top of page

ලොව දිගම ගුවන් ගමනේ අසිරිය ..... 

Emirates completes world's longest nonstop flight

මාර්තු මස 2 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට විශේෂ දිනයක් වුනා. ඒ එමිරේට්ස් ගුවන් සමාගම ආරම්භ කල ලොව දිගම ගුවන් ගමන අවසන් කල ප්‍රථම ගුවන් යානය පැය 17 කුත් විනාඩි 15ක් කල් ගෙවා ඩුබායි සිට කි.මී. 14,200ක් දුර ගෙවමින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට ලඟා වීම නිසා.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මේ සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ A 380 ගුවන් යානයක් යොදා ගැනුනා. නමුත් දිනපතා ගුවන් ගමනට  Boeing 777-200LR  යානයක් යොදා ගැනෙනවා. 

 

එමිරේට්ස් සමාගම පවසන්නේ මේ ගමන අවසානයෙදී ඔවුන් බලාපොරොත්තු වුනාටත් වඩා ඉන්ධන ප්‍රමාණයක් ඉතිරී වූ බවත්ය.

 

ඒ වගේම කාලගුණික තත්වයන් හොඳින් අවබෝධ කර ගනිමින් ඩුබායි සිට ඕක්ලන්ඩ් දක්වා අවම කාලයක් තුල පියාසර කිරීමට අවශ්‍ය සියලුම තාක්ෂණික තත්වයන් මේ එමිරේට්ස් ගුවන් යානා සතු බවත් එම සමාගම පවසනවා. එසේම ගුවන් සේවිකාවන්ට මේ ගුවන් ගමන වෙනුවෙන් විශේෂ පුහුණුවීම් ලබා දී තිබෙනවා. 

 

මීට පෙර ඩුබායි සිට පැනමා සිටි දක්වා පය 13ක කාලයක ගුවන් ගමන මේ වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ කරන්නට තිබුනත් දකුණු ඇමෙරිකානු බලධාරීන් සමග එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම නිසා තවමත් ඒ ගමන් ආරම්භ කිරීමට හැකිවී නැහැ. 

 

මේ ගුවන් ගමන නිසා ඔස්ට්‍රේලියාව හෝ සිංගප්පුරුව හෝ තායිලන්තය හරහා පියාසර නොකර අවම කාලයක් තුල නවසීලන්තය වෙතට පියාසර කිරීමට හැකිවීම නිසා මේ ගුවන් ගමන සංචාරකයින් අතර බොහෝ ජනප්‍රිය වෙනු ඇති එමිරේට්ස් සමාගම තව දුරටත් පවසනවා.

 

මේ නිසා දැන් ඕක්ලන්ඩ් නගරයේ සිට ඩුබායි හරහා මොස්කව් හෝ ලන්ඩන් නුවරට පැය 22ක් වැනි කාලයක් තුල ගුවන් ගමනක යෙදෙන්න පුළුවන්. 

 

අනුග්‍රහය - Emirates Media Centre

 

 

Я заголовок. Дважды кликните по мне!

ඔබේ අදහස්   

තවත් පුවත් 

රුවන්ඩාව ගැන මගේ හිත තුල මෙතරම් ආදරයක් ඇති වනු ඇති බව නම් මා කවදාකත් විශ්වාස නොකලෙමි. රුවන්දාවට පැමිණීමට පෙර  ඒ රට ගැන මා සිතා සිටියේ උන සංවර්ධිත දරිද්‍රතාවයෙන් පෙලෙන අනාරක්ෂිත රාජ්‍යයක් බවයි. වසර කිහිපයකට  උඩදී මා නැරඹු රුවන්ඩා හෝටලය නමැති...

Please reload

Please reload

ජයාරූප පුවත්    

Please reload

bottom of page