• Facebook Social Icon
  • YouTube Social  Icon

 

වියට්නාමයේ හෝචිමින් නුවර සිට කාම්බෝජ දේශ සීමාව කරා දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කරන අපේ වාහනය එක වරම ඝන කැලෑ මාර්ගයකට අවතීර්ත වුයෙන් අපි සියලු දෙනාම යම් තිගැස්සීමකට ලක්වුනෙමු. ඝන කැලෑ රොද අතරින් සෙමින් සෙමින් ගමන්ගත් වාහනය නතර වුයේ අබලන්වූ යුද්ධ ටැංකියක් ඉදිරිපිටය. අප මේ පැමිණියේ ඇමෙරිකානු වියට්නාම් යුද්ධයේදී වියට්නාම් සොල්දාදුවන් විසින් පොලව යට ඉදිකරන ලද බංකර සමුහයක් නැරඹීම සඳහාය. 

වියට්නාම් හමුදාවේ වියට්කොන්ග් සෙබළුන්ගේ හමුදා ක්‍රියාන්විත මධ්‍යස්ථානය ලෙස භාවිතාවු මේ බංකර අද සංචාරකයින්ගේ ඉමහත් ජනප්‍රියතාවයට පත් යුධ කෞතුකාගාරයක් බවට පත්වී ඇත. 

 

1940 වසර අවසාන කාල සීමාවේදී ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට එරෙහි යුද්ධයේ අවශ්‍යතා වෙනුවෙන් කැනීමට පටන් ගත් මේ කුචි උමං නැවත වාරයක් ඇමෙරිකාවට එරෙහිව යුද්ධයේදී භාවිතයට ගැනිණි. 

පුදුමයකට කරුණක් වන්නේ මේ උමං හෑරීම සඳහා වියට්නාම් වැසියන් කිසිම යන්ත්‍රෝපකරණ භාවිතා නොකල අතර වැසියන් කුඩා කණ්ඩායම් වලින් සෙමින් සෙමින් සැහෙන කාලයක් තිස්සේ හෑරීම සිදු කර ඇත. මේ බංකර වියට්නාම් හමුදා සෙබළුන්ට ඇමෙරිකානු හමුදාවල් වලින් එල්ල වන ගුවන් ප්‍රහාර බෝම්බ සහ බිම් සටන් වලදී ආරක්ෂාව සැපයුවා පමණක් නොව බංකර තුල ආරෝග්‍ය ශාලා, ආයුධා ගබඩා සහ සෙබළුන්ට එක දිගට දින ගණනාවක් පොලව යට ගත කිරීමේ පහසුකම් පවා ලබා දී තිබුණි.  යුද්ධ කාලයේදී මේ උමං කි.මී. 250ක් පමණ දුරකට හාරා තිබුණි. ඇමෙරිකානු හමුදාවන්ට මේ කුචී උමං කෙතරම් හිසරදයක් වූවායයි කියතොත් උමං වල තත්වය සහ විස්තර සෙවීම සඳහා හමුදාවේ වෙනම කණ්ඩායමක් ආරම්භ කිරීමටද සිදුවිය.  ඇමෙරිකානු හමුදා උතුරු වියට්නාම් වැසියන්ට සහ හමුදාවන්ට දරුණු ප්‍රහාර එල්ල කරත්දී එහි සිටි සාමාන්‍ය ජනතාවට පවා සිය ජීවිත බේරා ගැනීමට පොලව යට බංකර වල පිහිට පැතීමට සිදුවිය. සමහර විට දින ගණනාවක් පොලව මතුපිටට පැමිණීමට අවස්ථාව නොලැබුණු අතර උමන්වල සිටි නයි පොළඟුන්, කුහුඹීන් සහ විසකුරු ගෝණුස්සන්ගෙන් සිදුවී ඇති ජීවිත හානි මෙතකැයි ගණන් බලා නැත. මැලේරියාවෙන් මියගිය සංඛ්‍යාව දෙවෙනි වන්නේ යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට පමණි. 

 

පොලව යට ආරක්ෂක බංකරයක් ලෙසට අමතරව මේ උමං යුද්ධයේ ක්‍රියාන්විත මෙහෙයුම්වලදී විශේෂ කාර්ය භාරයක් ඉටු කර ඇත. නයි පොළඟුන් සහ ගොනුස්සන්ගෙන් සමන්විත බොරු වලවල් සාදා ඒවාට ඇමෙරිකානු සහ දකුණු වියට්නාම් හමුදා සෙබළුන් ගොදුරුකර ගනිමින් වියට්නාම්වරුන් ගෙන ගිය අභීත යුධ උපායයන් නිසා සහ ඒවාට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා උමන් මීයන් යනුවෙන් ඇමෙරිකානු හමුදාවේ විශේෂ ඒකකයක් පිහිටුවන ලදී. වියට්නාම් ජාතිකයින් මෙන් ශරීර ප්‍රමාණයෙන් කුඩා පුද්ගලයින් මේ ඒකකය සඳහා තෝරා ගන්නා ලද අතර ඔවුනට දින ගණනක් කැලෑව තුල සැඟවී සිට මේ මර උගුල් වලින් ඇමෙරිකානු හමුදාවේ අනිකුත් සාමාජිකයින් බේරා ගැනීමට පුහුණුවක්ද ලබා දෙන ලදී. 

 

සංචාරකයින් සඳහා විවෘත කර ඇති එක උමගක් තුලට මා පිවිසුනේ එහි ඇතුලත නැරඹීමේ ආශාවෙනි.  මේ උමන් තුල පහසුවෙන් ඇවිද ගෙන ය නොහැක. උමගක උස වන්නේ මීටර් 1ක් පමණ වේ. එහෙත් සමහර කොටස් වල එය තවත් අඩු වේ. එවැනි තැන්වල ඇවිදීම කෙසේවෙතත් දන ගා හෝ බඩගා ගෙන යාමට සිදුවිය.  සංචාරකයින්ගේ පහසුව සඳහා විදුලි ආලෝකය උමං තුලට ලබා දී තිබුනෙන් තරමක් හෝ දුරට මේ බංකර සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීමට හැකිවිය.  (ඔබ හුස්ම ගැනීමේ අපහසුතාවලින් හෝ දණහිස් අමාරුවලින් පෙලෙනවානම් මේ උමං වලට පිවිසීමේදී පරීක්ෂා කාරී වියයුතුයි. )

Please reload

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස නොකලෙමි. රුවන්දාවට පැමිණීමට පෙර  ඒ රට ගැන මා සිතා සිටියේ උන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට  උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති...

Please reload