋලින් මේ වාර්තාව පිහිටුවීම සඳහා වසර 2ක් නොකඩවා පයින් ගමන් කරන්නට සිදුවුනා.  අද උදෑසන සුභ මොහොතින් ව්ලැදීවොස්ටොක් නගර වාසීන් ඔහුව සාදරයෙන් පිළිගනු ලැබුවා. 

තම කුඩා බෑගය සහ ටින් කාම, පාන් සහ වතුර ඇතුලත් කුඩා ප්ලාස්ටික් කවරයක් පමණයි ඔහු අත තිබුනේ. ලොව විශාලතම රට වන රුසියාව හරහා පයින් ඇවිදගෙන යාමට ඔහු කිසිම විටෙක GPS යන්ත්‍රයක් හෝ සිතියමක් භාවිතා කර නැහැ. 

 

ඔහු සඳහන් කරන පරිදි බොහෝ රාත්‍රී ගත කර ඇත්තේ ගස් යට, පාලම යට, සමහර අවස්ථා වලදී පොලිස් ස්ථාන වල.

Я заголовок. Дважды кликните по мне!

ඒ ගමනේ අවසාන භාගයට පැමිණෙන විට ඔහු රුසියානු ජනතාව අතර බොහෝ ජනප්‍රියතාවයට පත්වී තිබුනා. බොහෝ වැසියන් ඔහු තම නගරයට පැමිණෙන තෙක් මඟ බලා සිටියා. සමහර නගර වල පුරපතිවරුන් පවා උත්සවාකාරයෙන් ඔහුව පිළිගත්තා.  ඔහුව පසුකර ගෙන යන රියදුරන් ඔහුව තම වාහනයෙන් රැගෙන යන්නට ඉල්ලීම් කලත් සේර්හෙයි අවංකවම ඒවා ප්‍රතික්ෂේප කළා. ඔහුට අවශ්‍ය වුනේ පයින් යන්නට. 

ඒ වගේම ඔහු රුසියානු වැසියන් අතර ප්‍රසිද්ධ වුවාට පසු ඔහුට අවශ්‍ය ආහාර පාන සහ නිවසට දුරකථන ඇමතුම් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම්ද ඒ ඒ නගර වල වැසියන් මොහුට ලබා දුන්නා. ඒ වගේම ඔහුගේ පියාද මේ කාලය තුල අභාවයට පත්වුනා. එම පණිවිඩය ඔහුගේ මව විසින් දුරකථන මාරගයෙන් සෙර්ගෙයි ට දන්වා සිටියා.  එහෙත් ඔහු තම ගමන නවත්වන්න සුදානම් වුයේ නැහැ. 

 

මීට පෙර විදේශිකයින් දෙදෙනෙක් රුපවාහිනී වැඩ සටහනක් වෙනුවෙන් පීටර්බර්ග් නගරයේ සිට ව්ලැදීවොස්ටොක් නගරය දක්වා මෝටර් සයිකලයකින් ගමන් කර වාර්තාවක් පිහිටුවා තිබෙනවා. නමුත් සෙර්ගෙයි ශේඋලින් මේ නගර දෙක අතර එනම් කි.මී. 9300 ක් වසර 2ක් තුල පයින් ගමන් කිරීමෙන් තැබූ වාර්තාව බිඳ දමන්නට නම් පහසු වෙන එකක් නැහැ. 

රොහාන් ඩිරෙක්ස්   

2016 මැයි මස 3 වනදා 

විස්තර - http://svopi.ru/obsh/100808

ඔබේ අදහස්   

තවත් පුවත් 

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස නොකලෙමි. රුවන්දාවට පැමිණීමට පෙර  ඒ රට ගැන මා සිතා සිටියේ උන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට  උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති...

Please reload

ජායාරූප පුවත්   

Please reload

bottom of page