ලෝක ආදී වාසීන්ගේ ක්‍රීඩා උළෙලක් බ්‍රසීලයේ 

 

ලොව පළමු වරට පවත්වන ලෝක ආදී වාසීන්ගේ ක්‍රීඩා උළෙල මේ දිනවල බ්‍රසීලයේදී පැවැත්වෙනවා. ක්‍රීඩකයින් 2000කට අධික ප්‍රමාණයක් ලෝකයේ නොයෙක් රටවල් වලින් මෙයට සහභාගී වෙනවා. ඒ රටවල් අතරින් ඇමෙරිකාව, පිලිපීනය, මොන්ගෝලියාව , ඉතියෝපියාව සහ නවසීලන්තය කැපී පෙනෙනවා. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තරඟාවලියේ ආරම්භක උත්සවයේදී නවසීලන්තයේ මඕරි ආදී වාසීන් ඉතාමත් දර්ශනීය උවුනට ආවේනික වූ නැටුම් ඉදිරිපත් කළා.  ඒ වගේම ආරම්භක උත්සවය සහභාගී වුනු ක්‍රීඩකයින් තම තමන්ට ආවේනික වූ විචිත්‍ර ඇඳුම් පැළදුම් වලින් සැරසී සිටීම නිසා ඉතා දර්ශනීය ආකාරයෙන් පැවැත්වුනා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මේ දැක්වෙන්නේ තරඟාවලියට පෙර බ්‍රසීල රජය විසින් ප්‍රචාරය කල වීඩියෝව.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මෙයට පෙර වසර 12ක පමණ කාලයක් මේ තරඟාවලි පැවැත්වුවත් මෙවර තමයි මේ තරඟාවලියට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී තිබුනේ. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

බ්‍රසීලයෙන් සහභාබී වුනු ආදී වාසීන් කණ්ඩායම් කිහිපයක් මේ තරඟාවලිය වර්ජනය කර තිබුනා. ඒ ඔවුන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට පිළියම් ලබා දීමට බ්‍රසීල රජය අපොහොසත් වීම නිසා සහ බ්‍රසීලයේ සැඟවී ඇති තවත් ආදී වාසී කණ්ඩායම් වලට මේ තරඟාවලියට ආරාධනා නොකර නිසා බවත් ඔවුන් සඳහන් කරනවා.  

 

 

ඔබේ අදහස්