රෝස නගරය පෙට්‍රා 

ජෝර්දානය

ජෝර්දානයේ නිරිත දිග ප‍්‍රදේශ වලින් හමුවන පෙට‍්‍රා නගරය ඉදිකර තිබෙන්නේ, පස් කපා, සැකසූ උස් බිමකයි. මේ වනවිට සමහරුන් එය හඳුන්වන්නේ “මෝසෙස් ගේ මිටියාවත” ලෙසයි. අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති පෙට්‍රා නගරය කාන්තාරික දේශගුණික තත්වයන්ට මුහුන දීමට හැකි වන පරිදි නිර්මානය කොට තැබීම විශේෂයකි. එසේම පිහිටි ගලෙහිම නිර්මානය කරන ලද ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මානශිල්පයේ සුවිශේෂී ලක්ෂණයකි. මධ්‍යධරණී ප‍්‍රදේශ වලට මායිම් වූ අරාබි කාන්තාරයේ ප‍්‍රධාන වෙළෙඳ මාර්ග දෙකක් යා කරමින් පෙට‍්‍රා නගරය විටෙක ගිමන් හලක් වුණා. සිය ගමනාන්තයට පෙර ජලය ලබාගන්නට හැම තවලම් කරුවෙක්ම පෙට‍්‍රා නගරයට පැමිණිය යුතුව තිබුණා. පෙට‍්‍රා නගරය එකල එතරම්ම සුවිශේෂී සුන්දර තැනක් වුණා. ගැල් කරුවන්ට ජලය, ආහාර, නවාතැන්, මේ සියල්ල තිබුණේ පෙට‍්‍රා නගරයේයි. කුළුබඩු, සුවඳ විලවුන් හා වෙනත් ද්‍රව්‍ය ආහාර හා නවාතැන් වෙනුවෙන් හුවමාරු වුණත්,යුරෝපයේ අනගි ප‍්‍රදේශවලින් එකතු කරගත් කුළුබඩුත් සුවඳ දියරත් මේ ක්ෂේම භූමියේ දී අසාධාරණ ආකාරයෙන් නගරවාසීන් සතු වුණා.කෙසේ වෙතත් කාන්තාරයේ වූ යෝධ ගල්කුළු සහිත පටු මාර්ග කපා කොටා ඉදිකළ ඒ නගරයේදී කිසිවෙකුටත් ඊට එරෙහි වන්නට බැරි වූයෙ, ඒ නගරය අරාබි කාන්තාරයට එතරම්ම අපූරු නගරයක් වූ නිසයි. අද, එය අතීතයෙන් මතුවූ නගරයක් පමණක් වුණත්, විද්‍යාඥයින් එහි නගර සැලසුම් ගැන තවමත් ගවේශණයේ යෙදෙනවා.                    (සමුද්‍රිකා වර්ණකුල)

  • Wix Facebook page
  • YouTube Social  Icon
Please reload