* ලොව දර්ශනීයම ප්‍රදේශ හරහා දින 6ක ගමනක්

* නගර 81ක් ගංගාවන් 16ක් පසු කරමින්

* ලොව දර්ශනීයම පිරිසිදුම සහ ගැඹුරුම බයිකාල් විලේ ඉවුර මතින්

* ලෝකයේ කාල පරතර සීමා 6ක් පසු කරමින්

* කිමී. 9288ක දුරක්, ලෝකයේ සියලුම සංචාරකයින්ගේ එකම පැතුම

* සෝවියට් රුසියානු ඉතිහාසය හරහා ජීවිතයේ අමතක නොවන දින 7 ක ගමනක්,

* ලෝකයේ දිගම දුම්රිය ගමන......

* ජීවිතයේ එක වරක් පමණක් විඳ ගත හැකි ඒ ආශ්වාදය

* මේ තමයි මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ ගමන...... 

මම රොහාන් ඩිරෙක්ස් - www.sanchara.lk

එන්න මාත් සමග රුසියාවේ මොස්කව් නුවර සිට  ලොව ඈත පෙරදිග ව්ලැඩිවොස්ටොක්  නගරය දක්වා දිවෙන මහා සයිබීරියානු දුම්රිය මාර්ගයේ ගමනට.......

සංචාරයේ විස්තර Tour Details

  • මැයි මාසයේ සිට දෙසැම්බර් මස මුල් කාලය දක්වා මේ දුම්රිය ගමන් මගේ වැඩිම පිරිසක් සංචාරය කරන කාලයයි.

  • ඒ නිසා මේ වෙනුවෙන් දුම්රිය ටිකට් අවම වශයෙන් දින 30ක් වත් කලින් ලබා ගත යුතුවේ.

  • 2019 සැප්තැම්බර් මස සිට දෙසැම්බර් දක්වා ඕනෑම දිනෙක මේ සංචාරය සංවිධානය කර ගත හැක. (කොළඹ සිට)

  • මේ සංචාරයට ඇතුලත් වන්නේ දෙවන පන්තියේ දුම්රිය ටිකට්පත්. ඒ අනුව එක් අනු මැදිරියක සුව පහසුවෙන් නිදා ගෙන යා හැකි ඇඳන් 4ක් ඒ වෙනුවෙන් අවශ්‍ය ඇඳ ඇතිරිලි සහ කොට්ට/තුවා, ආහාර ගැනීමට කුඩා මේසයක්, සෑම ඇඳකටම පොත් පත් කියවීම සඳහා අවශ්‍ය විදුලි ලාම්පුවක්, බෑග් තබා ගැනීම සඳහා ඉඩ, වායු සමීකරණ සහ බොහෝ විට රුපවාහිනී යන්ත්‍රයක් යන පහසුකම ලැබෙනු ඇත. (දුම්රියෙන් දුම්රියට සමහ අවස්ථා වලදී මේ කරුණු වෙනස් වීමට ඉඩ ඇත.) ඔබ පවුලේ සාමාජිකයින් හෝ මිතුරන් සමග සංචාරයේ යෙදෙන්නේ නම් ඔවුන් සියල්ලටම එක අනු මැදිරියක (මගීන් 4) ගමන් පහසුකම් ලබා ගැනීමට අවකාශ ඇත.

  • දෙවන පන්තියේ මැදිරි වල දෙපස පොදු වැසිකිලි 2ක් භාවිතා කිරීමට අවකාශ ලැබෙනු ඇත.

  • ඊටත් අමතරව පැය 24 පුරාවටම අවශ්‍ය උණු ජලය ලබා ගැනීම සඳහා විශේෂ රුසියානු බෝයිලේරුවක්ද සෑම දුම්රිය මැදීරියකම සවි කර ඇත.

  • දෙවන පන්තියේ මැදිරියක මෙවැනි අනු මැදිරි අවම වශයෙන් 10-12ක් බොහෝ  විට දක්නට ඇත.

  • පළමුවන පන්තියේ අනු මැදිරි මගීන් දෙදෙනෙකුට පමණක් යා හැකි වන ලෙස සකසා ඇත. ඉහත සඳහන් කල පහසුකම් වලට අමතරව බොහෝ විට එක් එක් අනු මැදිරියට සීමා වූ වැසිකිලි පහසුකම් දක්නට ඇත. නමුත් මේවායේ මිල සාමාන්‍ය දෙවන පන්තියේ මිල මෙන් දෙගුණයක් පමණ වනු ඇත. පළමුවන පන්තියේ ටිකට් පත් අවශ්‍ය නම් ඒ සඳහා ඔබ වෙනම ඉල්ලුම් කල යුතු වනු ඇත.

  • දුම්රිය ගමනේදී දිකට් පත් වලට ආහාර පාන ඇතුලත් නොවනු ඇත. ඒ සඳහා අවශ්‍ය වියදම පෞද්ගලිකව දරා ගත යුතු අතර අවශ්‍ය කෑම බීම කලින් සකස් කර ගැනීම බොහෝ විට සාමාන්‍ය රුසියානු සම්ප්‍රදායය වේ.

  • නමුත් අවශ්‍ය පරිදි කෑම බීම සඳහා භෝජනාගාරයක් සහිත වෙනම මැදිරියක් දුම්රියේ ඇත. ඊටත් අමතරව බොහෝ විට දුම්රිය මැදිරි වලට පැමිණෙන ආහාර ට්‍රොලි හරහා  හෝ දුම්රිය සාමාන්‍ය ස්ථාන වල නැවැත්වූ විට ඔබට අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීමට හැකි වනු ඇත.

  • මෙම ගමනේදී - දිගම බිම් ගෙය - කි.මී.2ක් දුරැති - කි.මී 8080 සහ 8180  දුරකදී (මොස්කව් සිට) Arkhara – Obluche ස්ථාන වලදී, මුහුදු මට්ටමේ සිට මීටර් 1010ක් උසින් පිහිටා ඇති Yablonovu කඳු වැටි ද සහ දීගම පාලම වන අමුර් - මීටර් 2616ක් දිග - සයිබීරියාවේ අගනුවර - නොවොසිබිර්ස්ක්, ල